ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව

නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්‍ස්‍යන්, කකුලුවන්, මොලුස්කාවන්, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්‍රජාවකට නිවහන සපයයි.

Fish
Temporal range: 535–0 Ma
N
Middle Cambrian – Recent
Bala shark, a bony fish
Scientific classification
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
ක්ලේඩය: Olfactores
Subphylum: Vertebrata
Groups included
  • "Agnatha"
  • "Placodermi"
  • "Acanthodii"
  • Chondrichthyes
  • Osteichthyes
    • Actinopterygii
    • Sarcopterygii (including tetrapods)
Cladistically included but traditionally excluded taxa
  • Tetrapoda

ශ්‍රී ලංකාව තුල පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි!

හැඳින්වීම

ශ්‍රි ලංකාවේ මිරිදිය මසුන් අපට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.

  1. දේශීය විශේෂ (Indigenous)
  2. හදුන්වාදෙන ලද විශේෂ (Introduced)

දේශීය විශේෂ

  • ශ්‍රී ලංකාවේ මිරිදිය පරිසරයේ ජීවත් වේ.
  • ස්වාභාවිකව ජීවත් වෙමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී.
  • ලංකාවේ ආවේණික මිරිදිය මසුන් මෙම ගණයට අයත් වේ.
  • වසර ගණනක් හුදකලාවීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් පරිණාමණය වී ඇත.

හඳුන්වා දෙන ලද විශේෂ

  • මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ මදුරු කීටයන් ගිල දැමීමට හදුන්වා දුන් මසුන් ද මීට අයත් වේ.

උදා:- ගප්පි (Poecillia reticulata)

  • ජලජ ජීවී වගාව සඳහා ප්‍රෝටීනමය අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් හදුන්වා දුන් මසුන් වි‍‍ශේෂ වේ. උදා:-අප්‍රිකානු තිලාපියන්, ඉන්දියානු කාපයන්
  • විසිතුරු මත්සයන් ඇති කරන්නන් විසින් මිරිදිය ජලාශ වල‍ට මුදා හරිනු ලැබූ මත්ස්‍ය විශේෂ වේ. උදා:-මන්නයා (Notopterus chitala)

ශ්‍රී ලංකා‍වේ ප්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප

1. නිරිත දිග කලාපය (South Western Province) - අත්තනගලු ඔය දෝණියේ සිට නිල්වලා ගංගා දෝණිය දක්වා තෙත් කලාපීය ප්‍රදේශ

2. මහවැලි කලාපය (Mahaweli Province) - මහවැලි ගංගා දෝණිය ඇතුලත් ප්‍රදේශය

3. වියළි කලාපය (Dry Zone Province) - ඉහත ප්‍රදේශ හැර ඉතිරි වියළි කලාපීය ප්‍රදේශ

මීට අමතරව 1 හා 2 කලාප අතර සංක්‍රමණ කලාපයක් ද හදුනාගෙන ඇත.

විශේෂ නාමාවලිය

වර්ගය: Actinopterygii

මිරිදිය මසුන් භෞතවිද්‍යාත්මකව කරදිය සහ කිවුල්දිය මත්ස්‍යයන්ගෙන් වෙනස් වේ. අඩු ලවණතාව සහ ඉහළ ආස්‍රැත පීඩනය එම වෙනසට හේතු වී ඇත. නමුත් මෙම පරිසර පද්ධති ත්‍රිත්වයේම ජීවත් විය හැකි මත්ස්‍යා විශේෂ කිහිපයක් ද ඇත.

