මෙම ලිපිය හෝ ලිපි කොටස ධම්මපද සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
ධම්මපදය (පාලි; ප්‍රාකෘත: धम्मपद ධමපද; සංස්කෘත; धर्मपद ධර්මපද) යනු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි.ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.
ධම්මපද යනු ධර්ම පාඨ ඇතුළත් කාව්‍යමය ලක්ෂණවලින් යුතු ථෙරවාදී බුද්ධාගමේ ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කෘතියකි. මෙය ඛුද්දක නිකායෙහි අන්තර්ගතය.
බොහෝ ගාථාවන් ධර්ම කරුණු හා සම්බන්ධය. පාලි ධර්ම ග්‍රන්ථයන්හි කොටස්වල ගාථාවලින් භාගයක් පමණ දක්නට ලැබෙන්නේ වුවද, ධම්මපද යනු සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසකි. හතරවැනි හෝ පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇත. එහි ගාථාවල අර්ථය පැහැදිලි කරන කථා 305 ක් අඩංගු වේ.
ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මුද්‍රණය වුවද වෙනත් භාෂා අනුවාද ද ඇත.
- ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය.
- ලෝකෝත්තරවාද අනුවාදයක කොටස්.
- පැට්නා ධර්මපද නමින් හැඳින්වෙන බෞද්ධ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් කරන ලද සම්මතිය අනුවාදය.
- උදාන වර්ග වශයෙන් දන්නා මූල - ශ්‍රාවස්තිවාද ග්‍රන්ථවලට සම්බන්ධයයි.
- සංස්කෘත අනුවාද තුනක්
- ටිබෙට් පරිවර්තනයක්.මෙය ටිබෙට් සාම්ප්‍රදායික බුදු දහමෙහි ජනප්‍රියව පවතී.
- චීන කෘතීන් 4 ක් - ෆජ්යු ජින් යනුවෙන් නම් කර ඇත. මෙයින් එකක්පාලි අනුවාදයෙහි විශාල කරන ලද පරිවර්තනයක් බව පෙනේ. මෙය සාම්ප්‍රදායික වශයෙන් ජනප්‍රිය වී නැත.
ගාථා ගණන සහ වස්තු කතා
ධම්මපදයේ සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල ගාථා සතානි චත්තාරි තෙ වීස ච පුනා පරෙ යන්නෙන් පෙනේ. එහෙත් පස්වැනි කාශ්‍යප රජුගේ (ව්‍යවහාරික වර්ෂ 913) දම්පියා අටුවා ගැටපදයේ ඇත්තේ ගාථා 422 කි. මෙහි එන පාද සයේ ගාථාවල පේලි හුවමාරු වීමෙන් මෙසේ වුණි යැයි මතයක් පවතී. සියම් හා මරම්ම පොත් අනුවද ගැණෙන්නේ ගාථා 422 කි. පස්වැනි කාශ්‍යප රජුට අනුව ගාථාවන්ගේ අර්ථෝප්පත්ති කතා ඇත්තේ 300 කි. පඤ්චාධිකානි තීණි වත්ථු සතානි ලෙස බුරුම ධම්මපද නිගමන වලින් කතා 305 ක් ඇති බවක් කියැවෙයි. ලංකාවේ ධම්මපදට්ඨකථා නිගමනයේ සඳහන් වන්නේ කතා 304 කි. එකුණානි තීණි වත්ථු සතානි යනුවෙන් එහි සඳහන් වේ. වම්බටුවැවේ ධර්මකීර්ති ශ්‍රී ශ්‍රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්‍රදීපය ග්‍රන්ථයේද මෙසේ සඳහන් වේ.
සංවිධානය වී ඇති පිළිවෙල
පාලි ධම්මපදයෙහි ගාථා 423 ක් ඇතුළත් වේ. පරිච්ඡේද 26 කි. ඒවා පාලි භාෂාවෙන් පහත පරිදි වේ.
| i.යමක වග්ග - යුගල වර්ගය |
| ii.අප්පමාදවග්ග - අප්‍රමාද බව |
| iii.චිත්තවග්ග - සිතිවිලි |
| iv.පුෂ්ඵ වග්ග - මල් |
| v.බාල වග්ග - මෝඩ |
| vi.පණ්ඩිත වග්ග - ඥාණවන්ත |
| vii.අරහන්ත වග්ග - පූජනීය |
| viii.සහස්ස වග්ග - දහස් |
| ix.පාප වග්ග - පව |
| x.දණ්ඩ වග්ග - දඬුවම් |
| xi.ජරා වග්ග - මහලු |
| xiiඅත්ථ වග්ග - තමාම |
| xiiiලෝක වග්ග - ලෝකය |
| xiv.බුද්ධ වග්ග - බුදුන් (උධෘත බලන්න) |
| xv.සුඛ වග්ග - සැප |
| xvi.පිය වග්ග - සතුට |
| xvii.කෝධ වග්ග - තරහ xviii මළ වග්ගය |
| xixධම්ම වග්ග - යුක්තිය |
| xx.මාග්ග වග්ග - මාර්ගය |
| xxiපකීර්ණක වග්ග - විවිධ |
| xxiiනිරය වග්ග - අපාය |
| xxiiiනාග වග්ග - ඇතා xxivතණ්හා වග්ග - තණ්හාව |
| xxvභික්ඛු වග්ග - භික්ෂූන් |
| xxviබ්‍රාහ්මණ වග්ග - බමුණන් |
උපුටා ගැනීම්
පහත ඉංග්‍රීසි පරිවර්තන මුලර් (1881) ගේ ය. පාලි පාඨය ශ්‍රී ලංකා ත්‍රිපිටක ව්‍යාපෘති (SLTP) සංස්කරණයෙන් ය.
