1975 ක්‍රිකට් ලෝක කුසලානය


1975 ක්‍රිකට් ලෝක කුසලානය (නිල වශයෙන් පෘඩෙන්ෂනල් කුසලානය '75 ලෙස හැඳින්වූ) යනු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් සංවිධානය කරන ලද ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ පළමු සංස්කරණයයි. එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු ප්‍රධාන තරඟාවලිය විය. 1975 ජුනි 7 සිට 21 දක්වා එංගලන්තයේ පැවැත්වුණි.

1975 ක්‍රිකට් ලෝක කුසලානය
කාලයජුනි 07 – ජුනි 21
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් බටහිර ඉන්දීය කොදෙව් (1 වන වරට)
සහභාගීත්වය8
තරඟ15
වැඩිම ලකුණු ජී.එම්. ටර්නර් (333)
වැඩිම කඩුලු ජී.ජේ. ගිල්මෝර් (11)
1979

මෙම තරඟාවලියට පෘඩන්ෂනල් ඇෂුවරන්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද අතර එයට සහභාගී වූ රටවල් අටක් තිබුණි. එවකට ටෙස්ට් ක්‍රීඩා කළ කණ්ඩායම් හය (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්) සහ එවකට ප්‍රමුඛ පෙළේ ආශ්‍රිත රටවල් දෙක වන ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව යි. කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කරන ලදී. මෙම තරඟ වල ජයග්‍රාහකයින් අවසන් මහා තරඟයේදී මුණගැසෙන අතර, සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. සෑම තරගයක්ම කණ්ඩායමකට ඕවර 60කින් සමන්විත වූ අතර සම්ප්‍රදායික සුදු ඇඳුමින් සැරසී රතු පන්දුවලින් ක්‍රීඩා කරන ලදී. සියල්ල දිවා ආලෝකයෙන් ක්‍රීඩා කර අවසන් විය.

එංගලන්තය සහ නවසීලන්තය "ඒ" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස තේරී පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව "බී" කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස පත්වූ අතර කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය පරාජය කිරීමෙන් පසු අවසාන තරගයට තේරී පත්විය. ලෝඩ්ස්හිදී පැවැති අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 17කින් පරදවා පළමු ලෝක කුසලාන ජයග්‍රාහකයන් බවට බටහිර ඉන්දීය කොදෙව්වන් පත්විය. නවසීලන්ත පිතිකරු ග්ලෙන් ටර්නර් ලකුණු 333ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක ගැරී ගිල්මෝර් කඩුලු 11ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා විය.

පසුබිම

ජාත්‍යන්තර මට්ටමේ පළමු බහුපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය වූයේ 1912 එංගලන්තයේ පැවති තුන්කොන් තරඟාවලියයි. මෙය එවකට පැවති ටෙස්ට් රටවල් තුන අතර (එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව) අතර පැවැත්විණි. අයහපත් කාලගුණය සහ මහජන උනන්දුව නොමැතිකම හේතුවෙන් මෙම සංකල්පය පසුව ඉවත් කරන ලදී. පළමු එක්දින තරගය ලෙස 1962 දී ඉංග්‍රීසි ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් හතරක් සීමිත ඕවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම මේ සදහා පැවති හිඩස පුරවන ලදී. එම කුසලානය ලෙස්ටර්ෂයර් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

