පිළියන්දල, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ අවට කි.මී. 18 ක් පමණ දුරින් පිහිටි නගරයකි. බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, මත්තෙගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, මොරටුව සහ කටුබැද්ද ආදී නගර වලට මැදිව මෙය පිහිටා තිබේ. කැස්බෑව ආසනයෙහි පවතින ප්‍රධානම නගරය ද පිළියන්දල යි. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක හෝරාස්ථම්භය පිළියන්දල පිහිටා ඇත. 1952 දී ඉදිකිරීම ආරම්භ කරන ලද එය 1953 දී නිම කරන ලද අතර එදින සිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.
| පිළියන්දල | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
භූගෝලීය පිහිටීම
කළු ගඟේ ශාඛාවක් වන බොල්ගොඩ ගඟෙහි නැගෙනහිර ඉවුරු පිළියන්දල නගරයට සමීපව පවතියි. කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වන මෙම නගරය සහ ඒ ආශ්රිත ප්‍රදේශය පදිංචියට යෝග්‍ය ප්‍රදේශයක් ලෙස මහජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඇත.
කර්මාන්ත
. ප්‍රදේශයෙහි පවතින කුඩා වැවක් වන කැස්බෑව වැව මෙයට මහඟු දායකත්වයක් සපයයි. වී ගොවිතැනට අමතරව, රබර් ද ආර්ථික භෝගයක් ලෙස ව්‍යාප්තව පැවතුනද එය සීඝ්‍රව හීන වෙමින් පවතියි.එහෙත් දැන් පිළියන්දල ප්‍රදේශයේ කුඹුරු බොහොමයක් කුඹුරු වගා කිරීම සිදු වන්නේ නැත.මෙයට හේතු වී ඇත්තේ වගා කරුවන් බොහෝ දෙනෙක් මහලු වියට පත් වීම ඔවුන්ගේ දරුවන් වගා වලින් ඈත් වී වෙනත් රැකියා වල නිරත වී සටින නිසා මෙහි කුඹුරු දැන් පුරන් වීගෙන යයි.
පෙර පැවති, ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය යටතේ ස්ථාපනය කල විශාල පිඟන් කර්මාන්ත ශාලාවක් පිළියන්දල නගරයෙහි පැවතුනද පෞද්ගලීකරණය කර කෙටි කලෙකින්ම එය වසා දැමීමට සිදුවුනි. අද වන විට එම කර්මාන්ත ශාලාව පැවති භූමියද, පෞද්ගලික සමාගමක් මඟින් මිලටගෙන, නිවාස ව්‍යපෘතියක් සඳහා යොදවා ඇත.
එහෙත් මේ වන විට පිළියන්දල ඇගලුම් කර්මාන්තශාලා බොහොමයක් පවතියි. තවද උසස් තත්වයේ හෝටල් පිලයන්දල බොල්ගොඩ ගඟ අසල ඇත. වෙනත් කර්මාන්තශාලා බොහොමයක්ද පිළියන්දල ඇත. ACL වයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිට ඇත.
අධ්‍යාපන ආයතන
රජයේ අධ්‍යාපන ආයතන
පිළියන්දල ප්‍රදේශය ආශ්‍රිතව රජයේ පාඨශාලා කිහිපයක්ම තිබේ.
6 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත
- පිළියන්දල මධ්‍ය මහා විදුහල,
- ධර්මරාජ මහා විදුහල,
1 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත
- සර් ජෝන් කොතලාවල මහා විදුහල,
1 වසර සිට 5 වසර ශිෂ්‍යත්වය දක්වා පංති සහිත
- සෝමවීර චන්ද්‍රසිරි කණිෂ්ඨ විදුහල සහ
- පිළියන්දල කණිෂ්ඨ විදුහල
බස් මාර්ග
පිළියන්දල හරහා දිවෙන බස් මාර්ග
- 120 - පිටකොටුව-පිළියන්දල-කැස්බෑව/හොරණ
- 162 - පිටකොටුව - බණ්ඩාරගම
- 255 - ගල්කිස්ස- කොට්ටාව (පිළියන්දල හරහා)
- 120 - හොරණ - කොළඹ (පිළියන්දල හරහා)
පිළියන්දලින් අවසන් වන බස් මාර්ග
මූලාශ්‍ර
- [1], Daily News - Features April 2003.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිළියන්දල පිළිබඳ තොරතුරු, පිළියන්දල යනු කුමක්ද? පිළියන්දල යනු කුමක් දර්ශනය කරන්නේ?