ශ්‍රී ලංකාවේ දැනට මිරිදිය මත්ස්‍ය විශේෂ 95ක් පමණ හමුවන අතර, ඉන් 53 දෙනකු ආවේණික ය. ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් මත්ස්‍ය විශේෂ අතුරින් 41% පමණ මිරිදියෙහි පමණක් හමුවේ. එම මත්ස්‍යයන්ගෙන් 70% පමණම මෙරටට ආවේණික ය. ඉන් බොහෝමයක් විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර IUCN ප්‍රවර්ග යටතට ඇතුළත් කොට ඇත. 2017දී බටුවිට ඇතුළු පිරිස් විසින් Devario විශේෂ හතරක් හඳුන්වා දුන් නමුත් එහි වර්ගීකරණය සහ විස්තර මතභේදාත්මක යැයි සෙසු දේශීය මත්ස්‍ය විද්‍යාඥයෝ පවසති.

සටහන: හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ මෙහි ඇතුළත් නොවේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මත්ස්‍යයින් ලැයිස්තුව බලන්න.

මිරිදිය ආඳන්

ගෝත්‍රය: Anguilliformes. කුලය: Anguillidae

මෙම කුලයට අයත් විශේෂ 19ක් සහ උපවිශේෂ 6ක් හඳුනාගෙන ඇති අතර ඒ සියල්ලන්ම Anguilla ගණයට ඇතුළත් කොට ඇත. ශ්‍රී ලංකාවෙන් මිරිදිය ආඳන් විශේෂ 2ක් හමුවේ.

නම ද්වීපද නාමය තත්ත්වය
පොල් මල් ආඳා
Mottled Eel
Anguilla nebulosa
කළු ආඳා
Shortfin Eel
Anguilla bicolor

කාපයන් සහ පෙතියන්

ගෝත්‍රය: Cypriniformes. කුලය: Cyprinidae මෙම කුලයට අයත් ගණ 320කට අධික සංඛ්‍යාවක් සහ විශේෂ 3,250කට අධික සංඛ්‍යාවක් ලෝකයෙන් හමුවේ. ශ්‍රී ලංකාවෙන් විශේෂ 52ක් වාර්තා වී ඇත.

පොදු නාමය ද්වීපද නාමය තත්ත්වය
ගංගිලියා
Attentive carplet
Amblypharyngodon melettinus
දංකොළ පෙතියා
Sinhala barb

Dawkinsia singhala ආවේණික
මල් පෙතියා
Blotched filamentous barb

Dawkinsia srilankensis ආවේණික
රත් කයිලයා
Giant danio

Devario aequipinnatus
නතාලි සාලයා Devario annnataliae මතභේදාත්මක තක්සෝනය
දංකොළ සාලයා
Malabar danio

Devario malabaricus
කිතුල්ගල සාලයා Devario micronema මතභේදාත්මක තක්සෝනය
අග්‍රා සාලයා Devario monticola මතභේදාත්මක තක්සෝනය
පතිරණ සාලයා
Barred danio

Devario pathirana
Devario udenii මතභේදාත්මක තක්සෝනය
රැවුල් දණ්ඩියා
Flying barb

Esomus thermoicos
ගල් පාඬියා
Ceylon Logsucker
Garra ceylonensis ආවේණික
පිලිප්ගේ ගල් පාඬියා
Philipps' Garra
Garra phillipsi ආවේණික
හොර දණ්ඩියා
Glow-light Carplet

Horadandia atukorali
හිරි කනයා Labeo heladiva ආවේණික
ගඩයා
Green labeo
Labeo fisheri ආවේණික
තඹලයා
Red fin labeo
Labeo lankae ආවේණික
දුම්බර කර-ඇදයා
Knuckles Laubuca
Laubuca insularis ආවේණික
ලංකා කර-ඇදයා
Blue Laubuca
Laubuca lankensis ආවේණික
රුහුණු කර-ඇදයා
Ruhuna Laubuca
Laubuca ruhuna ආවේණික
වරුණ කර-ඇදයා
Varuna Laubuca
Laubuca varuna ආවේණික
Scarlet banded barb Puntius amphibius
ඉපිලි කඩයා
Red-side barb

