විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා

1979 දී ස්ථාපනය කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) වනාහි ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන සපයන්නාවූ ආයතනය වන අතර, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පණතට අනුකූලව ක්‍රියාත්මක වේ. මහජන ආයතනයක් වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1978 අංක 16 දරණ පාර්ලිමේන්තු පණත මගින් පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකාවේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ අංක 20 දරණ ස්ථානයේ තම කාර්යාලයයන් පවත්වා ගෙන යයි. රජය මගින් වෙන් කෙරෙන මහජන මුදල්, උගැනුම් හා පර්යේෂණ කටයුතු සඳහා, විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල-අනුබද්ධ-ආයතන සඳහා බෙදාහැරීම මෙම ආයතනය මගින් සිදුකෙරේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැළසුම් කිරීම හා සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතනවලට අරමුදල් වෙන්කිරීම අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන නියාමක සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයින් ඇතුලත් කිරීමේ නියාමක තීරණය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයන් වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
සංක්ෂිප්තයUGC
සංස්ථාපනය22 දෙසැම්බර් 1979 (1979-12-22)
මූලස්ථානයකොළඹ
පිහිටුම
සභාපති
මහාචාර්ය සම්පත් අමරතුංග
Affiliationsශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Staff
200
වෙබ් අඩවියhttp://www.ugc.ac.lk/[1]

සභාපති

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැක්ම

සමස්ථ ලෝක ප්‍රවනතාවන් සමග යමින් ජාතියේ අවශ්‍යතාවයන් සහ අපේක්‍ෂාවන්ට උචිතවන ආකාරයේ උසස්ම තත්ත්වයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩ නැගීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැක්මයි.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙවර

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව සමග සම්බන්ධ වී, අධ්‍යයන පාඨමාලාවන්ගේ විවධාංගීකරණය සහ එහි ගුණාත්මකභාවය සහතික කිරීම සහ ප්‍රශස්ථ මට්ටමේ ඉගැන්වීමේ සහ පර්යේෂන මධ්‍යස්ථාන බිහිකිරීම. උසස් මට්ටමේ ඉගෙනුමක්, වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහ පර්යේෂණ මට්ටමක් ඇති, මහජනයාට වගකිව හැකි ආකාරයේ, පුළුල් ප්‍රවේශයක් ඇති, විශ්වවිද්‍යාල පද්ධතියක්, අවශ්‍ය සම්පත් වෙන්කිරීම තුළින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙවරයි.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට නතු වන විශ්වවිද්‍යාල

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගෙන ඇති උපාධි ප්‍රදානය කරන ආයතන

  • ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT[22] - උපාධි පිළිබඳ විස්තර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Only Undergraduate Degrees
  • Institute of Technological Studies
  • Institute of Surveying and Mapping
  • Aquinas College of Higher Studies
  • National Institute of Social Development

මෙයද බලන්න

  • Universities in Sri Lanka
  • North colombo medical college

ආශ්‍රිත මූල

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා පිළිබඳ තොරතුරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා යනු කුමක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා යනු කුමක් දර්ශනය කරන්නේ?