ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, වයස අවුරුදු 18 ට වැඩි, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා උසස් අධ්‍යාපන වරම් ලබාදීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 7 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 6353 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
පිහිටුවන ලද්දේ1978
වර්ගයපොදු
කුලපතිසෑම් විජේසිංහ
උපකුලපතිආචාර්ය විජිත නානායක්කාර
ශිෂ්‍යයන්24,697 [1]
පිහිටීමනාවල, නුගේගොඩ, ශ්‍රී ලංකාව
වෙබ් පිටුවhttp://www.ou.ac.lk/

ආරම්භය

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා ගේ අදහසක් අනුව 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 1978 දි ආරම්භය කරන ලදි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව තුල, විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ආයතන සඳහා ප්‍රතිපාදන සැපයීම, ඒවා සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී මධ්‍යගත ආයතනයක් ලෙස ක්‍රියා කිරීම, විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කටයුතු නියමිත තත්වයෙහි පවත්වාගෙන යෑම අරභයා අදාල කටයුතු සැලසුම, සම්බන්ධීකරණය හා විමර්ෂනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඈ කටයුතු සිදුකෙරෙනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එමගින් පාලනය වන ජාතික විශ්වවිද්‍යාල අතරින් සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් බැහැරව ක්‍රියාත්මක වන එකම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි .මෙහි අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ මූලිකවම දුරස්ථ හා විවෘත ආකෘතිය යටතේය. වර්තමානය (2008) වන විට දිවයින පූරා පිහිටුවා ඇති අධ්‍යයන මධ්‍යස්ථාන 22 ක් මූලික කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙහි ප්‍රධාන මණ්ඩපය නාවල-නුගේගොඩ පිහිටා ඇත.

පීඨ

1.ඉංජිනේරු තාක්ෂණ පීඨය

කෘෂි හා වැවිලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, විදුලි හා පරිඝණක ඉංජිනේරු, ගණිතය හා ඉංජිනේරු දර්ශනය, යාන්ත්‍රික ඉංජිනේරු, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය යන දෙපාර්තමේන්තු 06 කින් සමන්විතය.

2.ස්වභාවික විද්‍යා පීඨය

භෞතික විද්‍යා, ගණිත, රසායන විද්‍යා, උද්හිද විද්‍යා, සත්ව විද්‍යා, යනාදී දෙපාර්තමේන්තු වලින් සමන්විතය.

3.මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය

4.අධ්‍යාපන පීඨය

අංශ

1.අධ්‍යාපන තාක්ෂණ අංශය
2.ප්‍රාදේශීය අධ්‍යාපන සේවා අංශය
3.තොරතුරුතාක්ෂණ අංශය
4.පර්යේෂණ අංශය

ශිෂ්‍ය සංගමය

විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය පීඨ ශිෂ්‍ය සංගම් හතරකින් සමන්විත වන අතර විශ්වවිද්‍යාලය තුල සභාපති ඒ.එම් රිෆාත් සහෝදරයාගේ නායකත්වයෙන් ශිෂ්‍ය අයිතීන් හා ශිෂ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ව්‍යාපාරයන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වෙයි.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html සංරක්ෂණය කළ පිටපත 2016-04-05 at the Wayback Machine ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
  2. Saga of Nilame and Kumarihamy by Lakmal Welabada. Sunday Observer (Sri Lanka), Retrieved on 10 December 2006..
  3. පාර්ලිෙම්න්තු විවාද (හැන්සාඩ්) - ෙශෝක පකාශය: ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා. පාර්ලිෙම්න්තු විවාද (හැන්සාඩ්), 2011 ජුනි 10 වන සිකුරාදා.
  4. An Illustrious Statesman by Dr. A.T. Ariyaratne[permanent dead link]. Daily News (Sri Lanka), Retrieved on 7 January 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු කුමක්ද? ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?