ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

මුල් පිටුව | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (ඉංග්‍රීසියෙන් Sri Jayawardenepura Kotte), මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්‍රී ලංකාවෙහි අග නගරයයි. වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්‍රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ. එහි නව ගොඩනැගිල්ල 1982 අප්‍රේල් 29 දින දී උත්සවාකාරයෙන් විවෘත කිරීම හා සමගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම ප්‍රදේශයෙහි ස්ථාපනය විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
Sri Jayawardenepura Kotte
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 6°55′N 79°55′E / 6.917°N 79.917°E / 6.917; 79.917
Districtකොළඹ දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • නගරාධිපතිSwarnalatha Silva (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
සරිය
 • නගරය17 කිමී2 (7 සතරැස් සැත)
ජනගහණය(2001)[1]
 • නගරය115,826
 • ඝණත්වය3,305/කිමී2 (8,560/වර්ග සැත)
 • පුරවර2,234,289
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

ඉතිහාසය

දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය යන ජල ප්‍රවාහ ද්වයයෙහි දෙමෝදර හි දරුගම නම් ගම්මානය පිහිටියේය. දරුගම ස්වභාවයෙන්ම ආරක්ෂාදායී ස්ථානයක් බැවින් සතුරන්ට එහි ලඟා වීම අතිශයින් දුෂ්කර විය. නිශ්ශංක අලගක්කෝනාර නම් සෙන්පතියා, 13 වන සියවසෙහිදී, මෙහි කෝට්ටේ නමින් (අර්ථය 'කොටුව') බලකොටුවක් තැනුවේ යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්‍රමණයන්ට මුහුණ දෙනු වස්ය.

අලගක්කෝනාර යන් කුරුණෑගල පාලනය කරමින් සිටි වගක් ඉබන් බතූතා විසින් විස්තර කෙරුනද, අනෙකුත් මූලාශ්‍රයන් දක්වන්නේ, ඔහු වර්තමාන කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරළයෙහි බණ්ඩාර (ආරක්ෂක) ලෙසින් කටයුතු කල බවක්ය. කෝට්ටේ අබිමුව චක්‍රවර්තිගේ හමුදාව රඳවා තබා ගත් අලගක්කෝනාර විසින්, නිරිත දිගින් පිහිටි පානදුරයෙහිදී සතුරාගේ ආක්‍රමණික නාවික බළ ඇණිය පරාජයට පත් කෙරිණි.

කෝට්ටේ හි ත‍්‍රිකෝණයක හැඩැති ජල දුර්ගයේ (දිය බලකොටුවේ) දිගු පැති දෙකක් සැදුවේ දියවන්නා ඔයේ වගුරු බිම්ය; කෙටි (බිම්) පැත්ත ඔස්සේ විසල් දිය අගල ( 'ඇතුළු දිය අගල') ක් කණින ලදි.

නගරයෙහි ආරක්ෂාව තර කරන ලද්දේ කබුක් පාෂාණයෙන් තැනුනු ප්‍රාකාර භාවිතයෙනි. ප්‍රාකාර සිට රජ මාලිගා දැරූ අලංකෘත තෙමහල් ගොඩනැගිලි දක්වා සියල්ල තැනීම සඳහා ප්‍රධාන අමු ද්‍රව්‍යයන් වශයෙන් භාවිත වී ඇත්තේ කබුක් සහ මැටි ය. කබුක් ගල් සඳහා ගල්වලක් ලෙසින් භාවිත කල ස්ථානයක් අද දිනත් ආනන්ද ශාස්ත්‍රාලයය (ප්‍රදේශයෙහි පාසලක්) පරිශ්‍රයෙහි දක්නට ඇත.

පෘතුගීසින් 1505 දී දිවයිනට සම්ප්‍රාප්ත වූ අතර රජු විසින් මුලදී හරසරින් පිළිගන්නා ලදි. එහෙත් හමුදාවාදී හා ඒකාධිකාරීවාදී අභිමතයන් සහිත වූ ඔවුන් 1565 වන විට නගරය තුල තම අණසක පැතිරවූහ. අසබඩ සීතාවක රාජධානියෙහි හමුදා ඛණ්ඩ වෙතින් එල්ල වූ නිරන්තර පහර දීම් දරා ගත නොහැකි වූ පෘතුගීසිහූ නගරය අතහැර ගොස් ඔවුන්ගේ නව අග නගරය ලෙසින් කොළඹ ස්ථාපනය කර ගත්හ.

නාමය

ජයවර්ධනපුර නම් පුරාණ නාමය හා නගරයෙහි වර්තමාන නාමය අතර එතරම් වෙනසක් නැත.

සංචාරක ආකර්ෂණ

  • කෝට්ටේ ගල් අම්බලම - කෝට්ටේ අම්බලම මෙරට දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කොළඹ - නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල - දෙහිවල මාර්ගය සහ බොරැල්ල - තලවතුගොඩ යන මාර්ග එකිනෙක හමුවන තුන්මන් හන්දියේ පිහිටා ඇත.

අමතර අවධානයට

  • Sri Lanka ද්වාරය
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මූලාශ්‍ර

  1. http://www.ds.gov.lk/ds/kotte/english/index.php?p=cultural_background
  2. "ශ්‍රී ලංකා: අ කන්ට්‍රි ස්ටඩි" (html). රසල් ආර්. රොස් සහ ඇන්ඩ්‍රියා මාට්ලෙස් සවාඩා. සම්ප්‍රවේශය 2007-02-26.
  3. "යුරපියන් එන්ක්‍රෝච්මන්ට් ඇන්ඩ් ඩොමිනන්ස්" (html). එ.ජ. ලයිබ්රරි ඔෆ් කොන්ග්‍රස්. සම්ප්‍රවේශය 2007-02-26.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිළිබඳ තොරතුරු, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යනු කුමක්ද? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.