1966 සහ 1967 දී එංගලන්තයේ 'ලෝක ක්‍රිකට් කුසලානයක්' ලෙස සිදු කරන ලද සීමිත ඕවර ආකෘතිය (එංගලන්තය, සෙසු ලෝක XI සහ සංචාරක කණ්ඩායම ලෙස 1966 දී බටහිර ඉන්දීය කොදෙව් සහ 1967 දී පකිස්ථානය) භාවිතා කර ඇත. 1966 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය එම රටේදීම සිදුවීම මෙම අලෙවිකරණයට පැහැදිලිවම බලපෑවේය. 1966 'ලෝක ක්‍රිකට් කුසලානය' එංගලන්තය විසින් දිනා ගන්නා ලදී. 1967 දී සෙසු ලෝක XI කණ්ඩායම ලෝක කුසලානය විසින් දිනා ගන්නා ලදී. ක්‍රිකටර් සගරාවේ වාර්තාවක සදහන් කළේ මෙම "ත්‍රිකෝණ තරඟාවලියේ" පාකිස්තානය සහ සෙසු ලෝක XI කණ්ඩායම අතර පැවති අවසන් තරඟය හොඳින් සහභාගී නොවූ හෝ සම්පූර්ණයෙන්ම බැරෑරුම් ලෙස නොසලකන ලද තරගයක් බවයි: "විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ නොතිබීම කණගාටුවට කරුණකි." ගාර්ෆීල්ඩ් සෝබර්ස් විසින් කුසලානය සෙසු ලෝක Xl කණ්ඩායම වෙත ලබා ගත්හ.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර 1970-71 අළු බඳුන තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟයට ආදේශකයක් ලෙස මෙල්බර්න් ක්‍රිකට් පිටියේ (MCG) පළමු නිල එක්දින ජාත්‍යන්තර තරඟය පැවැත්වුණේ 1971 දීය. ඒ ටෙස්ට් තරගයේ පළමු දින තුනේ තරගයට වර්ෂාපතනයක් බලපා තිබීම හේතුවෙනි. තරගය ඕවර හතළිහක තරගයක් වූ අතර එක් ඕවරයකට පන්දු අට බැගින් විය. එංගලන්තය ඕවර 39.4 කදී ලකුණු 190 ක් ලබා ගත් පසු, ඔස්ට්‍රේලියාව පන්දු 42 ක් ඉතිරිව තිබියදී තරගය ආරක්ෂා කර ගැනීමට ස්ථාවර වේගයකින් ඉලක්කය හඹා ගියේය. වසර දෙකකට පසුව 1973 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ලෝඩ්ස්හිදී, 1975 දී පිරිමි තරගාවලියක් පැවැත්වීමට සැලසුම් සකස් කරන ලදී. එම තරගාවලියට එකල සියලුම ටෙස්ට් රටවල් කාණ්ඩ දෙකකට බෙදා එක් එක් කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක බැගින් පිළිමළුන් පිටුදැකීමේ අදියරට සුදුසුකම් ලබා ලෝඩ්ස් හිදී අවසන් මහා තරඟය පැවැත්වීමට සැලසුම් කරනු ලැබීය.

ආකෘතිය

පළමු ලෝක කුසලානයේ ආකෘතිය කණ්ඩායම් හතරක කාණ්ඩ දෙකක් විය. එක් එක් කණ්ඩායම එකිනෙකා ක්‍රීඩා කරමින් සෑම කණ්ඩායමකින්ම ඉහළම කණ්ඩායම් දෙකක් පසුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර ජයග්‍රාහකයින් පසුව අවසන් වටයට සුදුසුකම් ලබයි.

පළමු ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයේදී පැවැත්වූයේ විවිධ ස්ථාන හතකි. 1975 ක්‍රිකට් ලෝක කුසලනය තුළ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසාන තරඟය සමග තරඟ 15 ක් පැවතුනි.

සහභාගීත්වය

ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ කිරීමට කණ්ඩායම් අටකට ආරාධනා කර ඇත. ඉන් රටවල් හයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) පූර්ණ සාමාජිකයින් වූ අතර, ඉතිරි ස්ථාන දෙක පිරවීම සඳහා ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවට ආරාධනා කරන ලදී. දකුණු අප්‍රිකාව තරගාවලියේ එක් කණ්ඩායමක් වීමට නියමිතව තිබූ නමුත් රට තුළ පවතින වර්ණභේදවාදී නීති හේතුවෙන් කණ්ඩායමට 1992 සංස්කරණය දක්වා තරඟ කිරීමෙන් ඉවත් වීමට සිදුවිය.

කණ්ඩායම සුදුසුකම් ලැබූ ආකාරය පෙර දක්ෂතාවය ශ්‍රේණිගතකිරීම කාණ්ඩය
 එංගලන්තය
සත්කාරකත්වය
පළමු වතාව
1
 ඉන්දියාව
පූර්ණ සාමාජික
පළමු වතාව
5
 ඕස්ට්‍රේලියාව
පළමු වතාව
3
බී
 පකිස්තානය
පළමු වතාව
6
බී
 බටහිර ඉන්දීය කොදෙව්
පළමු වතාව
2
බී
 නවසීලන්තය
පළමු වතාව
4
 ශ්‍රී ලංකාව
ආරාධිත
පළමු වතාව
බී
නැ. අප්‍රිකාව
පළමු වතාව