චිත්ත වග්ගය (චිත්ත වර්ගය) -සිත ගැන වදාළ කොටස-37.5. දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා 41.9.අචිරං වත'යං කායො - පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ - නිරත්ථං'ව කලිංගරං භික්ඛු වග්ගය(වර්ගය)-භික්ෂුව ගැන වදාළ කොටස- 367.8.සබ්බසෝ නාමරූපස්මිං - යස්ස නත්ථි මමායිතං අසතා ච න සෝවතී - ස වේ භික්ඛු'ති වුච්චති
මූලාශ්‍ර
- See, e.g., the Gāndhārī Dharmapada (GDhp), verses 301, 302, in: Brough (1962/2001), p. 166; and, Ānandajoti (2007), ch. 4, "Pupphavagga" (retrieved 25 November 2008 from "Ancient Buddhist Texts" at http://www.ancient-buddhist-texts.net/Buddhist-Texts/C3-Comparative-Dhammapada/CD-04-Puppha.htm).
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;best-known textනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - වම්බටුවැවේ ධර්මකීර්ති ශ්‍රී ශ්‍රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්‍රදීපය[1]
- Pali retrieved 2008-03-28 from "Bodhgaya News" (formerly, La Trobe U.) starting at http://www.bodhgayanews.net/tipitaka.php?title=&record=7150 සංරක්ෂණය කළ පිටපත 2011-07-19 at the Wayback Machine, and from "MettaNet - Lanka" at http://www.mettanet.org/tipitaka/2Sutta-Pitaka/5Khuddaka-Nikaya/02Dhammapada/index.html සංරක්ෂණය කළ පිටපත 2008-09-13 at the Wayback Machine.
Ch. I. Twin Verses (Yamaka-vaggo) | |||
| 1. | වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. නරක සිතුවිලි වලින් දූෂිත වූ සිත බොරු කේලම් පරුෂ වචන ආදී කතාවෙන් කරන වැරදි කරයි නම් හෝ පර පන නැසීම සොරකම් ආදී පව් කරයිද එසේ නම් ගොනුට බර දෙමින් ගොනු පසුපස යන කරත්තය මෙන් තම වැරදිද තමාට දඬුවම් දෙමින් තමා සමඟම පැමිනෙයි. | මනෝ පුබ්බඞ ගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා තතෝ නං දුක්ඛ මන්වෙති චක්කං'ව වහතෝ පදං. | |
| 2. | වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. යහපත් සිතුවිලි වලින් පැහැදුනා වූ සිත මනා තෙපුලක් කරයි නම් හෝදානය ආදී පින් කරයිද එසේ නම් ශරීරය අතනොහැර ශරීරය සමඟම ගමන් කරන සෙවනැල්ල මෙන් තම කුසලයන්ද සැපය දෙමින් තමා සමඟම පැමිනෙයි. | මනෝ පුබ්බඞ්ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසා චේ පසන්නේන භාසතී වා කරෝති වා තතෝ නං සුඛමන්වේති ජායාව අනපායිනී. | |
| |
| පදනම් | තෙරුවන් (බුද්ධ · ධම්ම · සංඝ) · චතුරාර්ය සත්‍යය · ආර්ය අෂ්ටාංගික මාර්ගය · නිර්වාණය · මධ්‍යම ප්‍රතිපදාව |
| බුදුන් වහන්සේ | Tathāgata · උප්පත්තිය · සතර පෙර නිමිති · ශාරීරික ලක්ෂණ · සිරි පතුල · Iconography · Films · Miracles · Family: (සුද්ධෝදන රජ · මහාමායා දේවිය · යශෝධරා දේවිය) · රාහුල කුමරු) · Places where the Buddha stayed · Buddha in world religions |
| මූලික සංකල්ප | ත්රිලක්ෂණය: (අනිත්‍ය · දුක්ඛ · අනාත්ම) · හේතුඵල ධර්මය · පංච ස්කන්ධය · කර්මය · පුනර්භවය · සංසාරය · සංඛාර · ක්ලේශ · අවිද්‍යාව · තණ්හාව · පංච නීවරණ · Ten Fetters · ඉන්ද්රිය · බෝධි · පරිනිර්වාණය · Thusness · Two truths doctrine · ශූන්‍යතාව · බෝධිචිත්ත · බෝධිසත්ත්ව · Buddha-nature · Mindstream · Dzogchen |
| Cosmology | Ten spiritual realms · Six Realms (නරකය · Animal realm · ප්‍රේත · අසුර · Human realm · දිව්‍යලෝකය) · ත්‍රෛලෝක්‍ය |
