ඩයනා ගමගේ

ඩයනා ගමගේ (Diana Gamage, උපත 1965 දෙසැම්බර් 18) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ සමගි ජන බලවේගයේ සාමාජිකාවක් ලෙස ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වූවාය. නමුත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කිරීමේ සිට ඇය ඇගේ දේශපාලන සම්බන්ධය ශ්‍රී ලංකා පොදුජන වෙත මාරු කළාය.නමුත් ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි කාන්තාවක බැවින් ඇයට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුව 2024දී ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ නොහැකි බව තීන්දු කරන ලදී. මේ නිසා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි විය. එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් "මුජිබර් රහුමාන්" පත් කරන ලදී.

ඩයනා ගමගේ
டயனா கமகே
Diana Gamage
සංචාරක රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
8 සැප්තැම්බර් 2022 – 8 මැයි 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
විෂයභාර අමාත්‍යහරීන් ප්‍රනාන්දු
පූර්වප්‍රාප්තිකයාඩී.වී. චානක
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
20 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
විෂයභාර අමාත්‍යදිලුම් අමුණුගම
පූර්වප්‍රාප්තිකයාදිලුම් අමුණුගම
අනුප්‍රාප්තිකයාලසන්ත අලගියවන්න
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 8 මැයි 2024
පුද්ගලික තොරතුරු
උපත1965 දෙසැම්බර් 18
පුරවැසිභාවයඑක්සත් රාජධානිය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය 2021 දක්වා
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2021 සිට
කලත්‍රයාකපිතාන් සේනක සිල්වා
පදිංචිය(s)අංක 537/21, Country Glage බංගලාව, අමරගොඩ පාර, පොතුවරාව, හෝකන්දර උතුර.
උගත් ශාස්ත්‍රාලයලන්ඩන්
රැකියාවදේශපාලනඥයා
වෘත්තියපාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, ව්‍යාපාරික කාන්තාවක් සහ දේශපාලන උපායමාර්ගිකයෙක්

නඩු

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ 2023 සැප්තැම්බර් 14 වැනිදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම නඩු තීන්දුව 2023 ජුලි 25 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් විනිසුරුවන් දෙදෙනා බෙදුණු තීන්දු ගැනීම හේතුවෙන් පෙත්සම යළි පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන බව දැනුම් දුන්නේය. මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ හෆීල් පාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශිකයකු වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තියට අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවය.

එසේම ඇය මේ සියලු කරුණු වසන් කරමින් උප්පැන්න සහතිකය ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කර ඇති බවත් ඔහු පැවසුවේය. සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකර තිබූ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ආගමන විගමන පාලකවරයා නම් කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන බැවින් ඇයට මෙරට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් ඇයගේ මන්ත්‍රීධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.

මුලාශ්‍ර

  1. "ඩයනාට එරෙහිව අලුත් නඩුවක්", gossiplankanews.com, 2023 ජුලි 26

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩයනා ගමගේ පිළිබඳ තොරතුරු, ඩයනා ගමගේ යනු කුමක්ද? ඩයනා ගමගේ යනු කුමක් දර්ශනය කරන්නේ?