පඬුවස්නුවර රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර පූජා නගරය දකුණු අන්තයට වන්නට පිහිටා තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකා රජය විසින් මෙම ස්ථානය පුරාවිද්‍යා ආරක්‍ෂිත භූමියක් ලෙස නම් කොට තිබේ.
| පඬුවස්නුවර රජ මහා විහාරය | |
|---|---|
පුරාණ ටැම්පිට විහාර ගොඩනැගිල්ල | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | පඬුවස්නුවර, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 07°35′50.3″N 80°06′30.8″E / 7.597306°N 80.108556°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| පළාත | වයඹ පළාත |
| උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
| ගෘහනිර්මාණ ශෛලිය | ටැම්පිට විහාරය |
පැරණි ඉදිකිරීම්
විහාර පරිශ්‍රයෙහි මහනුවර කලා ශෛලියට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවමින් යුත් ටැම්පිට ප්‍රතිමා ගෘහයක් දැකගත හැකිවේ. ඒ ආසන්නයේම ස්තූපය හා නව විහාර මන්දිරය ඉදිකොට ඇත. විහාරයේ වූ බෝධිය පෞරාණික බෝධි රුකක් සේ සැළකේ. බෝධිය අසල පියගැටපෙල අබියස දෙවන උදය රාජ්‍ය සමයට (ක්‍රි.ව. 887-898) අයත් ශිලාමය අත්තානි කණු ලිපියක් පවතියි.
චක්‍රවාලය
විහාර පරිශ්‍රයට වහාම නුදුරින් චක්‍රවාලය නම් ඉදිකිරීම දැකගත හැකිවේ. පළමුවන පරාක්‍රමබාහු, මහ රජු බවට පත්ව රජවල් හතකට අධිපති වූ බවට ප්‍රතිඥා දුන් ස්ථානය මෙය බව පුරාවිද්‍යා මතයයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන හා චාල්ස් ගොඩකුඹුර යන මහත්වරුන් විසින් 1953 වර්ෂයේ සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව මෙය චක්‍රවාල කොට්ටේ ලෙස සඳහන් කර තිබේ. මෙවන් ඉදිකිරීමකට සමාන වෙනත් නිර්මාණයක් මෙරට කිසිදු පුරාවිදයා භූමියකින් හමුවී නැති බවද පැවසෙයි. කෙසේ නමුදු මෙහි වූ ඉදිකිරීම් රටාව අනූව ප්‍රාදේශීය වැසියන් විසින් මෙම ව්‍යුහය, උන්මාද චිත්‍රාවන් සිරකොට තිබූ එක්ටැම්ගෙය ලෙස වරදවා හඳුන්වනු ලබයි.
දළදා මැදුර
විහාර පරිශ්‍රය තුල, අඩි 5 ක් පමණ උස වේදිකාවක් මත ගල් කණු යොදා ඉදිකොට ඇති, ශිලාමය පඩිපෙළ හා කැටයම් ආදියෙන් සමන්විත ගොඩනැගිල්ලක් දැකගත හැකිවන අතර එය දළදා මැදුර ලෙස හඳුනාගෙන තිබේ. දන්ත ධාතූන් වහන්සේ මෙම ස්ථානයේ තැන්පත් කොට පුද පූජා සිදුකොට ඇති බව පැරණි මූලාශ්‍රවලින් හෙළිකෙරේ.
මූලාශ්‍ර
- "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2016.
- "23 වැනිදා වීදි සංචාරය කරන පඬුවස්නුවර දළදා පෙරහර". සිළුමිණ. 18 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පඬුවස්නුවර රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, පඬුවස්නුවර රජ මහා විහාරය යනු කුමක්ද? පඬුවස්නුවර රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?