ක්‍රීඩාංගණ

1973 ජුලි 26 වැනි දින ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වූයේ අවසන් මහා තරගය සඳහා ලෝඩ්ස් පිටිය තෝරාගෙන තරගාවලිය පවත්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෙළිදරව් කිරීමත් සමඟය. 1975 වාරයේ පැවැත්වෙන ප්‍රාන්ත තරඟාවලි පහ සමඟ තරඟාවලිය සඳහා කාලසටහන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉතිරි ස්ථාන 1974 නොවැම්බර් 5 වන දින අනාවරණය කරන ලදී. හෙඩිංලි සහ ඕවල් අවසන් පූර්ව වටයේ සත්කාරකයන් ලෙස තහවුරු විය.

ලන්ඩන් ලන්ඩන්
ලෝඩ්ස්
ඕවල්
ධාරිතාව: 30,000
ධාරිතාව: 23,500
බර්මින්හැම් මැන්චෙස්ටර්
එජ්බැස්ටන් ක්‍රීඩාංගණය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය
ධාරිතාව: 21,000
ධාරිතාව: 19,000
නොටින්හැම් ලීඩ්ස්
ට්‍රෙන්ට් බ්‍රිජ්
හෙඩිංලි
ධාරිතාව: 15,350
ධාරිතාව: 14,000

කණ්ඩායම් අදියර

A කාණ්ඩය

කණ්ඩායම විනැ ලවේ ප්‍රල
 එංගලන්තය 3 3 0 0 4.94 12
 නවසීලන්තය 3 2 1 0 4.07 8
 ඉන්දියාව 3 1 2 0 3.24 4
නැ. අප්‍රිකාව 3 0 3 0 1.90 0
1975 ජුනි 7
ලකුණු පුවරුව
එංගලන්තය 
334/4 (ඕවර 60)
 ඉන්දියාව
132/3 (ඕවර 60)
ඩෙනිස් අමිස් 137 (147)
ෂෙයිඩ් අබීඩ් අලි 58/2 (ඕවර 12)
ගුන්දප්පා විශ්වනාත් 37 (59)
පීටර් ලීවර් 16/1 (ඕවර 10)
එංගලන්තයට ලකුණු 202 ක ජයක්
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: ඩෙනිස් අමිස්
විනිසුරුවන්: ඩේවිඩ් කන්ස්ටන්ට් සහ ජෝන් ලැන්ග්‍රිජ්

1975 ජුනි 7
ලකුණු පුවරුව
නවසීලන්තය 
309/5 (ඕවර 60)
නැ.අප්‍රිකාව
128/8 (ඕවර 60)
ග්ලේන් ටර්නර් 171 (201)
පර්බු නානා 34/1 (ඕවර 12)
ෆ්රසට් අලි 45 (123)
ඩේල් හැඩ්ලි 21/3 (ඕවර 12)
නවසීලන්තයට ලකුණු 181 ක් ජයක්
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනය, බර්මිංහැම්
තරගයේ වීරයා: ග්ලේන් ටර්නර්
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ ආතර් ෆැග්

1975 ජුනි 11
ලකුණු පුවරුව
එංගලන්තය 
266/6 (ඕවර 60)
 නවසීලන්තය
186 (ඕවර 60)
කීත් ෆ්ලෙචර් 131 (147)
රිචඩ් කොලින්ග් 43/2 (ඕවර 12)
ජෝන් මොරිසන් 55 (85)
ටෝනි ග්‍රෙග් 45/4 (ඕවර 12)
එංගලන්තය ලකුණු 80 කින් ජය ගත්තේය
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම්
තරගයේ වීරයා: කීත් ෆ්ලෙචර්
විනිසුරුවන්: බිල් ඇලී සහ ටොම් ස්පෙන්සර්

1975 ජුනි 11
ලකුණු පුවරුව
නැගෙනහිර අප්‍රිකාව
120 (ඕවර 55.3)
 ඉන්දියාව
123/0 (ඕවර 29.5)
ජවහීර් ෂා 37 (84)
මදන් ලාල් 15/3 (ඕවර 9.3)
සුනිල් ගවස්කාර් 65* (86)
ඉන්දියාව කඩුලු 10 කින් ජය ගත්තේය
හෙඩින්ග්ලි ක්‍රිකට් පිටිය, ලීඩ්ස්
තරගයේ වීරයා: ෆාරුක් ඉන්ජිනර්
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ ආතර් ජෙප්සන්

