පවිත්‍රා වන්නිආරච්චි

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු අමාත්‍යවරියක වේ.

පවිත්‍රා වන්නිආරච්චි
Pavithra Wanniarachchi
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
තනතුර දරමින්
19 ජනවාරි 2023 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
අනුප්‍රාප්තිකයාවිජිත හේරත්
ප්‍රවාහන අමාත්‍ය
තනතුර දරමින්
16 අගෝස්තු 2021 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාගාමිණී ලොකුගේ
අනුප්‍රාප්තිකයාදිලුම් අමුණුගම
සෞඛ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 16 අගෝස්තු 2021
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාරාජිත සේනාරත්න
අනුප්‍රාප්තිකයාකෙහෙළිය රඹුක්වැල්ල
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාචන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ
අනුප්‍රාප්තිකයාපියල් නිශාන්ත ද සිල්වා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාචම්පික රණවක
අනුප්‍රාප්තිකයාචම්පික රණවක
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2010 – 28 ජනවාරි 2013
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාතිස්ස විතාරණ
අනුප්‍රාප්තිකයාචම්පික රණවක
ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 22 නොවැම්බර් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාඅනුර බණ්ඩාරනායක (2007)
අනුප්‍රාප්තිකයාජගත් බාලසූරිය
යෞවන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාජීවන් කුමාරණතුංග
අනුප්‍රාප්තිකයාඩලස් අලහප්පෙරුම
සමෘද්ධි හා දිළිඳුකම පිටුදැකීමේ අමාත්‍ය
තනතුර දරමින්
10 අප්‍රේල් 2004 – 28 ජනවාරි 2007
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාචන්ද්‍රිකා කුමාරතුංග
අනුප්‍රාප්තිකයාසජිත් ප්‍රේමදාස (2015)
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය
තනතුර දරමින්
19 ඔක්තෝබර් 2000 – 12 දෙසැම්බර් 2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයා"තනතුර පිහිටුවා ඇත"
අනුප්‍රාප්තිකයාපැටිකිරිගේ දයාරත්න 2007
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
7 නොවැම්බර් 2018 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
අමාත්‍යවරයාගාමිණී ලොකුගේ
පූර්වප්‍රාප්තිකයාඅර්ජුන රණතුංග
අනුප්‍රාප්තිකයාකබීර් හෂීම්
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
14 සැප්තැම්බර් 2001 – 10 අප්‍රේල් 2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
මහින්ද රාජපක්ෂ
අමාත්‍යවරයාගාමිණී අතුකෝරළ
පූර්වප්‍රාප්තිකයාමුනිදාස ප්‍රේමචන්ද්‍ර
අනුප්‍රාප්තිකයාටී.බී. ඒකනායක
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
25 අගෝස්තු 1994 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත
පවිත්‍රා දේවි වන්නිආරච්චි

නොවැම්බර් 10, 1964 (1964-11-10) (වයස 61)
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
කලත්‍රයාකාංචන ජයරත්න
පදිංචිය(s)C42 කැප්පෙටිපොළ මාවත, කොළඹ 05
රැකියාවනීති උපදේශක, දේශපාලක

අතීතය

පවුල් පසුබිම

පවිත්‍රා උපත ලබන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු දේශපාලකයකු වන ධර්මදාස වන්නිආරච්චිගේ වැඩිමහල් දියණිය වශයෙනි. ධර්මදාස වන්නිආරච්චි 1965 වර්ෂයේ සිට 1977 වර්ෂය දක්වා පැල්මඩුල්ල ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී. පසු කාලීනව එතුමාට වයඹ පළාත් ආණ්ඩුකාරධූරය හිමි විය.

අධ්‍යාපනය

සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර අනතුරුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරීය. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නේය.

විවාහ දිවිය

ස්වාමිපුරුෂයා වන කංචන ජයරත්නවේ.

දේශපාලන පිවිසීම

සිරිමාවෝ බ‍ණ්ඩාරනායක ගේ ආරාධනයෙන්[තහවුරු කර නොමැත] ක්‍රි.ව. 1990 දී දේශපාලන දිවියට පිවිසුණාය. ක්‍රි.ව. 1993 දී සබරගමුව පළාත් සභාවටද, අනතුරුව 1994 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේනතුවටද තේරී පත්විය.

දේශපාලන තනතුරු

දීර්ඝ දේශපාලන ගමනකට පිවිසෙන ඇය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරු දැරීය. එතුමිය 2000 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානම කොටසක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරිය ලෙසත් එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංගමයේ උපසභාපතිවරිය ලෙසත් පත්විය. 2008 වර්ෂයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ මන්ත්‍රී සංගමයේ සභාපතිධුරය සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.

2013 වර්ෂයේ ජනවාරි මසදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස වැඩ බාරගන්නා එතුමිය ඒ වන තෙක් තාක්ෂණික හා පර්යේෂණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස 2010 වර්ෂයේ නොවැම්බර් මස සිට කටයුතු කරන ලදී. 2010 වර්ෂයේදී සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2008 වර්ෂයේදී තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2004 වර්ෂයේදී සමෘද්ධි හා දිළිඳුකම පිටු දැකීමේ අමාත්‍යවරිය ලෙසත් 2000 වර්ෂයේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළේය. එමෙන්ම එතුමිය 1994 වර්ෂයේදී සෞඛ්‍ය, මහාමාර්ග, සමාජසේවා සහ සුභසාධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කරන ලදී.

සටහන්

  1. 2019 නොවැම්බර් 22 සිට 2020 අගෝස්තු 12 දක්වා සෞඛ්‍ය සේවා සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය.
  2. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලෙසයි
  3. මෙම තනතුර 2007 දෙසැම්බර් 14 සිට 2010 අප්‍රේල් 23 දක්වා පුරප්පාඩු විය.
  4. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසයි
  5. මෙම තනතුර 2007 ජනවාරි 28 සිට 2015 ජනවාරි 12 දක්වා පුරප්පාඩු විය.
  6. නිවාස හා සමෘද්ධි අමාත්‍ය ලෙසයි
  7. මෙම තනතුර 2001 දෙසැම්බර් 12 සිට 2007 ජනවාරි 28 දක්වා පුරප්පාඩු විය.
  8. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලෙසයි
  9. මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පවිත්‍රා වන්නිආරච්චි පිළිබඳ තොරතුරු, පවිත්‍රා වන්නිආරච්චි යනු කුමක්ද? පවිත්‍රා වන්නිආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?