ශිරන්ති රාජපක්ෂ

මුල් පිටුව | ශිරන්ති රාජපක්ෂ

ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ) පූර්ව ජනාධිපති ආර්යාවන් අතුරින් එක් අයෙකු වෙයි. හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ ආර්යාව වෙයි. ඇය මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීයමය නිපුණතාධාරිණියකි.

ශිරන්ති රාජපක්ෂ
පූර්ව ජනාධිපති ආර්යාව
තනතුර දරමින්
2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 8
පුද්ගලික තොරතුරු
උපත
ශිරන්ති වික්‍රමසිංහ

බදුල්ල,  ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
කලත්‍රයාමහින්ද රාජපක්ෂ
ළමයිනාමල්, යෝෂිත, රෝහිත, දියණිය (ජීවතුන් අතර නැත)
උගත් ශාස්ත්‍රාලයශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොළඹ

මුල් අවධිය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ යුවලට දාව පවුලේ එකම දියණිය වශයෙන් බදුල්ලේදී උපත ලැබුවාය. ඇයට සහෝදරයෝ දෙදෙනෙක්ද වූහ.

අධ්‍යාපනය

ශිරන්ති සිය මූලික අධ්‍යාපන කටයුතු, බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් හැදෑරූ අතර, ඇය සිය ද්විතීක අධ්‍යාපන කටයුතු, ළමා මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඩිප්ලෝමා පාඨමාලාවක්ද සහිතව අවසන් කලාය.

ලෝක රූ රැජින සහ විශ්ව රූ රැජින

1973 වසරේ පැවැති ශ්‍රී ලංකා විශ්ව රූ රැජින තරඟය ජයගත් ශිරන්ති , 1973 ග්‍රීසියේ ඇතෑන්ස් හී පැවැති විශ්ව රූ රැජින තරඟයට සහ, එම වසරේම ලන්ඩනයේ පැවැති ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය.

පවුල් දිවිය

1983 වර්ෂයේදී ශිරන්ති සහ මහින්ද රාජපක්ෂ විවාහ වූහ. නාමල්, යෝෂිත , සහ රෝහිත ඔවුන් දෙපලගේ පුතුන් තිදෙනා වෙති.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යා ලයිස්තුව
  • ශ්‍රී ලංකා විශ්ව රූ රැජින
  • රාජපක්ෂ පවුල

මූලාශ්‍ර

  1. http://www.pageantopolis.com/international/world_1973.htm
  2. His Excellency the President Chief Guest at the Commissioning Parade held at the Naval and Maritime Academy

භාහිර සබැදි

  • ද මිස් වර්ල්ඩ් 1973
  • අෘ ගිෆ්ට් ෆ්‍රොම් ෆස්ට් ලේඩි


පූර්වප්‍රාප්තිකයා
තනතුර නොපැවතිනි
ජනාධිපතිවරියක තනතුර හෙබවූ නිසා
ජනපති ආර්යාව
2005 නොවැම්බර් 19– 2015 ජනවාරි 8
අනුප්‍රාප්තික
ජයන්ති පුෂ්පකුමාරි
පුද්ගලදත්ත
නම ශිරන්ති රාජපක්ෂ
විකල්ප නම්
කෙටි විස්තරය
උපන් දිනය
උපන් ස්ථානය බදුල්ල
මියගිය දිනය
මියගිය ස්ථානය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශිරන්ති රාජපක්ෂ පිළිබඳ තොරතුරු, ශිරන්ති රාජපක්ෂ යනු කුමක්ද? ශිරන්ති රාජපක්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.