ශ්‍රී ලංකා රේගුව

රේගුව ලොව දෙවන පැරණිම වෘත්තිය ලෙස සැලකේ[තහවුරු කර නොමැත].රේගු සංකල්පය ගොඩනැගී ඇත්තේ බදු අයකර ගැනීමේ සම්ප්‍රද්‍රය මත ය.දිවයින තුළ රේගු පරිපාලනය පිලිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරි ඇත.ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පාලනය ව්.1869 අංක 17 පනතින් ආරම්භ වූ[තහවුරු කර නොමැත] රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වසර 139 ක ඉතිහාසයකට හිමිකම් කියයි.

ශ්‍රි ලංකා රේගුව
Sri Lanka Customs Service
Agency overview
ආරම්භ කරේ 1806
පාලනය ශ්‍රී ලංකා රජය
මූලස්ථාන කොළඹ -11
මව්පිය බලය Ministry of Finance
වෙබ් අඩවිය
www.customs.gov.lk

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු වලින් එකක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 1806 දී ආරම්භ කරන ලදී. රේගු ආඥා පනත සංරක්ෂණය කළ පිටපත 2009-03-27 at the Wayback Machine හඳුන්වාදීමත සමග ශ්‍රී ලංකා රේගුව පූර්ණ බලතල සහිත රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම්

ක්‍රි:ව: 134 - ගොඩවාය සෙල්ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම
ක්‍රි:ව: 844 - මන්නාරම් කච්චේරි ටැම් ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම
ක්‍රි:ව:1055 - විජයබාහු රජ සමයේ අන්තරංගධුර නිලධාරියා පත් කිරීම
ක්‍රි:ව:1200 - පොලොන්නරු යුගයේ සුන්වත් බදු අය කිරීම
ක්‍රි:ව:1413 - සුංගම් බඳු අය කිරීම ගැන තිසර සන්දේශයේ සඳහන් වේ
ක්‍රි:ව:1608 - පෘතුගීසින් විසින් "විදෝර්දා පසෙන්දා" නිලය රේගුවට පත් කරනු ලැබීම
ක්‍රි:ව:1796 - කොළඹ රේගුවේ ප්‍රධානි එනම් "මනියගාර්" තනතුර ඇති කිරිම
ක්‍රි:ව:1803 - නෝර්ත් ආණ්ඩුකාරවරයා ද්‍රව්‍ය අනුව වෙනස් වන තීරු බද්දක් පැනවීම
ක්‍රි:ව:1809 - රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වීම
ක්‍රි:ව:1857 - රේගු මන්දිරය ගොඩනැගීම
ක්‍රි:ව:1913 - බ්‍රසල්ස් තීරු ගාස්තු නාමාවලිය ඇති කිරීම
ක්‍රි:ව:1985 - රේගු ප්‍රධාන කාර්යාලය ටයිම්ස් මන්දිරයට ගෙන යාම
ක්‍රි:ව:1988 - මුල්ම රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත් ක්රීම
ක්‍රි:ව:2005 - නව රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
ක්‍රි:ව:2006 - එක්ස් කිරණ යන්ත්‍ර මගින් භාණ්ඩ පරීක්‍ෂාව ඇරඹීම

රේගුවේ ව්‍යුහය

  • පාලන අංශය
  • මුදල් අංශය
  • ප්‍රතිපත්ති, සැලසුම් හා පරීක්‍ෂණ අංශය
  • මානව සම්පත් සංවර්ධන අංශය
  • ස්වයංක්‍රිය දත්ත සැකසුම් අංශය
  • ආනයන හා තීරු බදු අංශය
  • ආනයන හා ප්‍රති අපනයන අංශය
  • ගමන් බඩු අංශය
  • බැඳුම්කර අංශය
  • ගුවන් තොටුපොල අංශය
  • ගුවන් බඩු අංශය
  • මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ ඒකකය
  • නිවාරණ අංශය
  • ආදායම් සංරක්‍ෂණ අංශය
  • මධ්‍යම විමර්ශන අංශය
  • මධ්‍යම බුද්ධි අංශය
  • නීතිඅංශය
  • නිෂ්පාදන බදු අංශය

රේගුවේ කාර්ය භාර්ය

  • බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
  • තීරු බදු තක්සේරු කිරීම හා එකතු කිරීම
  • වෙනත් ආයතන වෙනුවෙන් බදු අය කිරීම
  • තීරු බදු නිදහස් කිරීම හා සහන සැලසීම
  • බදු ආපසු ගෙවීම හා යළි ලබා ගැනීම
  • හොර බඩු ජාවාරම්, වාණිජමය වංචා හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නිවාරණය කිරීම
  • රේගු වැරදි විමර්ශනය
  • වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම

රේගු බලතල

  • බඩු භාණ්ඩ සෝදිසි කිරීම
  • නිවෙස් සෝදිසි කිරීම
  • පුද්ගලයන් සෝදිසි කිරීම
  • යාන වාහන සෝදිසි කිරීම
  • පුද්ගලයන් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීම
  • රේගු වැරදි විමර්ශනය කිරීම
  • පරීක්‍ෂණය කිරීම
  • භාණ්ඩ රාජ සන්තක කිරීම
  • දණ්ඩන පැනවීම
  • රාජ සන්තක කරන ලද භාණ්ඩ විනාශ කිරීම
  • රාජ සන්තක කරන ලද හා අත්හරින ලද භාණ්ඩ විකිණීම
  • නෛතික කටයුතු පවත්වාලගන යාම

