ගම්පොල

මුල් පිටුව | ගම්පොල

ගම්පොල ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. නගර සභාවක් මගින් පාලනය කරනු ලබයි.

ගම්පොල
නගරය
ගම්පොල
ඛණ්ඩාංක: 7°9′53″N 80°34′36″E / 7.16472°N 80.57667°E / 7.16472; 80.57667
රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
Divisional SecretariatUdapalatha Division
DistrictKandy District
ආණ්ඩුව / පරිපාලනය
 • Urban CouncilGampola Urban Council
 • සභාපතිH.L.M.Furkhan
සරිය
 • නගරය94.0 කිමී2 (36.3 සතරැස් සැත)
ජනගහණය(2012)
 • නගරය24,283 (Urban Area)
 • ඝණත්වය975.7/කිමී2 (2.527/වර්ග සැත)
 • පුරවර91,716 (Udapalatha DS)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ගම්පල රාජධානි අතීතය

ප්‍රධාන ලිපිය: ගම්පොල රාජධානිය

දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.ගම්පොළ නගරය පැරණි සමයේ ගග සිරි පුර ලෙසද හදුන්වා ඇත. ගම්පොළ රාජධානිය සමයේ බොහෝ සංදේශ කාව්‍ය ලියවී ඇති අතර සිංහලෙන් ලියවූ මුල්ම සංදේශ වන මයුර සංදේශයට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම ගම්පොළ යනු ප්‍රාග් ඓතිහාසික යුග නාමාවලිය ට පවා ඇතුළත් වන නගරයකි. ඇම්බැක්කේ දේවාලය, අම්බලම ආදී කලාත්මක නිර්මාණ ගම්පොළ රාජධානිය සමයේ ඉදි කරඇත. අම්බුලුගල කුමරු කලක් අම්බුලුවාව කන්දේ සිට ගම්පොළ පාලනය කර ඇත.

සංචාරක ආකර්ශණ

  • අම්බුලුවාව - කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථූපයක් හා සමාන වක්මං කුළුණක් කඳු මුදුනේ පැවතීමයි.
  • ඇම්බැක්කේ දේවාලය - ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල ලී කැටයම් එකතුවක් ඇම්බැක්ක දේවාලය සතුවේ.
  • ලංකාතිලක විහාරය - ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගැනීමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි.
  • ගඩලාදෙණිය විහාරය - ගම්පොළ යුගයේ 4 වැනි බුවනෙකබාහු රජු විසින් ගඩලාදෙණිය විහාරය ඉදිකොට තිබේ.

දේශගුණය

ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්‍ය කාලගුණයක් පවතියී.

ජනගහණය

ගම්පොල නගරයේ බහුතරයක් සිංහල ජනතාව වන අතර සැලකිය යුතු මුස්ලිම් ජනතාවක්ද, කුඩා ප්‍රමාණයක් ඉන්දියානු දමිළ ජනතාවද පදිංචිව සිටියී.

චිත්‍රාගාරය

  • ගම්පොල අවට පිහිටි දිය ඇල්ලක්
  • ගම්පොල අසබඩින් ගලා බසින මහවැලි ගඟ

සිතියම්

  • ගම්පොල හා ශ්‍රී ලංකාව, විස්තරාත්මක සිතියම
  • ගම්පොල සිතියම හා විස්තර[permanent dead link]

බාහිර සබැදි

  • ගම්පොල යුගය සංරක්ෂණය කළ පිටපත 2004-12-17 at the Wayback Machine
  • ගම්පොල ගැන හැමදේම[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්පොල පිළිබඳ තොරතුරු, ගම්පොල යනු කුමක්ද? ගම්පොල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.