| Practices | සරණ · Buddhist devotion · Puja: (Offerings · Prostration · Chanting) · Merit · පරිත්ත · Generosity · නික්මීම · ශීලය: (පන්සිල් · Bodhisattva vows · Patimokkha) · ත්රිශික්ෂාව: (ශීල · සමාධි · ප්‍රඥාව) · සතර බ්‍රහ්ම විහරණ: (මෛත්‍රිය · කරුණාව · මුදිතාව · උපේක්ෂාව) · පාරමිතා · Enlightenment Qualities · Seven Factors of Enlightenment · ඍද්ධිපාද · Five Strengths · Faith · Effort (Four Right Exertions) · Mindfulness (සතිපට්ඨාන) · Jhāna (ධ්‍යාන) · භාවනා · Meditation: (කම්මට්ඨාන · අනුස්සති · ස්මරණ · ආනාපානසති · සමථ · විපස්සනා · Shikantaza · Zazen · Kōan · Mandala · Tonglen · Tantra · Tertön · Terma) |
| නිර්වාණ | Types of බුද්ධ · පසේ බුදුවරු · බෝධිසත්ත්ව · Four stages of enlightenment: (සෝතාපන්න · සකදාගාමී · අනාගාමී · අරහත්) |
| Monasticism | භික්ෂු · භික්ෂුණී · සාමණෙර · සාමණෙරි · අනාගාරික · Ajahn · Sayadaw · Zen master · Roshi · Lama · Rinpoche · Geshe · Tulku · ගිහියා · උපාසක · ශ්‍රාවක |
| ප්‍රධාන චරිත | ගෞතම බුදුන් වහන්සේ · සැරියුත් · මුගලන් · ආනන්ද · මහාකාශ්‍යප · අනුරුද්ධ · Mahakaccana · නන්ද · Subhuti · Punna · Upali · ප්‍රජාපතී ගෝතමී · ඛේමා රහත් තෙරණිය · උප්පලවණ්ණා රහත් තෙරණිය · බුද්ධඝෝෂ හිමි · නාගසේන · බෝධිධර්ම · නාගාර්ජුන · අසංග · වසුබන්ධු · Atisha · Padmasambhava · දලයි ලාමාතුමා |
| Texts | ත්‍රිපිටකය: (විනය පිටකය · සූත්‍ර පිටකය · අභිධර්ම පිටකය) · අට්ඨකථා: (විසුද්ධිමග්ග) · මහායාන සූත්‍ර · Chinese Buddhist canon (ත්‍රිපිටක කොරියානා) · Tibetan Buddhist canon |
| නිකාය | |
| රටවල් | බංගලාදේශය · භූතානය · බුරුමය · කාම්බෝජය · චීනය · India · Indonesia · Japan · Korea · Laos · Malaysia · මාලදිවයින · Mongolia · Nepal · පාකිස්තානය · Russia · Singapore · ශ්‍රී ලංකාව · Taiwan · තායිලන්තය · Tibet · Vietnam · Middle East: (ඉරානය) · Western countries: (Australia · France · United Kingdom · United States) |
| ඉතිහාසය | Timeline · ධර්ම සංගායනා · History of Buddhism in India · Decline of Buddhism in India · අශෝක · Greco-Buddhism · Buddhism and the Roman world · Silk Road transmission of Buddhism · Persecution of Buddhists |
| Philosophy | අභිධර්මය · Logic · Buddhology · Eschatology · Reality · God · Humanism · Engaged Buddhism · Socialism · Anarchism · Economics · Atomism · Evolution · Ethics · Fourteen unanswerable questions |
| Culture | ශ්‍රී මහා බෝධිය · ශ්‍රී දළදා මාළිගාව · කලාව · Greco-Buddhist art · Poetry · බුදු පිළිම · Budai · Symbolism: (ධර්ම චක්‍රය · ධජය · භවචක්‍රය · Thangka) · Prayer wheel · Mala · මුද්‍රා · මන්ත්‍ර (Om mani padme hum) · Music · Holidays: (වෙසක් · Magha Puja · Uposatha) · Rains retreat · Monastic robe · Architecture: (විහාර · Wat · දාගැබ් · Pagoda · Thai temple art and architecture) · Pilgrimage: (ලුම්බිණි · බුද්ධගයාව · සාරනාත් · කුෂිනගර්) · Bodhi Tree · මහාබෝධි විහාරය · දින දසුන · Cuisine · Vegetarianism |
| Miscellaneous | |
| Buddhism and: | Science · Psychology · Hinduism · Jainism · East Asian religions · Christianity · Theosophy · Gnosticism |
| Lists | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධම්මපදය පිළිබඳ තොරතුරු, ධම්මපදය යනු කුමක්ද? ධම්මපදය යනු කුමක් දර්ශනය කරන්නේ?