රේගු තනතුරු

  1. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්
  2. අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්
  3. රේගු අධ්‍යක්‍ෂ
  4. නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ
  5. රේගු අධිකාරී
  6. නියෝජ්‍ය රේගු අධිකාරී
  7. සහකාර රේගු අධිකාරි
  8. රේගු පරීක්‍ෂක
  9. රේගු නියාමක
  10. යාත්‍රා රියැදුරු
  11. කොක්සන්
  12. ලස්කාර්

රේගුවේ පරමාර්ථ

පරමාර්ථ ප්‍රධාන කොටස් 04 කි. ඒවානම්,

  1. ආදායම් එකතු කිරීම
  2. වෙළඳ පහසුකම් සැලසීම
  3. නීතිය බලාත්මක කිරීම
  4. සමාජ සුභසාධනය

ආදායම් එකතු කිරීම

ආදායම් එකතු කිරීමේ කාර්යයේදි රේගුව විශේෂ කාර්ය භාර්යක් ඉටුකරයි.‍මෙයින් තීරු බදු එකතු කිරීම ප්‍රධාන ය.එසේ වුවත් අනෙක් බදු අයකර ගැනීමේ බලතල ද රජයෙන් රේගුවට පවරා දී තිබේ.එසේම රාජ්‍ය ආදායමෙන් දෙකෙන් පංගුවක් පමණ ලබා දීමට දායක වන්නේ රේගුවයි.

වෙළඳ පහසුකම් සැලසීම

වෙළඳ පහසුකම් සැලසීම රේගුවේ සුවිශේෂි වු කාර්යයකි.එමෙන්ම දේශිය කර්මාන්ත ආරාක්‍ෂා කරමින් විදේශ වෙළඳාම වර්ධනය කිරීමට රේගුව උත්සාහ කරයි.

නීතිය බලාත්මක කිරීම

හොර බඩු ජාවාරම් වැළැක්වීම සඳහා රේගුව විසින් රේගු නිළධාරින්ගේ පළපුරුද්ද හා තාක්‍ෂණික ක්‍රම උපයෝගි කරගෙන මෙම කාර්යය ඉටු කරයි.

සමාජ සුබසාධනය

සමාජයීය සාරධර්ම සුරැකීම,ආගමික හා සංස්කෘතික වටිනාකම් සුරැකීම,මානව වර්ගයාගේ සෞඛ්‍ය සුරැකීම හා පරිසරයේ තුලිතතාව රැක ගැනීම සඳහා වන කාර්යන් රැසක් රේගුව විසින් ඉටු කරනු ලබයි.

ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති භාණ්ඩ

  • මත්ද්‍රව්‍ය
  • ගිනි අවි, ආයුධ, කඩු කිනිසි වැනි උපකරණ
  • පුපුරණ ද්‍රව්‍ය හා විකිරණශීලි ද්‍රව්‍ය
  • මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කෑම වර්ග
  • ඕසෝන් ස්ථරයට හානිකර වායු වර්ග හෝ රසායනික සංයෝග
  • තහනම් ශාක හෝ සත්ත්ව කොටස්
  • ප්‍රමිතියෙන් තොර භාණ්ඩ
  • අසභ්‍ය පොත්පත් හා පත්‍රිකා
  • රාජ්‍ය නායකයා,රජය හෝ මහජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ පොත්පත් හා ලිපි ලේඛන
  • ආගමකට, ආගමික නායකයකුට, දර්ශනයකට නිගා දෙන ආකාරයේ පොත්පත් හා ලිපි ලේඛන

ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති "ශාක හා සත්ත්ව" අඩංගු වන්නේ

  • වනජීවි ආඥා පනත
  • කැළෑ පනත
  • වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත
  • ලෝක සංරක්‍ෂක සංගමයේ රතු දත්ත පොත

විශේෂ අවසර පත්‍රයක් සහිතව අපනයනය කළ හැකි "සත්ත්ව හා වෘක්‍ෂලතා" වන්නේ

  • මියගිය හෝ ජීවත්වන ක්‍ෂිරපායි සතෙකු
  • පක්‍ෂියෙකු
  • උභය ජීවියෙකු
  • මත්ස්‍යයකු
  • උරගයකු
  • හිරිගල් හෝ කොඳු ඇට පෙළ රහිත සතෙකු
  • ක්‍ෂිරපායි සතෙකුගේ අං තට්ටුව හෝ හම
  • පක්‍ෂියෙකුගේ බිත්තර, පිහාටු හෝ පිල් කළඹ

රේගු දඬුවම්

  • රේගු පහසුකම් අත්හිටුවීම
  • භාණ්ඩ රාජ සන්තක කිරීම
  • භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක් දක්වා වටිනාකමක් අමතරව අහිමි කිරීම
  • දණ්ඩන පැනවීම
  • සිර දඬුවම් නියම කිරීම
  • දඩ පැනවීම


මේවාද බලන්න

මූලාශ්‍ර

  • නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ පිටපත 2008-03-29 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා රේගුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා රේගුව යනු කුමක්ද? ශ්‍රී ලංකා රේගුව යනු කුමක් දර්ශනය කරන්නේ?