1975 ජුනි 14
ලකුණු පුවරුව
එංගලන්තය 
290 (ඕවර 60)
නැගෙනහිර අප්‍රිකාව
94 (ඕවර 52.3)
ඩෙනිස් අමිස් 88 (116)
සුල්ෆිකාර් අලි 63/3 (ඕවර 12)
රමේෂ් සෙති 30 (102)
ජෝන් ස්නෝ 11/4 (ඕවර 12)
එංගලන්තය ලකුණු 196 කින් ජය ගත්තේය
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
තරගයේ වීරයා: ජෝන් ස්නෝ
විනිසුරුවන්: බිල් ඇලී සහ ජෝන් ලැන්ග්‍රිජ්

1975 ජුනි 14
ලකුණු පුවරුව
ඉන්දියාව 
230 (ඕවර 60)
 නවසීලන්තය
233/6 (ඕවර 58.5)
සයිඩ් අබීඩ් අලි 70 (98)
බ්‍රයන් මැකෙක්නි 49/3 (ඕවර 12)
ග්ලෙන් ටර්නර් 114* (177)
සයිඩ් අබීඩ් අලි 35/2 (ඕවර 12)
නවසීලන්තය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
තරගයේ වීරයා: ග්ලෙන් ටර්නර්
විනිසුරුවන්: ලොයිඩ් බඩ් සහ ආතර් ෆැග්

B කාණ්ඩය

කණ්ඩායම විනැ ලවේ ප්‍රල
 බටහිර ඉන්දීය කොදෙව් 3 3 0 0 4.35 12
 ඕස්ට්‍රේලියාව 3 2 1 0 4.43 8
 පකිස්තානය 3 1 2 0 4.45 4
 ශ්‍රී ලංකාව 3 0 3 0 2.78 0
1975 ජූනි 7
ලකුණු පුවරුව
 පකිස්තානය
205 (ඕවර 53)
රොස් එඩ්වර්ඩ්ස් 80* (94)
නසීර් මලික් 37/2 (ඕවර 12)
මජිඩ් ඛාන් 65 (76)
ඩෙනිස් ලිලී 34/5 (ඕවර 12)
ඕස්ට්‍රේලියාව ලකුණු 73 කින් ජයග්‍රහණය කළේය
හෙඩින්ග්ලි ක්‍රිකට් පිටිය, ලීඩ්ස්
තරගයේ වීරයා: ඩෙනිස් ලිලී
විනිසුරුවන්: බිල් ඇලී සහ ටොම් ස්පෙන්සර්

1975 ජුනි 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
86 (ඕවර 37.2)
සෝමචන්ද්‍ර ද සිල්වා 21 (54)
බර්නාඩ් ජූලියන් 16/2 (ඕවර 12)
රෝයි ෆෙඩ්රික්ස් 33 (38)
සෝමචන්ද්‍ර ද සිල්වා 33/1 (ඕවර 8)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
තරගයේ වීරයා: බර්නාඩ් ජූලියන්
විනිසුරුවන්: ලොයිඩ් බඩ් සහ ආතර් ජෙප්සන්

1975 ජුනි 11
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
276/4 (ඕවර 60)
ඇලන් ටර්නර් 101 (113)
සෝමචන්ද්‍ර ද සිල්වා 60/2 (ඕවර 12)
සුනිල් වෙත්තමුනි 53 (102)
ඉයන් චැපල් 14/2 (ඕවර 4)
ඕස්ට්‍රේලියාව ලකුණු 52 කින් ජයග්‍රහණය කළේය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ඇලන් ටර්නර්
විනිසුරුවන්: ලොයිඩ් බඩ් සහ ආතර් ෆැග්

1975 ජුනි 11
ලකුණු පුවරුව
පකිස්තානය 
266/7 (ඕවර 60)
මජිඩ් ඛාන් 60 (108)
විව් රිචර්ඩ්ස් 21/1 (ඕවර 4)
ඩෙරික් මරේ 61* (76)
සර්ෆ්රාස් නවාස් 44/4 (ඕවර 12)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 1 කින් ජය ගත්තේය
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
තරගයේ වීරයා: සර්ෆ්රාස් නවාස්
විනිසුරුවන්: ඩේවිඩ් කොන්ස්ටන්ට් සහ ජෝන් ලැන්ග්‍රිජ්

