ලාහුගල කොට වෙහෙර ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ දැකගත හැකි කොට වෙහෙර සම්ප්‍රදායට අයත් ස්තූප හතර අතුරින් එකක් වන මෙම වෙහෙර සහිත විහාරය පොතුවිල්-මොණරාගල මහා මාර්ගයේ පොතුවිල් සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇත.
| ලාහුගල කොට වෙහෙර | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | ලාහුගල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°52′41.1″N 81°45′10.6″E / 6.878083°N 81.752944°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| පළාත | නැගෙනහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
| ගෘහනිර්මාණ ශෛලිය | කොට වෙහෙර |
ඉතිහාසය
අතීතයේදී මෙම විහාරය, කොට පබ්බත, කොටගල වෙහෙර, ලාහුගල චේතිය යන නම් වලින් හඳුන්වා තිබේ.
කොටවෙහෙර ගිරි ලිපි
විහාරයේ පිහිටි ගල් පර්වතය මත කොටා ඇති ගිරි ලිපි දැක ගත හැකිවේ.
ගිරි ලිපිය අංක 1
මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. භාතිකාභය (භාතිකතිස්ස) (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) රාජ්‍ය කාලයට අයත්ය.
ගිරි ලිපිය අංක 2
මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. පළමුවන ගජබාහු රාජ්‍ය කාලයට (ක්‍රි.ව. 112-134) අයත්ය.
මූලාශ්‍ර
- "ලාහුගල කොටවෙහෙර". අමේසිංලංකා. සම්ප්‍රවේශය 13 ජනවාරි 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලාහුගල කොට වෙහෙර පිළිබඳ තොරතුරු, ලාහුගල කොට වෙහෙර යනු කුමක්ද? ලාහුගල කොට වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?