මාතලේ

මුල් පිටුව | මාතලේ

මාතලේ ( ඉංග්‍රීසි: Matale/Māttaḷai ) යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්‍රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" නම් වු බවත් පසුව "මාතලේ" බවට පත්වූ බවත් කියවේ. මාතලේ නගර‍යේ මුලු භුමි ප්‍රමානය 9 කිමී² කි.

මාතලේ
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
පරිපාලන දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයමාතලේ මහනගර සභාව
 • නගරාධිපතිඅතිගරු. සන්ධනම් ප්‍රකාශ්
සරිය
 • මුළු9 කිමී2 (3 සතරැස් සැත)
ජනගහණය(2012 ඇස්තු:)
 • මුළු40,860
 • ඝණත්වය4,200/කිමී2 (11,000/වර්ග සැත)
වේලා කලාපTime in Sri Lanka (UTC+5:30)
 • ගිම්හානය (DST)not observed (UTC+5:30)

නගර‍යේ සම්පූර්ණ ජනගහනය ( 2012 ඇස්තු: ) 40,860 ක් විය. මාතලේ නගරය කොළඹින් කිලෝමීටර 142ක් පමණ ( සෑතපුම් 90ක් ) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ ( සෑතපුම් 16 ) දුරින් උතුරු දෙසින් පිහිටා ඇති.

ආකර්ෂණීය ස්ථාන

ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන ශ්‍රී මුතුමාරම්මන් කෝවිල (මාතලේ පළමු හා පැරණිතම ආගමික ස්ථානය), රිවර්ස්ටන්, සෙම්ඹුවත්ත වැනි සුන්දර පාරසරික ස්ථානද පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය තුලය එයින් අළුවිහාර රජමහා විහාරය මාතලේ නගර සිමාව ආසන්නයේ පිහිටා ඇත. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇ‍ති තැනිතලා ප්‍රදේශයකි. මාතලේ නගරය අවට කෘෂිකාර්මික භූමි ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ ගම්මිරිස්, කරාඹු, සාදික්කා, තේ,පොල්, රබර්, කුළුබඩු වර්ග සහ එළවලු සහ පළතුරු වර්ග ය. අළුහුණු, මැණික්, බතික්, අත්කම් කර්මාන්තද දැකිය හැක.

මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ආකර්ෂණීය ස්ථාන

  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය (මාතලේ පළමු හා පැරණිතම ආගමික ස්ථානය) ( දේවස්ථානය විසින් වාර්ෂිකව පවත්නා තේරු උත්සවය සදහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණේ )
  • ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය )
  • මැක්ඩොවෙල් බලකොටුව
  • නානායක්කාර උද්‍යානය සහ රජයේ නවාතැන
  • වීර පුරන්අප්පු ස්මාරකය
  • අනගාරික ධර්මපාල ස්මාරකය
  • පරණ ඔරලෝසු කණුව
  • පරණ දුම්රිය ස්ථානය ( වර්ෂ 1880 දි නිම කරන ලදි )
  • බෞද්ධ මන්දිරය
  • ශාන්ත අන්තෝනි දේවස්ථානය, වහකෝට්ටේ
  • නන්දිමිත්‍ර එකනායක ජාත්‍යන්තර හොකි ක්‍රිඩාංගණය
  • එඩ්වඩ් හොකි ක්‍රිඩාංගණය
  • බර්නාඩ් අළුවිහාරේ ක්‍රිඩාංගණය
  • මහජන පුස්තකාලය
  • ළමා ක්‍රිඩාංගණය

මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආකර්ෂණීය ස්ථාන

  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
  • ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය )

ආගමික ස්ථාන

මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ආගමික ස්ථාන

  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
  • ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය )
  • ක්‍රිස්තු දේවස්ථානය
  • බෞද්ධ මන්දිරය
  • බෝගහකොටුව විහාරස්ථානය

මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආගමික ස්ථාන

  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
  • ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය )
  • ක්‍රිස්තු දේවස්ථානය
  • අළුවිහාර රජමහා විහාරය


අධ්‍යාපනය

මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි පාසල්

  • ක්‍රිස්තුදේව මහා විද්‍යාලය, මාතලේ
  • රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ
  • ශ්‍රී සංඝමිත්ත බාලිකා ජාතික පාසල, මාතලේ
  • ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
  • ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය, මාතලේ
  • සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ
  • විජය විද්‍යාලය, මාතලේ
  • විජයපාල විද්‍යාලය, මාතලේ
  • සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, මාතලේ
  • සහිරා විද්‍යාලය, මාතලේ
  • හින්දු විද්‍යාලය, මාතලේ
  • පාක්‍යම් විද්‍යාලය, මාතලේ
  • ආමිනා විද්‍යාලය, මාතලේ
  • ඉස්මාලියා විද්‍යාලය, මාතලේ

ජාත්‍යන්තර පාසල්

  • මාතලේ අන්තර්ජාතික පාසල, මාතලේ
  • ග්‍රින්වුඩ් අන්තර්ජාතික පාසල, මාතලේ
  • රෝයල් ඉංග්‍රීසි පාසල, මාතලේ

මාතලේ නගරය අවට පිහිටි වෙනත් නගර

  • උකුවෙල
  • රත්තොට
  • ගලේවෙල
  • යටවත්ත
  • නාඋල
  • පල්ලේපොල
  • දඹුල්ල
  • සීගිරිය
  • අළුවිහාරය


  • මාතලේ හින්දු කෝවිල
  • මාතලේ ඔර‍ලෝසු කණුව
  • 1818 නිදහස් සටනින් දිවි පිදූ විරුවන් සිහි වීම පිණිස සාදා ඇති ස්මාරකය
  • අළුවිහාරය රජමහ විහාරය

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව
  • මාතලේ කැරැල්ල

බාහිර සබැදි

  • The Official websit of Sri Muthumariamman Thevasthanam සංරක්ෂණය කළ පිටපත 2014-02-08 at the Wayback Machine
  • Knuckles range nature preservation centre සංරක්ෂණය කළ පිටපත 2019-01-03 at the Wayback Machine
  • Discover Sri Lanka - More information & images about Matale සංරක්ෂණය කළ පිටපත 2011-07-13 at the Wayback Machine
  • The official web site of Aluvihara rock cave temple
  • [1] සංරක්ෂණය කළ පිටපත 2013-06-25 at the Wayback Machine

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාතලේ පිළිබඳ තොරතුරු, මාතලේ යනු කුමක්ද? මාතලේ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.