භූගෝලීය පිහිටීම
මීතොටමුල්ල යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර මායිමේ ම පිහිටි ග්‍රාමයකි. මෙම ගම කොලොන්නාව නගර සභාවට අයත් වන අතර කොලොන්නාව ඡන්ද කොට්ඨාසය තුළ පිහිටා තිබේ. දෙමටගොඩ කොලොන්නාව මාර්ගයේ කොලොන්නාව තෙල් සංස්ථා දොරටුව ඉදිරිපසින් හා ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය පරණ අවිස්සාවේල්ල මාර්ගයේ ප්‍රධාන දුම්රිය මාර්ගයට නුදුරින් මීතොටමුල්ලට ඇතුළු වන ප්‍රධාන මාර්ග දෙකකි.
ආගමික ස්ථාන හා වෙනත් ආයතන
මීතොටමුල්ලෙහි විහාරස්ථාන ගණනාවක් ඇති අතර එයින් මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය ආ මීතොටමුල්ල ක්ෂේත්‍රාරාමය මුල් තැනක් ගනී. නම් පොත නම් ග්‍රන්ථයේ සඳහන් වන සම්මුඛ දේවාලය යනු මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමයේ ඉහළ මළුවේ ඇති දේවාලය යැයි විශ්වාස කරති. ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රය තෙක් දිවෙන දුම්රිය මාර්ගය ද වැඩි හරියක් දිව යන්නේ මීතොටමුල්ල බස් ඩිපෝව මෙන්ම ජැෆර්ජි ඇඟළුම් ආයතනය ද එකම රජයේ පාසල වන රාහුල විද්‍යාලය ද පිහිටා ඇති මෙම ගම මැදිනි.
ප්‍රසිද්ධ පුද්ගලයින්
ප්‍රසිද්ධ කිවිවරයකු වූ නැසීගිය යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ගේ මෙන්ම පළමු මනමේ බිසව වූ ට්‍රිලීෂියා ගුණවර්ධනයන්ගේ ද ගම වූයේ මීතොටමුල්ලයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීතොටමුල්ල පිළිබඳ තොරතුරු, මීතොටමුල්ල යනු කුමක්ද? මීතොටමුල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?