මෙම ලිපියෙහි දක්වා ඇති සමහර ලැයිස්තුගත මූලාශ්‍ර විශ්වාසනීය නොවන මූලාශ්රයන් විය හැකිය. (2022 සැප්තැම්බර්) |
මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර දැඩි සබඳතාවයක් ඇති බව පෙනීයයි. |
සිරි යශෝධරා මහා සෑය යනු දෙල්ගොඩ, උඩුපිල ප්‍රදේශයේ පිහිටා ඇති යශෝධරා රහත් තෙරණියගේ ශාරීරික ධාතූ නිධාපිත ලෝකයේ එකම සෑ රජුන් වේ. සිරි යශෝධරා මහා සෑයේ භාරකාරත්වය මහමෙව්නාව භාවනා අසපු සංචිතය යටතේ ක්‍රියාත්මක මහමෙව්නාව අනගාරිකා අසපු සංචිතය සතු වේ.
| සිරි යශෝධරා මහා සෑය (උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුව) | |
|---|---|
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව, උඩුපිල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 7°00′31.6″N 80°00′17.3″E / 7.008778°N 80.004806°E |
| අනුබැඳියාව | ථේරවාද |
| රට | ශ්‍රී ලංකාව |
| වෙබ්අඩවිය | අඩවිය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ආදිකර්තෘ | අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි |
| සම්පූර්ණ කෙරුණේ | 2014 |
| සම්පූර්ණ විස්තර | |
| උස (උපරිම) | ආසන්නව අඩි 70 |
සිරි යශෝධරා මහා සෑය ඉදිවීම
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මැදිහත් වීමෙන් වර්ෂ 2013 මාර්තු 17 වන දින මුල්ගල තබා සෑය ඉදිකිරීම ආරම්භ කල අතර, 2014 ජුනි 14 වන දින දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මධ්‍යයේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයට හිමි වූ යශෝධරා මහරහත් උත්තමාවියගේ ධාතූන් වහන්සේලා නිධන් කර වැඩ නිමකොට ගෞතම බුදුසසුනට පූජා කර වන්දනාව පිණිස විවර කර ඇත.
යශෝධරා මහා සෑයේ විශේෂත්වය
පළමු පේසාවේ සිට උස අඩි 70 කින් යුක්තව රබර් වත්තක් මැද ඇති සිරි යශෝධරා මහා සෑ රජුන් යශෝධරා මහරහත් උත්තමාවියේ ධාතූන් වහන්සේල නිධාන ලෝකයේ එකම සෑ රජුන් වේ. එසේම එතුමියගේ ශ්‍රී නාමයට ඉදිව ලොව පවතින එකම සෑයද වේ.
යශෝධරා මහරහත් තෙරණියගේ ප්‍රතිමාව
සෑ රජුන් සසුනට පූජා කොට වර්ෂ 6 කට පමණ පසු එනම් 2020 මාර්තු 04 වන දින යශෝධරා මහරහත් උත්තමාවියගේ සුන්දර ප්‍රතිමා වහන්සේ අසපුවේ සොඳුරු තෙරණි මණ්ඩපය තුළ වඩා හිඳුවන ලදී.මෙම සොඳුරු ප්‍රතිමා වහන්සේ සැලකෙනුයේ යශෝධරා මහරහත් තෙරණි වන්දනාවේ,යශෝධරා මහරහත් තෙරණියගේ ප්‍රතිමා නිර්මාණයේ මූලාරම්භය ලෙසයි...
යශෝධරා මහරහත් තෙරණිය වන්දනා ගාථාව
යා අභිරූපා දස්සනීයා-භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීනා-වීතරාගා මහිද්ධිකා
තං මහාපුඤ්ඤවතිං-පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා-යශෝධරා'ති
ඉතා මනහර රූ ඇති-දැකුම්කළු වූ පෙනුමැති
යම් තෙරණියක් භික්ෂුණී-සඟරුවන හොබනී ද
කෙලෙසුන් නසා ඕ-වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
රාහුලමාතා යශෝධරා-සාදරයෙන් වඳිමි මම්
මූලාශ්‍ර
- https://siriyasodaraseya.com/about/
- "මහමෙව්නාව අනගාරිකා අසපුව - උඩුපිල".[ප්‍රාථමික නොවන මූලාශ්‍ර අවශ්‍යයි]
- "යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ".[ප්‍රාථමික නොවන මූලාශ්‍ර අවශ්‍යයි]
- රාහුල මාතා යශෝධරා උත්තමාවිය-යශෝධරා මහරහත් තෙරණි චරිතාපදාන ග්‍රන්ථය
- රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණි වන්දනාව-වන්දනා ග්‍රන්ථය
වෙනත් ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිරි යශෝධරා මහා සෑය පිළිබඳ තොරතුරු, සිරි යශෝධරා මහා සෑය යනු කුමක්ද? සිරි යශෝධරා මහා සෑය යනු කුමක් දර්ශනය කරන්නේ?