Puntius bimaculatus
Swamp barb Puntius chola
බිම් තොල්ලා
Long-snouted barb
Puntius dorsalis
කාමලිකා පෙතියා
Kamalika's barb
Puntius kamalika ආවේණික
රතු-වරල් පෙතියා
Kelum's barb

Puntius kelumi ආවේණික
ලේ තිත්තයා
Cherry barb

Puntius titteya ආවේණික
බණ්ඩි තිත්තයා
Greenstripe barb
Puntius vitattus
බන්දුල පෙතියා
Bandula barb
Pethia bandula ආවේණික
කහ-වරල් දෙපුල්ලියා
Two-spot barb
Pethia cumingii ආවේණික
දෙපුල්ලියා
Tic-tac-toe Barb
Pethia melanomaculata ආවේණික
බුලත් හපයා
Black ruby barb

Pethia nigrofasciata ආවේණික
රතු-වරල් දෙපුල්ලියා
Red-fined Barb
Pethia reval ආවේණික
Stoliczkae's barb

Pethia stoliczkana
තිත් පෙතියා
Ticto barb

Pethia ticto
රක්වාන දණ්ඩියා
Amith's rasbora
Rasbora armitagei ආවේණික
කාවේරි දණ්ඩියා
Cauvery rasbora
Rasbora caverii
Slender rasbora Rasbora daniconius ආවේණික
විල්පිට දණ්ඩියා
Wilpita rasbora
Rasbora wilpita ආවේණික

Rasboroides nigromarginatus ආවේණික
හල්මල් දණ්ඩියා

Rasboroides pallidus ආවේණික
Rasboroides rohani ආවේණික
හල්මල් දණ්ඩියා
Pearly Rasbora
Rasboroides vaterifloris ආවේණික
අසෝක පෙතියා
Asoka barb
Systomus asoka ආවේණික
දුම්බර පෙතියා
Martenstyn's barb
Systomus martenstyni ආවේණික
හීත මස්සා
Side-striped barb
Systomus pleurotaenia ආවේණික
මස් පෙතියා
Olive barb

Systomus sarana
මස් පෙතියා Systomus spilurus ආවේණික
තිඹිරි පෙතියා

Timbiri Barb

Systomus timbiri ආවේණික
ලෙහෙල්ලා
Deccan Mahseer

Tor khudree

ගං ඇහිරාවන්

කුලය: Balitoridae

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
පොල් ඇහිරාවා
Banded Mountain Loach

Acanthocobitis urophthalma ආවේණික
රක්වාන ඇහිරාවා
Hill country Loach
Schistura madhavai ආවේණික
පුවක් බඩිල්ලා
Spotback Loach
Schistura notostigma දේශීය
නාකියාදෙණිය ඇහිරාවා Schistura scripta ආවේණික

සත්‍ය ඇහිරාවන්

කුලය: Cobitidae

පොදු නාමය ද්වීපද නාමය තත්ත්වය
පුල්ලි ඇහිරාවා
Spotted loach
Lepidocephalichthys jonklaasi ආවේණික
වයිරන් ඇහිරාවා
Common spiny loach

Lepidocephalichthys thermalis

අංකුට්ටන්

ගෝත්‍රය: Siluriformes. කුලය: Bagridae

නම ද්වීපද නාමය තත්ත්වය
කුරු අංකුට්ටා
Dwarf catfish
Mystus ankutta ආවේණික
පත් අංකුට්ටා
Gangetic mystus
Mystus cavasius
මාන අංකුට්ටා
Long Whiskers catfish
Mystus gulio
කහ අංකුට්ටා
Yellow catfish
Mystus keletius
ඉරි අංකුට්ටා
Striped dwarf catfish
Mystus vittatus

