බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන ඇති අතර ලංකා‍වේ ඉදිකළ ප්‍රථම නිදහස් ‍වෙළඳ ‍‍ගොඩනැගිල්ල ‍‍ලෙසද මෙය සැල‍කේ.

1889 දී ඉදිකොට ඇති ‍මෙම වෙළඳපොළ, ‍‍‍වෙල්යායක් ආසන්නයේ ඉදිකොට ඇති බැවින් වෙ‍ලේක‍ඩේ පැරණි වෙළඳපොළ ලෙස ප්‍රසිද්ධ වී තිබේ. ‍‍British Architecture in Sri lanka නම් කෘතියෙහි ‍මෙම ස්ථාන‍‍ය පිළිබඳව තොරතුරු විස්තර කොට ඇත.


වාස්තු ආකෘතිය

අෂ්ටාශ්‍රාකාර හැඩය සහිත මැද මිදුලකින්, ඇතුල් වී‍‍මේ දොරටු හතරකින්, කුරුසාකාර අංගන හතරකින් සහ මුදුන් වහළයක් හා පහත වහළයක් සහිතව ‍මෙම ‍‍ගොඩනැගිල්ල නිර්මාණය ‍කොට ති‍බේ. අතීතයේ මෙම ‍‍ගොඩනැගිල්ල ලී ආරුක්කු සහිතව ඉදි කොට තිබූ බවට පැවසෙයි. වර්තමානයේදී මෙම පැරණි ‍‍‍‍‍වෙළඳපොළ ගොඩනැගිල්ල, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම සුරැ‍කෙන පරිදි පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට තිබේ.

මූලාශ්‍ර

  1. "වෙ‍‍ලේක‍‍‍ඩේ පැරණි ‍‍‍‍‍වෙළඳ ‍‍පොළ". පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුව. 29 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.
  2. "බදුල්ල පබ්ලික් මාකට් වන් ඔෆ් අ කයින්ඩ්". infolanka.com. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ පිළිබඳ තොරතුරු, බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ යනු කුමක්ද? බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ යනු කුමක් දර්ශනය කරන්නේ?