රොෂාන් රණසිංහ

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය. ඔහු 2010 සිට 2024 දක්වා අඛණ්ඩව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

රොෂාන් රණසිංහ
ரோஷன் ரணசிங்க
Roshan Ranasinghe
මව්බිම ජනතා පක්ෂයේ සභාපති
තනතුර දරමින්
2 ඔක්තොම්බර් 2024
උප සභාපතිචන්න ජයසුමන
පක්ෂ නායකයාදිලිත් ජයවීර
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාතේනුක විදානගමගේ
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
වාරිමාර්ග අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත24 ඔක්තෝබර් 1975 (1975-10-24) (වයස 50)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයමව්බිම ජනතා පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
සර්වජන බලය
(2024 - වර්ථමානය)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2018 - 2024)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - 2022)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2018ට පෙර)
රැකියාවව්‍යාපාරිකයා

රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 4,205ක් ලබා ගෙන දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.

2024 ඔක්තෝබර් 2 වැනිදා ඔහු මව්බිම ජනතා පක්ෂයට එක්විය. ඒ අවස්ථාවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔහුව එම පක්ෂයේ සභාපති ලෙස පත් කළේය.

සටහන්

  1. කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස

මූලාශ්‍ර

  1. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. "රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට". අද දෙරණ. 11 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.
  4. "Presidential Election 2024 – All island result – Without preferences" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 22 සැප්තැම්බර් 2024. 6 ඔක්තෝබර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 ජනවාරි 2025.
  5. "රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට". අද දෙරණ. 2 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 17 ජනවාරි 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොෂාන් රණසිංහ පිළිබඳ තොරතුරු, රොෂාන් රණසිංහ යනු කුමක්ද? රොෂාන් රණසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?