පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් එකක් වේ. එය පිළිමතලාව දුම්රිය ස්ථානය, සරසවි උයන හා කොස්හින්න යන දුම්රිය ස්ථානවලට මැදිව පිහිටා තිබේ. පේරාදෙණිය දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය | |
|---|---|
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටි ස්ථානය | ශ්‍රී ලංකාව |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
| දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය |
| වේදිකා ගණන | 3 |
| වෙනත් තොරතුරු | |
| තත්ත්වය | සක්‍රීය |
| දුම්රිය ස්ථාන කේතය | PPL |
| ඉතිහාසය | |
| විවෘතය | 1867 |
| විද්යුතනය | නැත |
පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ 45වැනියාට හමුවන දුම්රිය ස්ථානය වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර 476 ක පමණ උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ. මාතලේ සහ බදුල්ල දක්වා ගමන් කරන දුම්රිය මාර්ග බෙදීයන්නේ මෙම පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය හරහා වේ.
ඉතිහාසය
ප්‍රධාන දුම්රිය මාර්ගය අඹේපුස්ස සිට මහනුවර දක්වා දිගුකිරීමේ අදියර යටතේ වර්ෂ 1867දී පේරාදෙණිය දුම්රිය ස්ථානය ගොඩනගන ලදී. වර්ෂ 1873 ජනවාරි 15 වන දින පේරාදෙණිය සිට ගම්පොල දක්වා දුම්රිය මාර්ගය තැනීම හේතුවෙන් මෙම දුම්රිය ස්ථානය දුම්රිය හංදියක් බවට පත් විය.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය යනු කුමක්ද? පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?