බැසිල් රාජපක්ෂ

මුල් පිටුව | බැසිල් රාජපක්ෂ

බැසිල් රෝහණ රාජපක්ෂ (බැසිල් රාජපක්ෂ) මහතා ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය තුලින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා හා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වේ. මීට පෙර 2005 වසරේ පැවැති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පලමු ධූර කාලය තුලදී බැසිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කලේය. ඉන්පසු 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුනු බැසිල් මහතා එහිදී පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ධූරය ඔහුට හිමිවිය. බැසිල් රාජපක්ෂ මහතාගේ පියා වූවේ කීර්තිමත් දේශපාලඥයෙක් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතායි. බැසිල් මහතා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලය යෙනි .

ගරු
බැසිල් රාජපක්ෂ
මුදල් අමාත්‍ය
තනතුර දරමින්
8 ජූලි 2021 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාඅලි සබ්‍රි
ආර්ථික සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 9 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාකාර්යාලය පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
8 ජූලි 2021 – 9 ජූනි 2022
පූර්වප්‍රාප්තිකයාජයන්ත කැටගොඩ
අනුප්‍රාප්තිකයාධම්මික පෙරේරා
තනතුර දරමින්
19 සැප්තැම්බර් 2007 – 9 පෙබරවාරි 2010
පූර්වප්‍රාප්තිකයාමොහොමඩ් ඉස්මයිල් අන්වර් ඉස්මයිල්
ගම්පහා දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාපුෂ්පා රාජපක්ෂ
පදිංචිය(s)C 79, Gregory Avenue,
Colombo 07, Sri Lanka.
උගත් ශාස්ත්‍රාලයආනන්ද විද්‍යාලය
වෙබ් අඩවියOfficial Website

දේශපාලන දිවිය

1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ඡන්ද බල පෙදෙසට තරඟ කල බැසිල් මහතා ඉන් පරාජයට පත්විය. පසුව 1982 දී ශ්‍රී ලංකාවේ පලමු විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන සමයේ පැවැති ජන මත විමසුමට සහය දක්වමින් බැසිල් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය. පසුව පැමිණි ගාමිණි දිසානායක මහතා යටතේද වැඩ කල බැසිල් මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාගේ දෝශාභියෝගය බිඳවැටීමෙන් පසු එක්සත් ජනපදය වෙත යන ලදී.

පසුව නැවතත් මව් බිම කරා පැමිණි බැසිල් මහතා 2010 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද ඉතිහාසගත ලෙස මනාප ඡන්ද ලක්ෂ 4 කට (400000 +) වඩා ලබා ගනිමින් ශ්‍රී ලංකා දේෂපාලනයේ සුවිශේෂී ස්ථානයක් ගොඩනගා ගන්නා ලදී. එලෙසම ඔහු ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්ථවාදය තිබූ අවදියේ, සොයුරු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සවියක් වෙමින් විශාල වැඩ කොටසක් ඉටු කල බව සඳහන්ය.

පෞද්ගලික ජීවිතය

පුෂ්පා රාජපක්ෂ සමග විවාහ වූ බැසිල් මහතා වර්ථමානයේ තිදරු පියෙකි.

මේවාද බලන්න

  • මහින්ද රාජපක්ෂ
  • චමල් රාජපක්ෂ
  • රාජපක්ෂ පවුල

මූලාශ්‍ර

  1. New Cabinet sworn in Daily Mirror (Sri Lanka), Retrieved on 23rd April 2010.
  2. 1977 Parliamentary Elections Results සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine.
  3. Can Basil rescue Mahinda’s sinking ship?.

බාහිර සබැදි

  • Business Today: Basil Rajapaksa The Force Unseen සංරක්ෂණය කළ පිටපත 2011-04-18 at the Wayback Machine
  • The Rajapaksa Ancestry
  • Parliament profile

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බැසිල් රාජපක්ෂ පිළිබඳ තොරතුරු, බැසිල් රාජපක්ෂ යනු කුමක්ද? බැසිල් රාජපක්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.