මෙම ලිපිය තුළ මූලාශ්‍ර ලැයිස්තුවක්, ආශ්රිත කියවීම් ලැයිස්තුවක්, හෝ භාහිර සබැඳි, පවතින මුත් පෙළ තුළ උපුටා දැක්වීම් (ඒකලිත උපන්‍යාස) හිඟ බව නිසා ප්රකාශයන්ගේ මූලාශ්‍ර පැහැදිලිව හඳුනා ගත නොහැක. |
[1]
| ශ්‍රී අංගුලිමාල මහා සෑය (බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුව) | |
|---|---|
ශ්‍රී අංගුලිමාල මහා සෑය | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | මහමෙව්නාව භාවනා අසපුව, බෝවත්ත,ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 7°35′36.9″N 79°58′03.5″E / 7.593583°N 79.967639°E |
| අනුබැඳියාව | ථේරවාද |
| රට | ශ්‍රී ලංකාව |
| වෙබ්අඩවිය | වෙබ් අඩවිය (anguliamalaSeya.lk) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ආදිකර්තෘ | කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි |
| සම්පූර්ණ කෙරුණේ | 2020 |
| සම්පූර්ණ විස්තර | |
| උස (උපරිම) | අඩි 112(ආසන්නව අඩි 120ක්) |
ශ්‍රී අංගුලිමාල මහා සෑය යනු හලාවත බෝවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති සර්වඥ ධාතූන් වහන්සේලා අට නමක් හා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේල දහස් නමක් වැඩසිටින ශාරීරික ධාතු මහා සෑයකි. ඒ අනුව ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් තුන්ලෝකයේම අංගුලිමාල මහරහත් මුනිඳුන්ගේ වැඩිම ධාතූන් වහන්සේල ප්‍රමාණයක් නිධාපිත සෑ රජුන් වේ.මෙම මහා සෑය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් වන බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුව තුළ පිහිටා තිබේ.
ශ්‍රී අංගුලිමාල මහා සෑය ඉදිවීම
ප්‍රථමයෙන්ම 2019 වර්ෂයේ මාර්තු මස 18 වන දින අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා වැඩමවා සෑය ඉදිවන බෝවත්ත මහමෙව්නාව භාවනා අසපු පරිශ්‍රයේ සොදුරු මණ්ඩපයක වඩා හිදුවා අරහන්ත වන්දනාවක් සිදුකෙරුණු අතර සෑ භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් 2019 වර්ෂයේ මාර්තු මස 29 දින භූමිය සැකසීම ආරම්භ විය. 2019 අප්‍රේල් මස 18 වන දින සෑ රජුන් උදෙසා මුල්ගල තැබීම සිදු වූ අතර එසේ ඉදිවුණ අංගුලිමාල සෑ රජුන්ගේ හතරැස් කොටුවෙහි ශ්‍රී සර්වඥ ධාතු නිධානය සිදු වූයේ 2020 වසරේ මැයි මස 07 වන දින,එනම් වෙසක් පුන් පොහෝ දිනදී ය. එම වෙසක් මසම 16 වන දින කොත් පැළදීම සිදු වූ අතර අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේල නිධානය 2020 වර්ෂයේ ජූලි මස 04 වන දින, එනම් ඇසළ පුන් පොහෝදා රාත්‍රියේ එදින රැස්ව සිටි මහමෙව්නාවේ 700 නමකට අධික පින්වත් සඟරුවනේ සහභාගීත්වයෙන් සිදුවිය. සෑ රජුන් පරිවාර කොට ඇති ධර්ම ශාලා,සෙවණ මණ්ඩප,හේවිසි මණ්ඩප,දාන ශාලා,බෝධි මණ්ඩප,සංඝාවාස සහිත ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය සකල විහාරාංග සහිතව ව්‍යාවහාර වර්ෂ 2025 මැයි මස 12 වන දින එනම් ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෙසක් මස 12 වන වෙසක් පොහෝ දින ගෞතම සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීම සිදුවිය.
ශ්‍රී අංගුලිමාල මහා සෑයේ විශේෂත්වය
පළමු පේසාවේ සිට උස අඩි 112 කින් යුක්තව නිල්වන් කුඹුරුයාය මැද දිදුලන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් සර්වඥ ධාතූන් වහන්සේල 8 නමක් හා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේල 1000 නමක් වැඩසිටින මහා සෑයකි. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් නිධාන එකම සෑ රජුන් වන්නේ ද 'ශ්‍රී අංගුලිමාල මහා සෑය'යි.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා ගාථාව
සිරීමතෝ ලෝකනාථස්ස-ධාතුජ්ජලිත මුද්ධනී
ජිනපුත්තංගුලිමාලස්ස-ධාතුගබ්භේ පතිට්ඨිතං
තං තේජමානං දද්දල්ලමානං- වන්දාමහං අංගුලිමාල ථූපං
සිරිමත් ලෝ නා මුනි රජිඳුන්නේ- ධාතූන් සෑ මුදුනෙහි වැඩ ඉන්නේ
උතුම් අඟුල්මල් මහ තෙරිඳුන්නේ-ධාතූන් සෑ ගැබ මැද වැඩ ඉන්නේ
බුදුගුණ මූණි ගුණ තෙද පැතිරෙන්නේ-අංගුලිමාල මහ සෑ බබළන්නේ
සාදු සාදු මහ සෑය වඳින්නේ
වෙනත් ලිපි
මූලාශ්‍ර
- https://mahamevnawa.lk/gallery/angulimala-seya-construction-progress-22/
- https://mahamevnawa.lk/angulimala-seya-punyanumodana/
- https://mahamevnawa.lk/koth-peladaweema/
- https://agamya.lk/thoughts/stories/31266-2022-03-19-08-00-47
- https://mahamegha.lk/2025/05/04/angulimala-se-radun/
- https://mahamegha.lk/2025/05/04/angulimala-se-radun/
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී අංගුලිමාල මහා සෑය පිළිබඳ තොරතුරු, ශ්‍රී අංගුලිමාල මහා සෑය යනු කුමක්ද? ශ්‍රී අංගුලිමාල මහා සෑය යනු කුමක් දර්ශනය කරන්නේ?