වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යන අනුවර්ත නාමයෙන් ද හැඳින්වූ ඔහු, දමිළයන් විසින් තිරුවැල්ලේ බණ්ඩාර ලෙස ද, පෘතුගීසීන් විසින් තිඹුලේ බණ්ඩාර ලෙස ද හඳුන්වා ඇත. මොහුගේ මව, අටවන වීරපරාක්‍රමබාහු (අම්බුළුගල) රජුගේ පුතෙකු වූ තනියවල්ලභ ගේ දුවෙකු වූ කපුරු ළමා එතනා බව පැවසෙන අතර, පියා පිලිබඳ විවිධ මූලාශ්‍රයන්හි විවිධ තොරතුරු දැක්වෙන බැවින් මතභේදාත්මකය. ඇතැම් මූලාශ්‍ර වලට අනුව ඔහු පැරැණි රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියෙකි.
වීදිය බණ්ඩාර | |
|---|---|
| උපත | |
| මියගිය දිනය | 1555 (?) |
| මිය යාමට හේතුව | සතුරු හේවායෙකුගේ හෙල්ල පහරකින් |
| මිහිදන් කල තැන | යාපනය |
| නිවහන | කෝට්ටේ |
| වෙනත් නම් | කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වේධය කුමරු, තිරුවැල්ලේ බණ්ඩාර, තිඹුලේ බණ්ඩාර, තුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන් |
| පුරවැසිබව | සිංහල |
| රැකියාව | මහා සේනාධිපති, කෝට්ටේ රාජධානිය (7 වන බුවනෙකබාහු රජු යටතේ) |
| සක්‍රීය වසර | 1521 - 1551 (7 වන බුවනෙකබාහු රාජ්‍ය සමය) 1551 - 1555(?) (දොන් ජුවන් ධර්මපාල රාජ්‍ය සමය) |
| යුගය | කෝට්ටේ යුගය |
| ප්‍රසිද්ධව ඇත්තේ | පෘතුගීසීන්ට විරුද්ධව කළ සටන් වල අභීත සෙන්පතියෙකි. |
| කලත්‍රයා(යන්) | සමුද්‍රදේවි කුමරිය (1538 - ??), සුරීය දේවිය (මහා ටිකිරි බිසෝ බණ්ඩාර), |
| දරුවන් | |
| දෙමව්පියන් |
|
| ඥාතීන් |
|
| ගරු සම්මාන | තුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන් යන ගෞරව නාමය (හෙළ සටන් කලාව වෙනුවෙන් ඔහු සිදුකළ මෙහෙවර අරභයා) |
| ආගම | බෞද්ධ |
වීදිය බණ්ඩාරයන්ගේ මරණය ඉතා දෛවෝපගත සිදුවීමකි. ඔහු සහ ඔහුගේ පිරිස යාපනයට ගොස් සිටින විට, කිසියම් අත්වැරදීමකින් සිදුවන පිපිරීමකින් ඇතිවන සැකය ඔස්සේ වීදිය බණ්ඩාර සංකිලි රජුගේ සේනාවට විරුද්ධව අසිපත ඔසවන අතර එහිදී ආර්‍ය චක්‍රවර්තී පෙළපතේ පළමුවන සංකිලි රජුගේ ආරක්ෂකයින් අතින් වීදිය බණ්ඩාර සහ බෙංගි රාළ මිය ගොස් ඇත. වීදිය බණ්ඩාර යනු ටිකිරි බණ්ඩාර රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුට පමණක් මුහුණට මුහුණ සටනකින් පරාජයට පත්වුණු අති දක්ෂ ඉලංගම් සටන්කරුවෙන් වන අතර, යාපනයේදී ඔහු මිය ගියා යැයි සැලකෙන්නේ අසළ වූ ගසක සිටි සෙබළෙක් වීදිය බණ්ඩාරයන්ගේ පිටට හෙල්ලෙන් ඇනීම නිසා බව පැවසේ. එමෙන්ම, බෙංගි රාළ, 60 කට ආසන්න පිරිසක් තනිව සටන් කර ඝාතනය කරමින් අවසානයේ මියගොස් ඇත. මෙම සටන යාපනය ඉතිහාසයේ ඛේදනීය සිදුවීමක් වූ අතර මෙයින් ශෝකයට පත් සංකිලි රජු වීදිය බණ්ඩාරයන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකළ බව පැවසේ. එමෙන්ම, යාපනයේ දමිළ මවුවරුන් වීදිය බණ්ඩාරයන්ගෙ සහ බෙංගි රාළයන්ගේ රුධිරයෙන් ඔවුන්ගේ දරුවන්ගේ නළලෙහි තිලක තැබූ බවද ජනප්‍රවාදයේ පැවසේ.
අංගම්පොර සටන් ශිල්පයේ දී වීදිය බණ්ඩාර හෙවත් කෝට්ටේ ව්‍යාඝ්‍රයා හෙවත් තුන්තරායකන්දන් තනියාන්වල්ලන් මැදියානු මංත්‍රන් ඒකාංග වීරන් සමඟ, බංගෙයි රාළ හෙවත් විජයකෝන් නයිදේ සහ වේලායුධ ආරච්චි යන තිදෙන සුවිශේෂී අංගම්ශිල්පීන් තිදෙනෙක් ලෙසින් ජනප්‍රියය. විශේශයෙන්ම, එම තිදෙනා එක්ව කරන සටන් වලදී විදහා දැක්වූ "තුන්කට්ටු සටන් ක්‍රමය" හෙවත් තිදෙනා තුන් දිශාවට එකට සිට මුහුණලා වේගයෙන් අසිපත් හසුරවමින් සිදුකෙරූ සටන් ක්‍රමය ඔවුන් සමඟ සටන් කළ විශාල පිරිසකට මරු කැඳවූ සටන් ක්‍රමයක් බව ජනප්‍රවාදයේ දැක්වේ.
මූලාශ්‍ර
- "අපේ රාජධානිවල නෑ සබඳකම් බිඳ දැමූ පෘතුගීසි බලපෑම්". සම්ප්‍රවේශය 2018-06-27.
- "දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII". පහන් යාය බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2018-06-27.
- "හෙල්ල පහරින් මරු දුටු කෝට්ටේ ව්‍යාඝ්‍රයා". දිනමිණ. සම්ප්‍රවේශය 2018-06-27.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වීදිය බණ්ඩාර පිළිබඳ තොරතුරු, වීදිය බණ්ඩාර යනු කුමක්ද? වීදිය බණ්ඩාර යනු කුමක් දර්ශනය කරන්නේ?