පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
දිස්ත්‍රික්කයත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය- 2021

ග්‍රාම නිලධාරී කොට්ඨාශය ජනගහනය වර්ග කි.මි. ප්‍රමාණය ජන ඝනත්වය
31 ඩී ශ්‍රීපුර 2063 23 89.70
31 එෆ් පරණමැදවච්චිය 1041 47 22.15
31 එච් කාවන්තිස්සපුර 586 10 58.60
31 අයි ජයන්තිවැව 2164 16 135.25
31 ජේ සිංහපුර 983 24 40.96
31 කේ සේවාජනපදය 2320 34 68.24
31 එල් ශ්‍රී තිස්සපුර 1662 20 83.10
31 එම් සමන්පුර 1478 19 77.79
31 එන් ගැමුණුපුර 527 12 43.92
31 පී ලස්සනගම 794 12 66.17
එකතුව 13618 217 62.75

ග්‍රාම නිළධාරි වසම්

1.     31 කේ සේවාජනපදය                 ව.කි.මි.         34

2.     31 ඩී ශ්‍රීපුර                                 ව.කි.මි.         23

3.     31 අයි ජයන්තිවැව                     ව.කි.මි.         16

4.     31 එන් ගැමුණුපුර                       ව.කි.මි.         12

5.     31 එච් කාවන්තිස්සපුර                ව.කි.මි.         10

6.     31 පී ලස්සනගම                         ව.කි.මි.         12

7.     31 එම් සමන්පුර                         ව.කි.මි.         19

8.     31 එෆ් පරණමැදවච්චිය               ව.කි.මි.         47

9.     31 එල් ශ්‍රීතිස්සපුර                       ව.කි.මි.        20

10. 31 ජේ සිංහපුර                           ව.කි.මි.        24

ආර්ථිකය

වර්ග කිලෝමීටර් 217ක් පමණ වු වපසරියක විහිදී ඇති පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නැගෙනහිරින් හා උතුරින් මුලතිව් දිස්ත්‍රික්කයටත් දකුණින් හා බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මායිම්ව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටි රමණීය භූමි භාගයකි. සමස්තයක් වශයෙන් මෙම ප්‍රදේශය භූ විෂමතා කලාප වෙන් කිරීමට අනුව වෙරළබඩ තැනිතලා ප්‍රදේශයට අයත් වන අතර තැනින් තැන පිහිටි කදුගැට  කිහිපයකින්ද සමන්විත වේ. ප්‍රදේශයේ වාර්ෂිකව වියළි දේශගුණයක් පවතින අතර සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 1500 – 2000 ක් අතර ප්‍රමාණයකි. ජල කළමනාකරණ පද්ධතිය පිරික්සිමේ දී ප්‍රදේශය පුරා විසිරුණු වැව් පද්ධතියක සළකුණු දැකිය හැකි බැවින් “ ගමයි පන්සලයි වැවයි දාගැබයි ” සංකල්පය හා බැදුණු සංස්කෘතියක් හදුනාගත හැකිය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පදවිය වැව හා බැදුණු ගොවිජනපද ව්‍යාපාරය 1956 වර්ෂයේ දී පමණ ඇරඹුණු අතර ප්‍රදේශය පුරා විහිදුණු වාරිමාර්ග පද්ධතියක් දක්නට ලැබේ. පස පිළිබද නිරීක්ෂණය කිරීමේ දී වී වගාවට යෝග්‍ය දියළු පස හා අනෙකුත් වගාවන් සදහා සුදුසු රතු දුඹුරු පසද ප්‍රදේශය පුරා දක්නට ඇති අතර තැනින් තැන කුඩා ගල් සහිත බොරළු පසක ස්වභාවයක් ද පෙන්නුම් කෙරේ.මෙම ප්‍රදේශයට ඊසාන දිග මෝසම් සුලං මගින් වර්ෂාව ලැබෙන අතර වාසුලි මගින්ද වර්ෂාව ලැබේ.එහෙත් 2020 වර්ෂය දක්වා මහකන්නය පමණක් සාර්ථකව වී වගාකළ අතර  2020 වර්ෂයේ යාංඔය ජලාශයෙන් ජයන්තිය වැවට ජලය ලැබීමත් සමගම යල මහ දෙකන්නයම වී, අතිරේක භෝග හා ගෙවතු වගා කටයුතු කිරීමෙන්  ජන ජීවිතයේ නව පිබිදීමක ලකුණු මතුවී තිබේ.


මුල් කාලයේ වැඩි පිරිසකගේ පානීය ජල අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ලවණතාවය අධික ගල්කුඩු සහිත භූගත ජලය ළිං මාර්ගයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත. පසු කාලයේ ප්‍රදේශය පුරා වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් සමගම පිරිපහදු ජලය බීමට  ජනතාව පුරුදු විය.  මේ සඳහා  ප්‍රදේශය පුරා ප්‍රති ආශ්‍රැති ජලපෙරණ යන්ත්‍ර සවිකර ඇති අතර එමගින් පානීය ජල අවශ්‍යතාවය සපිරේ. වෘක්ෂලතා වල ව්‍යාප්තිය සලකා බලන කල ප්‍රදේශයට ආවේණික වීර, පලු, කලුවර, බුරුත හා වෙළන් වැනි අරටුව සහිත දැව වර්ගත් සාමාන්‍යයෙන් වියළි කලාපයට ආවේණික ශාකත් කටුපදුරු සහිත ලදු කැලෑ ද තැනින් තැන දැක ගත හැකිය.


පදවි ශ්‍රිපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ත්‍රිකුණාමලය නගරයට කි.මි. 136ක් පමණ බටහිර දෙසින්ද, අනුරාධපුර නගරයට උතුරු දෙසින් කි.මි. 120ක් පමණ දුරකින් ද මුලතිව් දිස්ත්‍රික්ක මායිමේ වැලිඔය ජනපදයට දකුණු දෙසින් කි.මි.3ක් පමණ දුරකින් පිහිටි වර්ග කි.මි. 217ක් පමණ විශාලත්වයකින් යුතු ප්‍රදේශයකි. එහි ග්‍රාම නිලධාරී වසම් 10කි.


ප්‍රාදේශීය ලේකම්- වර්තමාන

ඩී.එම්.එස්.දිසානායක මහතා

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?