ධර්මපාල විද්‍යාලය

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

ධර්මපාල විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ඇති ජනප්‍රිය මිශ්‍ර පාසලකි. මෙම පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1942 බ්‍රිතාන්‍ය ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමීයෙක් වූ හා මෙම පාසැල ඉදිකිරීමට තමන්ගේ ඉඩම පරිත්‍යාග කල අනගාරික ධර්මපාලතුමා විසින්ය.මෙම පාසල ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන මෙම පාසැලින් ලබාදෙයි.

ධර්මපාල විද්‍යාලය
ස්ථානය

තොරතුරු
වර්ගයරජයේ
ආදර්ශ පාඨයතුමෙහි කිච්චං ආතප්පං(ධම්මපදය තුළ ඇතුළත් බුද්ධ වාක්‍යයකි).
ආරම්භ කලේ1940 දෙසැම්බර් 8
විදුහල්පතිආර්.ඒ.මහේෂිකා රූපසිංහ
ශ්‍රේණි1-13
වර්ණ(ය)මදට පැහැය සහ දම් පාට
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියhttp://www.dharmapala.sch.lk

අතීතය

ඉඩම පරිත්‍යාග කිරීම

වර්තමානයේ පාසල පවතින ඉඩමේ මුල් හිමිකරු වන්නේ අනගාරික ධර්මපාලතුමා ය. පසුව මෙම ඉඩම හේවාවිතාරණ පවුල විසින් මහාබෝධි සංගමයට පරිත්‍යාග කල පසු 1940 දී ධර්මපාල විද්‍යාලය පිහිටුවීමට පවරන ලදී.

අතීතය

වර්ෂ 1940 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ඉංග්‍රීසි ද්වීතියික අධ්‍යාපන පාසැලක් ලෙස පන්නිපිටියේ පාසැල පිහිටු වීය. මෙම නව පාසැල ධර්මපාල විද්‍යාලය නමින් නම් කෙරිණී.පාසල ආරම්භ කළ දින වැදගත් සිදුවීම් 2 ක් සිදුවිය. එනම් ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමි අනුස්මරණ ගොඩනැගිල්ල, සෞඛ්‍ය අමාත්‍ය ගරු ඩබ්.ඒ. දි සිල්වා මහතා අතින් විවෘත වීමත් , ධර්මපාල විද්‍යාලය උත්සවාකාර ව , බෞද්ධ පාසල් හි සාමාන්‍ය කළමනාකරු ආචාර්ය වෝල්ටර් විජේනායක මහතා අතින් විවෘත වීමත් සිදුවිය.

ධර්මපාල විද්‍යාලය බෞද්ධ පරමවීඥානාර්ථය මගින් පාලනය කල අතර එය කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් 1941 ජනවාරි 8 දින ආරම්භ කළ අතර මෙහි ප්‍රාරම්භාකයා පී.දී.එස්. කුලරත්න මහතා වන අතර පළමු විදුහල්පති ලෙස ආචාර්ය ජේ.ඉ. ජයසූරිය මහතා පත්විය.

වර්තමානය

මෙම පාසැල තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් පිරිස 10000 වන අතර 650 කට අධික ගුරුවරුන් පිරිසක් සේවය කරයි. පාසැල හෙක්ටයාර 67 ක් පුරා පැතිරී ඇති මනරම් පරිසරයකින් යුක්ත වේ. . මෙම පාසැලින් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා අධ්‍යාපනය ලබාදෙයි.

නිවාස

  •      - Maurya (මෞර්යය)
  •      - Nanda (නන්ද)
  •      - Shakya (ශාක්‍ය)
  •      - Soorya (සූර්ය)

ක්‍රීඩා

ධර්මපාල විද්‍යාලය සහ රාහුල විද්‍යාලය අතර වාර්ෂික මහා තරඟය වන රන් සිංහයන්ගේ සටන පාසලේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව වේ.[තහවුරු කර නොමැත]

හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නිර්මාතෘ කර්නල් ඕල්කට්තුමාට උපහාර පිණිස ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් අටක ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලියකි.

ආදි සිසුන්

ආදි ශිෂ්‍ය සංගමය

මෙම පාසලේ ඉතා ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයක් ඇත.

පාසලේ විශේෂ ආදි සිසුන්

  • රත්නසිරි වික්‍රමනායක - ශ්‍රී ලංකාවේ හිටපු අගමැති (2000-2001, 2005–2010)
  • ආචාර්ය තිස්ස අබේසේකර , චිත්‍රපට අධ්‍යක්ෂක
  • රියර් අද්මිරාල් එස්.ආර්.සමරතුංග RSP,VSV,USP
  • කේ.එච්.ජේ.විජේදාස , හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ලේකම්
  • වෛද්‍ය හේමන්ත පෙරේරා, නාරිවේදී විශේෂඥ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල
  • D.S Dayaratne Radio personality
  • ඔලිවර් රණසිංහ - හිටපු සේනාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  • සංගීතඥ රෝහණ වීරසිංහ
  • රවිබන්ධු විද්‍යාපති - ප්‍රවීන නර්ථන ශිල්පී

විශේෂ අවස්ථා

හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් නඟා සිටුවීමේ පුරෝගාමියෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා සිහිකිරීම පිණිස, ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ පාසල් 8 ක ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියකි.[තහවුරු කර නොමැත]

මූලාශ්‍ර

  1. Welcome to Dharmapala Vidyalaya Pannipitiya, http://www.dharmapalavidyalaya.info/History/history.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-06-03 
  2. Rahula host Dharmapala for 12th Battle of the Golden Lions today, https://archives1.dailynews.lk/2023/03/31/sports/300501/rahula-host-dharmapala-12th-battle-golden-lions-today, ප්‍රතිෂ්ඨාපනය 2024-10-03 
  3. https://stats.thepapare.com/cricket/match/rahula-college-vs-dharmapala-college-7th-battle-of-the-golden-lions rahula college vs-dharmapala college 7th-battle of the golden lions]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මපාල විද්‍යාලය පිළිබඳ තොරතුරු, ධර්මපාල විද්‍යාලය යනු කුමක්ද? ධර්මපාල විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?