ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ඛජුරාහෝ දේවාල භූමියෙන් හමුවූ දැවැන්ත හනුමාන් ප්‍රතිමාවක පාදමෙහි දක්නට ලැබුණු අභිලේඛන වාර්තාවකි. මෙම අභිලේඛනය ක්‍රි.ව. දසවන සිවසට පමණ අයත් යැයි කාලනිර්ණය සිදු කොට ඇත. මෙම හනුමාන් ප්‍රතිමාව ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ පවතින අතර, ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස ද ලැයිස්තුගත කොට ඇත.
| ඛජුරාහෝ | |
|---|---|
| නගරය | |
ඛජුරාහෝ | |
| ඛණ්ඩාංක: 24°51′N 79°56′E / 24.85°N 79.93°E | |
| රට | ඉන්දියාව |
| ප්‍රාන්තය | මධ්‍ය ප්‍රදේශ් |
| දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
| උන්නතාංශය | 283 මී (928 අඩි) |
| ජනගහණය(2011) | |
| • මුළු | 1,762,857 |
| භාෂා | |
| • නිල | හින්දි |
| වේලා කලාප | IST (UTC+5:30) |
පිහිටීම
මෙම අභිලේඛනය පිහිටා ඇත්තේ ඛජුරාහෝවේ පිහිටි සුප්‍රකට හනුමාන් දේව ප්‍රතිමාවක පාදමෙහි ය. මෙම ප්‍රතිමාව වන්දනා කටයුතු සඳහා භාවිතා වන හෙයින් සහ එය අන්තර්ගත පූජාස්ථානය නවීකරණයට භාජනය කොට ඇති හෙයින්, වර්තමානය වන විට එම අභිලේඛනය දක්නට නොලැබේ..
ප්‍රකාශනය
ඛජුරාහෝව පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකම මෙම හනුමාන් ප්‍රතිමාව සහ ශිලා ලේඛනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කොට තිබේ. මෙම අභිලේඛනය පළමුව සිය සැලකිල්ලට භාජනය කරන ලද්දේ දහනවවන සියවසේ දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසිනි. 1904දී ඩී. ආර්. භාණ්ඩර්කර් විසින් අභිලේඛනය යළි විමසුමකට ලක් කළ අතර එහි දිනය පිළිබඳ නව අර්ථ නිරූපණයකට අමතරව, නව තොරතුරු රැසක්ම ප්‍රකාශයට පත්කරන ලදී.
විස්තරය සහ අන්තර්ගතය
ශිලා ලේඛනය සංස්කෘත භාෂාවෙන් රචනාකොට ඇති අතර, එය පේළි තුනකට ලියා ඇත. අක්ෂරවල ශෛලිය අනුව යෝජනා වී ඇත්තේ එය ක්‍රි.ව. දසවන සියවසට අයත් එකක් බවයි.
ඓතිහාසික වැදගත්කම
ඛජුරාහෝ ශිලා ලේඛනයට හින්දු ආගමේ ඉතිහාසය තුළ ඉහළ වැදගත්කම්ක හිමිව ඇත්තේ එහි 316 ලෙස දිනයක් විස්තර කරන බැවිනි. ඉතිහාසඥයින් විසින් මෙම දිනය හර්ෂ යුගයට අයත් යැයි සලකා, එහි අගය ව්‍යවහාර වර්ෂයෙන් 922 ලෙස සලකා ඇත. දසවන සියවසට වඩා පැරණි හනුමාන් ප්‍රතිමා පැවතිය ද, මෙම අභිලේඛනය හේතුවෙන් මෙම ඛජුරාහෝ හනුමාන් ප්‍රතිමාව මෙතෙක් හඳුනාගෙන ඇති පැරණිතම දින නිර්ණිත ප්‍රතිමාව ලෙස සැලකේ.
පාඨය
අභිලේඛනයේ අන්තර්ගත නිවැරදි නොකළ පෙළ පහත පරිදි කියැවිය හැක:
වම් පස:
- ඕම් ගොල්ලාගාහීලපූත්‍රස්‍ය
- සංවත්සරෝ °300 10 6° මාඝසුදි 10°
- ශ්‍රීහනුමාන්තං ග්[ඕ]ල්ලාකඃ ප්‍රණාමති
දකුණු පස:
- ගාහිලාස්‍ය සුතඃ ශ්‍රීමාන්හනුමාන්ප
- වනාත්මජම් අනූක්රෝද් ධර්මම් ආ-
- ලෝක්‍ය ගොල්ලාකාප්‍රාකතම් හරිම්
පරිවර්තනය
I කොටස
- ඕම්. ගාහීලගේ පුත්, ගොල්ලා [ගේ වාර්තාවයි].
- 316 වර්ෂයේ මාඝ මාසයේ දීප්තිමත් සුමාන දෙකෙහි 10වන දිනයයි.
- ගොල්ලාක ශ්‍රී හනුමාන්ට ආචාරය කරයි.
II කොටස
- ගාහීලගේ පුත් ගොල්ලාක, හරි ස්වරූපය දැක,
- ඉන් අනතුරුව මෙම ආගමික කටයුත්ත සිදුකළේ ය, විශිෂ්ට හනුමාන්, සුළඟේ පුත්‍රයාණන්ට.
මේවාත් බලන්න
- ඉන්දියානු අභිලේඛන
මූලාශ්‍ර
- See http://www.asibhopal.nic.in/monument/all_monument2.html
- Devangana Desai, The Religious Imagery of Khajuraho (Mumbai, 1996): 21 and figure 19.
- Cunningham, ‘XXII. Khajuraho’, ASIR 2 (1862-65): 437 where he tenatively suggests a date of 925.
- Government of Bombay, General Department. Progress Report of the Archaeological Survey of Western India, for the year ending 30th June, 1904.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය පිළිබඳ තොරතුරු, ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය යනු කුමක්ද? ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය යනු කුමක් දර්ශනය කරන්නේ?