පාවා

මුල් පිටුව | පාවා

පාවා (වර්තමාන පාද්‍රෞනා) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියානු නගරයක් වන අතර, එය මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේගේ සමයේ වැදගත්කමක් ඉසිලී ය. මල්ල රජ දරුවන්ගේ නගරයක් වූ මෙම ස්ථානය වෙත බුදුන් වහන්සේ සිය අවසන් චාරිකාවෙහි දී පැමිණ තිබේ. එහි දී භෝගගාමයේ සිට පැමිණි උන් වහන්සේ චුන්දයන්ගේ අඹ වනයේ විවේක ගෙන තිබේ. පාවාව පිහිටියේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් සිට කිලෝමීටර 15 පමණ නැගෙනහිරට් වන්නට ය.

පාවාවේ විසූ චුන්ද බුදුන් වහන්සේට අවසන් දානය පිළිගැන්වී ය. මෙම අවස්ථාවේ දී චුන්ද සූත්‍රය දේශනා කරන ලදී. පාවා සිට බුදුන් වහන්සේ කක්කුට්ඨ ගඟ තරණය කොට කුෂිනගර් වෙත වැඩම කළහ.

සංගීති සූත්‍රය අනුව, බුදුන් වහන්සේ පාවා හි වැඩසිටින සමයේ මල්ලයන් විසින් සිය උබ්භතක නම් ශාලාව විවෘත කළ අතර, බුදුන් වහන්සේ එහි ප්‍රථම වරට ධර්ම දේශනයක් කොට තිබේ. බුදුන් වහන්සේගේ දේශනයෙන් පසු, සාරිපුත්ත රහතන් වහන්සේ විසින් සංගීති සූත්‍රය සජ්ඣායනය කොට ඇත.

ආශ්‍රේයයන්

  1. SNA.i. 159
  2. D.ii.126 ff.; Ud.viii.5; the road from Pava to Kushinagar is mentioned several times in the books Vin.ii.284; D.ii.162.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාවා පිළිබඳ තොරතුරු, පාවා යනු කුමක්ද? පාවා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.