වලයන් හා වලපොත්තන්

කුලය: Siluridae

නම ද්වීපද නාමය තත්ත්වය
වලපොත්තා Ompok argestes Endemic
වලපොත්තා
Butter catfish

Ompok bimaculatus
වලපොත්තා Ompok ceylonensis Endemic
වලයා
Wallago

Wallago attu

මගුරන්

කුලය: Clariidae

නම ද්වීපද නාමය තත්ත්වය
මගුරා
Walking catfish

Clarias brachysoma ආවේණික

හුංගන්

කුලය: Heteropneustidae

නම ද්වීපද නාමය තත්ත්වය
හුංගා
Asian big catfish

Heteropneustes fossilis

වගුරු ආඳන්

ගෝත්‍රය: Synbranchiformes. කුලය: Synbranchidae

නම ද්වීපද නාමය තත්ත්වය
දුඹුරු පොට්ට ආඳා
Lesser swamp eel
Monopterus desilvai
පොට්ට ආඳා
Bengal swamp eel
Ophisternon bengalense

හඳයන්

ගෝත්‍රය: Cyprinodontiformes. කුලය: Aplocheilidae

නම ද්වීපද නාමය තත්ත්වය
උඩ හඳයා
Ceylon killifish
Aplocheilus dayi ආවේණික
ඉරි හඳයා
Dwarf panchax
Aplocheilus parvus
කලපු හඳයා
Werners killifish
Aplocheilus werneri ආවේණික

හැඳි හැඩයන්

කුලය: Adrianichthyidae

නම ද්වීපද නාමය තත්ත්වය
හැඳි හැඩයා
Spotted ricefish
Oryzias carnaticus
තිත් හැඩයා
Indian ricefish
Oryzias dancena

සික්ලිඩයන්

ගෝත්‍රය: Perciformes. කුලය: Cichlidae

නම ද්වීපද නාමය තත්ත්වය
කහ කොරලියා
Yellow

chromide

Etroplus maculatus
කොරලියා
Green chromide

Etroplus suratensis

කාවයියන්

කුලය: Anabantidae

නම ද්වීපද නාමය තත්ත්වය
කාවයියා
Climbing perch

Anabas testudineus

ගුරාමින්

කුලය: Osphronemidae

නම ද්වීපද නාමය තත්ත්වය
තල්කොස්සා
Ceylonese combtail
Belontia signata ආවේණික
මල්පුළුට්ටා
Ornate parasidefish
Malpulutta kretseri ආවේණික
පුළුට්ටා
Spike-tailed paradisefish
Pseudosphromenus cupanus

කනයන්

කුලය: Channidae

නම ද්වීපද නාමය තත්ත්වය
ගං ආරා
Giant snakehead

Channa marulius
පරඬැල් කනයා
Dwarf snakehead

Channa gachua
කොළ කනයා
Ceylon snakehead

Channa orientalis ආවේණික
මඩ කනයා
Spotted snakehead

Channa punctata
ලූලා
Striped snakehead

Channa striata

යොන්නන්

කුලය: Belonidae

නම ද්වීපද නාමය තත්ත්වය
යොන්නා

Wounded needle

Xenentodon cancila

නිදිමතයන්

කුලය: Eleotridae

නම ද්වීපද නාමය තත්ත්වය
Crazyfish

Butis butis
පුවක් බඩිල්ලා
Dusky sleeper

Eleotris fusca

තෙලියන්

කුලය: Mastacembelidae

නම ද්වීපද නාමය තත්ත්වය
ගං තෙලියා
Tire track eel

Mastacembelus armatus
බටකොළ තෙලියා
Sri Lanka spiny eel
Macrognathus pentophthalmos

වැලිගොව්වන්

කුලය: Gobiidae

නම ද්වීපද නාමය තත්ත්වය
බලි වැලිගොව්වා
Large snout goby
Awaous melanocephalus
මහ-ගං වැලිගොව්වා
Tank goby

