උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුප්පිඩි නගරය අනුව යමිනි . මාර්තු 1960 දී පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාශයෙහි බස්නාහිර ප්‍රදේශයෙහි කොටසක් කඩා වෙන් කිරීම මගින් මෛම කොට්ඨාශය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස උඩුප්පිඩි දිගටම පවතියි.
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| මුරුගේසු සිවසිතම්පරම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 7,365 | 34.70% |
| පොන්නම්බලම් කන්දයියා | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 5,427 | 25.57% |
| ආර්.ආර්. ධර්මරත්නම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 4,573 | 21.55% |
| කන්දප්පා ජෙයකොඩි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 3,860 | 18.19% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,225 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 195 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 21,420 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,620 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 74.84% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| මුරුගේසු සිවසිතම්පරම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 9,080 | 44.80% |
| කන්දප්පා ජෙයකොඩි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 7,741 | 38.20% |
| එස්. ජෙයසිංහම් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 3,445 | 17.00% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,266 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 151 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 20,417 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,620 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.34% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| මුරුගේසු සිවසිතම්පරම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 12,009 | 46.67% |
| කන්දප්පා ජෙයකොඩි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,452 | 32.85% |
| ආර්.ආර්. ධර්මරත්නම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 5,268 | 20.47% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,729 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 137 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 25,866 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,275 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 75.47% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කන්දප්පා ජෙයකොඩි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,918 | 46.54% |
| මුරුගේසු සිවසිතම්පරම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 11,662 | 42.02% |
| පී. කුමාරස්වාමි | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 1,149 | 4.14% |
| කේ. පිල්ලෙයිනාර් | ස්වාධීන | තරාදිය | 724 | 2.61% |
| ආර්.ආර්. ධර්මරත්නම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 712 | 2.57% |
| එස්. සුන්දරම් | ස්වාධීන | කුඩය | 591 | 2.13% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,756 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 179 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 27,935 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,741 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 80.41% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ටී. රාසලිංගම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 18,768 | 63.44% |
| ආර්.ආර්. ධර්මරත්නම් | ස්වාධීන | ලාම්පුව | 4,021 | 13.59% |
| සී. මොතිලාල් නේරු | තරාදිය | 2,798 | 9.46% | |
| එස්. සුන්දරම් | බස් රථය | 1,478 | 5.00% | |
| කේ.සී. මහාදේවන් | කුඩය | 1,188 | 4.02% | |
| කේ. පිල්ලෙයිනාර් | ඉණිමග | 517 | 1.75% | |
| එම්. තුරෙයිරාජා | ඇස | 437 | 1.48% | |
| පී. කනගරාසා | පුටුව | 251 | 0.85% | |
| එම්. ඥානචන්ද්‍රන් | ඔරලෝසුව | 125 | 0.42% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,583 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 123 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 29,706 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,955 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 80.38% | |||
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය පිළිබඳ තොරතුරු, උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය යනු කුමක්ද? උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය යනු කුමක් දර්ශනය කරන්නේ?