තෙන්මොසි "ගයාත්‍රි" රාජරත්නම් (මියගියේ 1991 මැයි 21) යනු, 1991 මැයි 21 වන දිනදී, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවරට ආසන්න ශ්‍රීපෙරුම්බුදූර්හී පැවැති රැලියකදී එවක ඉන්දියානු අගමැති වූ රජීව් ගාන්ධි මහතාව සහ තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කල, ඝාතකයා වෙයි. ඇය දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකාවක් ලෙස හැඳින්වේ. රාජරත්නම් යන නාමයට අමතරව, ගයාත්‍රි සහ ධනූ යන නම් වලින්ද ඇයව හඳුන්වා තිබෙයි. ඇයගේ උපන් වසර පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැත.
ප්‍රහාරය සැලසුම් කල මහ මොළකරු වූ සිවරාසන් සහ මරාගෙන මැරුණු බෝම්බකාරිය වූ ධනූ, ඉන්දියානු රෝ (Research and Analysis Wing/RAW) සංවිධානය වෙතින් පුහුණුව ලත් සටන්කාමීන් දෙදෙනෙකු බව පැවසෙයි.
පසුබිම
ඉන්දියාවේ ඒවනවිට පැමිණෙමින් තුබූ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජීව් ගාන්ධි මහතා ශ්‍රීපෙරුම්බුදූර් වලට පැමිණි අවස්ථාවේදී, මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හසුවිය. ඔහු බලයේ සිටි ධූර කාලයේ, එවක ශ්‍රී ලංකා ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග ඇතිකරගත් ඉන්දු-ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරමින්, 1987 දී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාව වෙත එවන ලදී. නමුත් ඉන්දියානු සාම සාධක හමුදාවේ ක්‍රියා කලාපය නිසා ඔවුහූ, දෙමළ සටන් සංවිධාන අතර සහ සාමාන්‍ය දමිළ ජනයා අතර පිළිකුලට ලක්වූහ.
මෙම මරාගෙන මැරෙන බෝම්බ සිදුවීමට සම්බන්ධ රාජරත්නම්, ඉන්දියානු සාම සාධක හමුදා භටයින් අතින් දූෂණයට ලක්වූ බවත්, ඇගේ සොයුරන් ඔවුන් විසින් ඝාතනයට ලක්කරනු ලැබූ බවත් සඳහන්ය.
දඬුවම් නියම වීම
1998 වසරේ සිට වසර 7 කට පසු, ඉන්දියානු අධිකරණය මෙම සිදුවීමට සම්බන්ධ වූ පුද්ගලයෝ 26 දෙනෙකු වැරදිකරුවන් ලෙස තීන්දු කරන ලදී. ඉන් පුද්ගලයෝ සිව් දෙනෙකුට මරණ දණ්ඩනය නියම විණි.
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
භාහිර සබැදි
- ඉන්ටරිම් රිපෝට් ඔෆ් ද ජේන් කොමිෂන් ඔෆ් ඉන්ක්වයරි ඉන් ටු ද ඇසසිනේෂන් ඔෆ් ශ්රී රජිව් ගාන්ධි සංරක්ෂණය කළ පිටපත 2005-10-30 at the Wayback Machine
- පින්තූර:
- වමේ සිට දකුණට : කෝකිලා වානි (තරුණ කොන්ග්‍රසයේ ආධාරකරු), තෙන්මොසි රාජරත්නම් (කණ්නාඩි පැලැඳ සිටින්නිය), ලතා කණන් (කොන්ග්‍රස් පක්ෂ ආධාරකරු), සිවරාසන් (ප්‍රහාරයේ මහ මොළකරු, මාධ්‍යවේදියෙක් ලෙස)
- පිපිරවීමට පෙර රජිවි ගාන්ධි තමා වට කොට ගත් ජනයා සමග:
- පිපිරීමෙන් පසු ඝාතකයාගේ හිස:
මූලාශ්‍ර
- "Killing Rajiv Gandhi: Dhanu's sacrificial metamorphosis in death". tandfonline.com. 2009. සම්ප්‍රවේශය 2011-07-25.
- "IPKF was accused of rape, murder and plunder". thesundayleader.lk. 2008. සම්ප්‍රවේශය 2008-02-10.
- "Files". Brain ideal. August 2008. සම්ප්‍රවේශය 2013-01-19.
- http://1.bp.blogspot.com/_ilm-7liqP98/RpzydcWd-4I/AAAAAAAAAJM/NFu0LMSo9Gs/s400/Rajiv_Sriperambadu008_3-20060627.jpg
- සංරක්ෂිත පිටපත, http://www.sinhaya.com/rajiv.jpg, ප්‍රතිෂ්ඨාපනය 2014-03-08
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තේන්මොලි රාජරත්නම් පිළිබඳ තොරතුරු, තේන්මොලි රාජරත්නම් යනු කුමක්ද? තේන්මොලි රාජරත්නම් යනු කුමක් දර්ශනය කරන්නේ?