Glossogobius giuris
වැලිගොව්වා
Sharptail goby

Oligolepis acutipennis
ගෙල රතු වැලිගොව්වා

Red neck goby

Schismatogobius deraniyagalai
ගල් වැලිගොව්වා

Stone goby

Sicyopterus griseus
මහ-ගල් වැලිගොව්වා

Redtail goby

Sicyopterus lagocephalus
තොල්-රතු වැලිගොව්වා

Lipstick goby

Sicyopus jonklaasi ආවේණික
මාර්ටෙන්ස්ටයින්ගේ වැලිගොව්වා
Martenstyn's goby
Stiphodon martenstyni ආවේණික

ආවේණික මසුන්ට අභියෝග

ශ්‍රී ලංකා‍වේ මිරිදිය මසුන්ගේ විවිධත්වය කලාපයේ අනිකුත් රට වලට වඩා ඉහල අගයක් ගත්තද, දිනෙන් දිනම මෙම විවිධත්වය අඩුවන බව පෙනේ. ශ්‍රී ලංකා‍වේ ආවේණික මසුන් ඇතුළු සියළු මිරිදිය මසුන්ට මෙම අභාග්‍යසම්පන්න ඉරණම උදා වී ඇත. මිනිසුන්ගේ ක්‍රියාකාරකම හේතුවෙන් වන ජීවීන් විනාශයට ලක්වීම ආවේණික මසුන්ගේ පැවැත්මට ද ඉතා අහිත කර ලෙස බලපානු ලබයි. ඒ ඔවුන්ගේ සීමා සහිත ව්‍යාප්තියට පාරිසරික වෙනස්වීම් අධි සංවේදි වන නිසාය. ආවේණික ජීවියකු ඔවුන්ගේ සීමා සහිත වාසස්ථානයෙන් වඳවී යාම ඔවුන් මුළු මිහිතලයෙන්ම වඳවීයාමකි.


ආවේණික මසුන්ට ඇති තර්ජන

වනාන්තර විනාශය

විශේෂයෙන්ම විවිධ වැවිළි භෝග වගාවන් හේතුවෙන් කදුකර වනාන්තර හා තෙත් කලාපීය වනාන්තර විශාල වශයෙන් විනාශ විය. වන ආවරණය ඉවත්වීම දිය පහර වියළීයාමට හේතු විය. ලංකාවේ ආවේණික මසුන්ට සෙවන ඉතා වැදගත් සාධකයක් වේ.

උදා:මල් පුළුට්ටා (Malpulutta Kretseri)

පතිරණ සාලයා (Danio pathirana)


කෟෂි රසායන භාවිතය ඉහළයාම

ආර්ථික භෝග වගාව හේතුවෙන් සෝදා පාළුව උග්‍රවිය. මේ නිසාවෙන් රසායන පොහොර භාවිතය එන්න එන්නම වැඩි විය. සෝදා පාළුව හේතුවෙන් රසායන පොහොර හා පළිබෝධනාශක ආදිය පහත් බිම් වල දිය පහර වලට එක්විය. මෙම තත්වය මිරිදිය මසුන්ට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.


වගුරු බිම් විනාශය

නාගරීකරණයත් සමඟ වැඩිවන ජනගහනයේ ඉඩම් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වගුරු බිම් රාශියක් ගොඩකිරීම වර්තමානයේ ඉතා සුලබව දක්නට ලැ‍බේ. මෙම තත්වය වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වු මිරිදිය මසුන්ගේ ජීවන රටාවත්, පැතිරීමටත් ප්‍රබල තර්ජනයක් විය.

උදා: පොට්ට ආඳා, දෙපුල්ලියා

මැණික් ගැරීම

බොහොමයක් ආවේණික මසුන් ජීවත් වන්නේ පැහැදිලි පිරිසිදු දියපාර වලය. මැණික් ගැරීම නිසා රොන් මඩට හසුවන දියපාර බොර වේ. එය සංවේදී මසුන්ගේ ජලක්ලෝම අවහිරවීමෙන් ශ්වසන අපහසුතා ඇතිවී මිරිදිය මසුන‍ට මාරාන්තික තත්වයක් උද්ගතවීම බොහෝ විට දක්නට ලැබේ. එසමන්ම බිත්තර මත රොන් මඩ තැන්පත්වීම ද අහිතකර වේ.


