යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
| යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය | කෑගල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
විකාශනය
සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.
ඉන් පසු 1944දී බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ ගම්මුලාදෑනි කොට්ඨාශ 11කින් සමන්විත දෙහිගම්පල් කෝරලේ සහ පාත බුලත්ගම ආදායම් පාලක කොට්ඨාශයට මෙම ප්‍රදේශය අයත්වී තිබිණි.
පසුකාලිනව ගම්මුලාදැනි තනතුර ග්‍රාම සේවක තනතුර වශයෙන් වෙනස් වු අතර ආදායම් පාලක නිලධාරිතනතුර ප්‍රාදේශීය අප දිසාපති වශයෙන්ද වෙනස් වී සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන නමට පරිවර්තනය විය. මෙකි කාලයේදි පෙර පැවතිගම්මුලාදෑනි කොට්ඨාශ 11 ග්‍රාම සේවක වසම් 50ක් දක්වා වර්ධනය විය.
1992 දී කච්චේරි ක්‍රමය අහෝසි වීමත් සමග උප දිසාපති කොට්ඨාශ බවටද සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුර ප්‍රාදේශීය ලේකම් තනතුර බවටද පත්විය.
2000 වසරේදි මෙම කොට්ඨාශයෙන්ද ග්‍රාම නිලධාරි වසම් 20ක් සම්බන්ධ කර ගැනීමෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය නව ලේකම් කොට්ඨාශය පිහිට වු අතර එතැන් සිට මේ දක්වා ඉතිරි වු ග්‍රාම නිලධාරි වසම් 32න් සමන්විත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිර්මාණය විය.
ජනගහනය
| වසම | ජනගහන එකතුව | ගැහැණු | පිරිමි | පවුල් සංඛ්‍යාව | සමෘද්ධි ලාභින් |
|---|---|---|---|---|---|
| යටියන්තොට | 2948 | 1548 | 1400 | 699 | 244 |
| පරුස්සැල්ල | 2842 | 1467 | 1375 | 805 | 209 |
| කබුළුමුල්ල | 3395 | 1759 | 1636 | 1012 | 210 |
| මහවිල | 1588 | 826 | 462 | 429 | 211 |
| ගල්පාත | 2380 | 1276 | 1104 | 695 | 280 |
| අමනාවල | 4876 | 2625 | 2251 | 1253 | 307 |
| ගරාගොඩ පහල | 2442 | 1336 | 1106 | 597 | 219 |
| ගරාගොඩ ඉහල | 1356 | 697 | 659 | 340 | 146 |
| මීගස්තැන්න | 2261 | 1150 | 1111 | 548 | 209 |
| පැලැල්ලේගම | 2127 | 1076 | 1051 | 622 | 156 |
| අමනාවල | 1577 | 800 | 777 | 751 | 212 |
| බෙරන්නාව | 1134 | 577 | 557 | 326 | 203 |
| සීපෝත් | 1693 | 884 | 809 | 580 | 174 |
| දොඹේපොල | 2064 | 1024 | 1040 | 608 | 260 |
| මලල්පොල | 1564 | 794 | 770 | 422 | 159 |
| ජයවින්දාගම | 2715 | 1418 | 1297 | 745 | 287 |
| ගෝනගමුව | 1566 | 817 | 749 | 515 | 162 |
| තැලිගම | 1959 | 1032 | 927 | 487 | 171 |
| නෙළුවතුකන්ද | 1108 | 584 | 524 | 306 | 109 |
| කිතුල්ගල උතුර | 1609 | 847 | 762 | 425 | 122 |
| මහබාගේ | 1197 | 620 | 577 | 280 | 126 |
| කිතුල්ගල දකුණ | 1449 | 791 | 658 | 341 | 114 |
| මල්වත්ත | 1399 | 726 | 673 | 420 | 143 |
| කළුකොහුතැන්න | 1579 | 818 | 761 | 402 | 104 |
| දුණුකේදෙනිය | 1063 | 580 | 483 | 314 | 165 |
| කිරිකොහුතැන්න | 1271 | 672 | 599 | 562 | 403 |
| ගනේපල්ල | 1977 | 1010 | 967 | 568 | 197 |
