මහනුවර

මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[තහවුරු කර නොමැත]

මහනුවර
Kandy

සෙංකඩගල
கண்டி
නුවර වැවේ දසුනක්
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය
මහනුවර
Kandy
ඛණ්ඩාංක: 7°17′49″N 80°38′19″E / 7.29694°N 80.63861°E / 7.29694; 80.63861
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
සෙංකඩගලපුරආ. 1480
මහනුවර මහනගර සභාව1865
ආණ්ඩුව / පරිපාලනය
 • නගරාධිපතිචන්ද්‍රසිරි විජේනායක
ජනගහණය(2001)
 • මුළු110,049
 • ඝණත්වය57/කිමී2 (150/වර්ග සැත)
 
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
වෙබ් අඩවියkandy.mc.gov.lk

වදන්

සෙංකඩගල නාමය

ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.

මහනුවර නාමය

මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.

ඉතිහාසය

මහනුවර රාජධානිය

ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.

සංස්කෘතිය

ලෝක උරුම නගරය

පූජනීය මහනුවර නගරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයසංස්කෘතික: iv, vi
මූලාශ්‍ර450
අභිලේඛනය1988 (10th සැසිය)

පුරාණේ භාවිතා කළ නාමය

  • ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
  • සෙංකඩගල
  • කන්ද උඩරට
  • කන්දෙ නුවර
  • සෙංකණ්ඩ ශෛලපුරය
  • ශ්‍රීවර්ධනපුර
  • කන්ද උඩ නුවර

මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු

සංචාරක ආකර්ෂණ

කාලගුණය

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.

ස්වාභාවික උරුමය

  1. උඩ වත්ත කැලය
  2. දුනු මඞලාව
  3. හන්තාන කදු වැටිය

ආර්ථිකය

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

මූලාශ්‍ර

  1. "New Kandy Mayor to regulate the rambling chock-a-block city". The Sunday Observer. 2025-06-08. සම්ප්‍රවේශය 2025-08-19.
  2. Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
  3. "Current Local Time in Colombo, Sri Lanka". www.timeanddate.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2026-01-07.
  4. සංරක්ෂිත පිටපත, http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-05-09 

බාහිර සබැඳුම්

  • අපේ උරුමය සංරක්ෂණය කළ පිටපත 2009-02-23 at the Wayback Machine
  • මහනුවර නගරය සංරක්ෂණය කළ පිටපත 2019-08-19 at the Wayback Machine
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නිල වෙබ් අඩවිය
  • Elephant on street in Kandy

7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E / 7.2969611; 80.6384528

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහනුවර පිළිබඳ තොරතුරු, මහනුවර යනු කුමක්ද? මහනුවර යනු කුමක් දර්ශනය කරන්නේ?