අපනයනය ආශ්‍රිත ක්‍රියාකාරකම්(ආර්ථික ක්‍රියාකාරකම්)

ලංකාවේ බොහොමයක් ආවේණික මිරිදිය මසුන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වු අලංකාර මසුන් වේ. මේ නිසාවෙන් සුරතල් මසුන් වශයෙන් මොවුන්ට ඇති ඉල්ලුම දිනෙන් දිනම තීව්‍ර වේ. සුරතල් මසුන් අපනයනය සඳහා ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම; සීමිත ව්‍යාප්තියක් පෙන්වන මිරිදිය මසුන්ගේ ව්‍යාප්තියට අහිතකර තත්වයක් පෙන්නුම් කෙරේ.

උදා: බුලත් හපයා, ලේ තිත්තයා, දෙපුල්ලියා

දැනට සොයාගෙන ඇති දත්ත අනුව ආවේණික මසුන්ගෙන් 70%ක්ම අපනයනය කරන බවයි. ඇමරිකාව හා සිංගප්පූරුව ප්‍රධානතම ගැනුම්කරුවන් බවට පත්වී ඇත.

ආවේණික මසුන් සංරක්ෂණය

  • කළු ගඟ හා කැළණි ගඟ ආශ්‍රිතව විශාල මිරිදිය මත්ස්‍ය ගහනයක් වේ. නමුත් මේ ආශ්‍රිතව සිදුවන නොයෙක් සංවර්ධන ව්‍යාපෘති මිරිදිය මසුන්ට හානිකර තත්වයක් උද්ගතකොට ඇත. මෙම තත්වය වලකාලීවට අනිකුත් ජලාශ්‍රිත ප්‍රදේශ වලට මෙම මත්සයින් බෝ කිරීම අතිශය වැදගත් වේ. මෙසේ තර්ජනයට ලක්වු මසුන් කීපදෙනෙක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

උදා: බන්දුල පෝතයා, පතිරණ සාලයා, මල් පෙතියා

  • මසුන් සඳහා ආරක්ෂිත කලාප නම් කිරීමද වැදගත් වේ. මේ මගින් තර්ජනයට ලක්වු මසුන්ගේ පැවැත්ම තහවුරු කළ හැකිය.ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 12.2%ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ. මින් තෙත් කලාපයේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රමාණයෙන් 3.6% පමණ වේ. ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන මිරිදිය මසුන් ඇති ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙහිදී වැදගත් ‍වේ.
  • මිරිදිය මසුන් පිළිබඳව මහජනතාව දැනුවත් කොට මසුන් සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවීම ද වැදගත් වේ. මිරිදිය මත්ස්‍ය සංරක්ෂණයෙන් පරිසරයට, රටට,මිනිසාට ඇතිවන ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරවිය යුතුය.
  • මිරිදිය මසුන් සුරැකීමෙන් මිනිසාට ඇත්වන ආර්ථික ප්‍රතිලාභ කෙරේ මහජනතාවගේ අවධානය යොමු කරවිය යුතුය. පාරිසරික සංචාරක කර්මාන්තය යටතේ අත්කර ගතහැකි ප්‍රතිලාභ වේ. දුර්ලභ හා අලංකාරවු මසුන් දෙස්-විදෙස් සංචාරකයින්ට ප්‍රදර්ශනය කිරීමෙන් පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩනැංවිය හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

  • ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍යයෝ - ඉන්ද්‍රජිත් එන්.ගලප්පත්ති
  • සිරිලක ආවේණික මිරිදිය මසුන් - එච්.ජී.සුජාන් මදුරංග

ආශ්‍රේයයන්

  1. "A commentary on the taxonomic review of Sri Lankan Devario by Batuwita et al. 2017 (Teleostei: Danionidae)". biotaxa. සම්ප්‍රවේශය 28 February 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?