| වැලිහෙලතැන්න | 1847 | 965 | 882 | 570 | 308 |
| පොල්පිටිය | 1105 | 580 | 525 | 317 | 185 |
| වීරගල්ල | 1174 | 589 | 585 | 306 | 126 |
| නවට | 1166 | 615 | 551 | 328 | 120 |
| හක්බෙල්ලාවක | 1748 | 891 | 857 | 468 | 141 |
ග්‍රාම නිළධාරි වසම්
01 යටියන්තොට
02 පරුස්සැල්ල
03 කබුළුමුල්ල
04 මහවිල
05 ගල්පාත
06 අමනාවල
07 ගරාගොඩ පහල
08 ගරාගොඩ ඉහල
09 මීගස්තැන්න
10 පැලැල්ලේගම
11 අමනාවල
12 බෙරන්නාව
13 සීපෝත්
14 දොඹේපොල
15 මලල්පොල
16 ජයවින්දාගම
17 ගෝනගමුව
18 තැලිගම
19 නෙළුවතුකන්ද
20 කිතුල්ගල උතුර
21 මහබාගේ
22 කිතුල්ගල දකුණ
23 මල්වත්ත
24 කළුකොහුතැන්න
25 දුණුකේදෙනිය
26 කිරිකොහුතැන්න
27 ගනේපල්ල
28 වැලිහෙලතැන්න
29 පොල්පිටිය
30 වීරගල්ල
31 නවට
32 හක්බෙල්ලාවක
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | තනතුර | සිට | දක්වා |
|---|---|---|---|
| එල්.බි. පෙතියාගොඩ මයා | ආදායම් පාලක නිලධාරි | 1944 | 1950 |
| එල්.බි. උදලාගම | එම | 1950 | 1955 |
| ලවන ඩී මදුරාවල මයා | එම | 1955 | 1962 |
| එන්.ඒ.නවරත්න මයා | එම |
| 1963 |
| එම්.එම්. සමරකෝන් මයා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | 1963 | 1966 |
| කේ.එම්. අබේසිංහ මයා | එම |
| 1968 |
| ජේ.ඒ. කීර්තිරත්න මයා | එම |
| 1969 |
| ආර්.කේ.හර්ෂන ප්‍රනාන්දු මයා | - එම - | 1969 | 1971 |
| එම්.ජේ. ප්‍රනාන්නදු මයා | - එම - | 1971 | 1972 |
| පි. හේවාවසම් මයා | - එම - | 1972 | 1972 |
| වර්නන් මාපිටිගම මයා | - එම - | 1972 | 1975 |
| ජේ.එච්.එම්.රණවීර මයා | ප්‍රාදේශීය උප සභාපති | 1976 | 1978 |
| ඩබ්.ඩබ්. පෙරේරා මයා | - එම - | 1978 | 1982 |
| ජේ.ආර්.එස්.එස්. පරාක්‍රම මයා | - එම - | 1982 | 1983 |
| ආර්.ද.එස්. වඩුතන්ත්‍රි මයා | සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1984 | 1987 |
| එල්.එස්. අතාවුද මයා | - එම | 1994 | 1995 |
| කේ.පී. පෙරේරා මයා | - එම | 1992 | 1993 |
| එස්.පී. සුනිල් හේවා මයා | ප්‍රාදේශිය ලේකම් | 1993 | 1994 |
| එල්.එස්. අතාවුද මයා | - එම | 1994 | 1995 |
| කේ.පි. පෙරේරා මයා | - එම | 1995 | 1996 |
| එස්.ඩබ්. අතුල මයා | - එම | 1996 | 1996 |
| ආර්.ඒ.ඒ.කේ. රණවක මයා | - එම | 1996 | 2000 |
| පී. රාජපක්ෂ මයා | - එම | 2000 | 2002 |
| එල්.ඒ.පි.යු ලියනආරච්චි මයා | - එම | 2002 | 2005 |
| එස්.පි. බණ්ඩාර මයා | - එම | 2005 | 2006 |
| විජේකෝන් මයා | - එම | 2006 | 2008 |
| ඩි.ජී.පී.අයි. අමරසිංහ මිය | - එම | 2006 | 2008 |
| නයනානන්ද නිල්වල මයා | - එම | 2008 | 2009 |
| එල්.කේ. ප්‍රේමරත්න මයා | - එම | 2009 | 2010 |
| පී.සි.ඩි. සිගේරා මිය | ඒම | 2010 | 2014 |
| මානෙල් කුලරත්න මිය | ඒම | 2015 | 2017 |
| සමන් අනුර මහතා | ඒම | 2017 | මේ දක්වා |
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංරක්ෂණය කළ පිටපත 2017-11-18 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?