මැල්කම් රංජිත් හිමිපාණෝ

බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති.

අති උතුම්

පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්
කාදිනල්, කොළඹ
අගරදගුරු පදවියකොළඹ
පලාතකොළඹ
ශුද්ධාසනයකොළඹ, ශ්‍රී ලංකාව
Appointed16 ජූනි 2009
ඇරඹුනේ5 අගෝස්තු 2009
පූර්වප්‍රාප්තිකයාඔස්වල්ඩ් ගොමිස්
වෙනත් තනතුරුලුසිනාහි එස්. ලොරෙන්සෝහි කාදිනල් තුමා
ධූර තොරතුරු
ප්‍රව‍්‍රජ්‍යාව29 ජූනි 1975
by සයවන පාවුළු පාප්වහන්සේ
අභිෂේකය17 ජූනි 1991
by නිකලස් මාකස් ප්‍රනාන්දු
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ20 නොවැම්බර් 2010
by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
අනුස්ථිතියකාදිනල් පූජක
පුද්ගලික විස්තර
උපන් නමපටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්
උපත15 නොවැම්බර් 1947 (1947-11-15) (වයස 78)
පොල්ගහවෙල, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
සභාවරෝමානු කතෝලික
Parentsවිලියම් සහ මේරි විනිෆ්‍රීඩා
පූර්ව තනතුර
  • කොළඹ සහායක රදගුරු (1991–1995)
  • කබාර්සුසි හි නාමික බිෂොප් (1991–1995)
  • රත්නපුර රදගුරු (1995–2001)
  • Adjunct Secretary of the Congregation for the Evangelization of Peoples (2001–2004)
  • Apostolic Nuncio to Indonesia (2004–2005)
  • Apostolic Nuncio to Timor-Leste (2004–2005)
  • Titular Archbishop of Umbriatico (2004–2009)
  • Secretary of the Congregation for Divine Worship and the Discipline of the Sacraments (2005–2009)
Coat of arms

කාදිනල් රංජිත් කාඩිනල් තුමා, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇත.

ඇල්බට් මැල්කම් රංජිත්
සඳහා ආමන්ත්‍රණ ශෛලීන්
සමුද්දේශ ශෛලියHis Eminence
කථන ශෛලියYour Eminence
අවිධිමත් ශෛලියකාදිනල්
පදවියකොළඹ

දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය

මැල්කම් රංජිත් කාඩිනල් තුමා, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.

කාදිනල්තුමා

2010 ඔක්තොම්බර් 20 දිනදී, දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ ප්‍රකාශ කලේ, 2010 නොවැම්බර් 20 දිනට නියමිත කාදිනල් මණ්ඩලයේ රැස්වීමක් තුලදී එතුමා විසින් රංජිත් හිමිපාණන් කාදිනල්තුමෙකු ලෙසින් පත් කරනු ලබන බවයි. එතුමා හට කාදිනල් පූජාප්‍රසාදීන්වහන්සේ තරාතිරම ප්‍රදානය කෙරුණු අතර, ලුචීනාහී සන් ලොරෙන්සෝ නාමමාත්‍ර දේවස්ථානය අනුයුක්ත කෙරිණි.

මූලාශ්‍ර

  1. https://www.sundaytimes.lk/101024/Plus/plus_01.html
  2. PATABENDIGE DON Card. Albert Malcolm Ranjith (vatican.va)
  3. "Annuncio di Concistoro per la Creazione di Nuovi Cardinale 20.10.2010". 28 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-10-20.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැල්කම් රංජිත් හිමිපාණෝ පිළිබඳ තොරතුරු, මැල්කම් රංජිත් හිමිපාණෝ යනු කුමක්ද? මැල්කම් රංජිත් හිමිපාණෝ යනු කුමක් දර්ශනය කරන්නේ?