මිරිජ්ජවිල උද්භිද උද්‍යානය

මුල් පිටුව | මිරිජ්ජවිල උද්භිද උද්‍යානය

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
පිහිටීමමිරිජ්ජවිල, හම්බන්තොට,  ශ්‍රී ලංකාව
වපසරියඅක්කර 300
තත්වයවසර පුරා විවෘතයි
ඉදිකිරීම2013 නොවැම්බර් 14

පිහිටීම

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත.

ඉදිකිරීම

2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.

උද්‍යාන අංග

කොහොඹගස් වැව, මලිත්තන්ගස් වැව සහ දෙමටත්ත වැව යන වැව් තුනකින් උද්‍යානය සමන්විත වෙයි. උද්‍යාන පරිශ්‍රය තුල තෙතමනය සහ සිසිලස රඳවා ගැනීම උදෙසා මෙම වැව් සකසා තිබෙයි.

උද්‍යානය ඉදිකිරීමේ අරමුණු

ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම් :

  • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
  • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
  • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
  • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
  • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
  • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

විවෘත කිරීම

2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.

මේවාද බලන්න

  • පේරාදෙණිය උද්භිද උද්‍යානය
  • හක්ගල උද්භිද උද්‍යානය
  • හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය
  • සීතාවක උද්භිද උද්‍යානය

ආශ්‍රිත

  1. සංරක්ෂිත පිටපත, http://www.srilanka.travel/botanical-gardens, ප්‍රතිෂ්ඨාපනය 2014-09-16 
  2. සංරක්ෂිත පිටපත, http://www.srilanka.travel/botanical-gardens, ප්‍රතිෂ්ඨාපනය 2014-09-16 
  3. සංරක්ෂිත පිටපත, http://www.botanicgardens.gov.lk/mirijjawila/, ප්‍රතිෂ්ඨාපනය 2014-09-16 
  4. සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2013/11/24/fea05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-09-16 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය පිළිබඳ තොරතුරු, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය යනු කුමක්ද? මිරිජ්ජවිල උද්භිද උද්‍යානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.