1975 ජුනි 14
ලකුණු පුවරුව
රොස් එඩ්වර්ඩ්ස් 58 (74)
ඇන්ඩි රොබට්ස් 39/3 (ඕවර 10.4)
ඇල්වින් කලිචරන් 78 (83)
ඈෂ්ලි මල්ලෙට් 35/1 (ඕවර 11)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ඇල්වින් කලිචරන්
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ ඩේවිඩ් කොන්ස්ටන්ට්

1975 ජුනි 14
ලකුණු පුවරුව
පකිස්තානය 
330/6 (ඕවර 60)
 ශ්‍රී ලංකාව
138 (ඕවර 50.1)
සහීර් අබ්බාස් 97 (89)
ටෝනි ඕපාත 67/2 (ඕවර 12)
අනුර තෙන්නකෝන් 30 (36)
ඉම්රාන් ඛාන් 15/3 (ඕවර 7.1)
පාකිස්තානය ලකුණු 192 කින් ජයග්‍රහණය කළේය
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම්
තරගයේ වීරයා: සහීර් අබ්බාස්
විනිසුරුවන්: ආතර් ජෙප්සන් සහ ටොම් ස්පෙන්සර්

පිළිමළුන් පිටුදැකීමේ අදියර

අවසාන පූර්ව

1975 ජුනි 18
ලකුණු පුවරුව
එංගලන්තය 
93 (ඕවර 36.2)
මයික් ඩෙනස් 27 (60)
ගැරී ගිල්මෝර් 14/6 (ඕවර 12)
ගැරී ගිල්මෝර් 28* (28)
ක්‍රිස් ඕල්ඩ් 29/3 (ඕවර 7)
ඕස්ට්‍රේලියාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
හෙඩින්ග්ලි ක්‍රිකට් පිටිය, ලීඩ්ස්
තරගයේ වීරයා: ගැරී ගිල්මෝර්
විනිසුරුවන්: බිල් ඇලී සහ ඩේවිඩ් කොන්ස්ටන්ට්
1975 ජුනි 18
ලකුණු පුවරුව
නවසීලන්තය 
158 (ඕවර 52.2)
ජෙෆ් හොවාර්ත් 51 (93)
බර්නාඩ් ජූලියන් 27/4 (ඕවර 12)
ඇල්වින් කලිචරන් 72 (92)
රිචඩ් කොලින්ග් 28/3 (ඕවර 12)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ඇල්වින් කලිචරන්
විනිසුරුවන්: ලොයිඩ් බඩ් සහ ආතර් ෆැග්

අවසාන

1975 ජුනි 21
ලකුණු පුවරුව
ක්ලයිව් ලොයිඩ් 102 (85)
ගැරී ගිල්මෝර් 48/5 (ඕවර 12)
ඉයන් චැපල් 62 (93)
කීත් බෝයිස් 50/4 (ඕවර 12)
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 17 කින් ජයග්‍රහණය කළේය
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: ක්ලයිව් ලොයිඩ්
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ ටොම් ස්පෙන්සර්

සංඛ්‍යා ලේඛන

වැඩිම ලකුණු ලාභීන්
තරග ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු
4
ග්ලේන් ටර්නර්  නවසීලන්තය
333
4
ඩෙනිස් අමිස්  එංගලන්තය
243
3
මජිඩ් ඛාන්  පකිස්තානය
209
4
කිත් ෆ්ලෙචර්  එංගලන්තය
207
5
ඇලන් ටර්නර්  ඕස්ට්‍රේලියාව
201
වැඩිම කඩුළු ලාභීන්
තරග ක්‍රීඩකයා කණ්ඩායම කඩුළු
2
ගැරී ගිල්මර්  ඕස්ට්‍රේලියාව
11
5
බර්නාඩ් ජුලියන්  බටහිර ඉන්දීය කොදෙව්
10
5
කිත් බොයිස්  බටහිර ඉන්දීය කොදෙව්
10
4
ඩේල් හැඩ්ලි  නවසීලන්තය
8
5
ඇන්ඩි රොබට්ස්  බටහිර ඉන්දීය කොදෙව්
8

යොමු කිරීම්

  1. Williamson, Martin (23 April 2005). "The original damp squib". ESPNcricinfo. 24 March 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 August 2019.
  2. Williamson, Martin (9 April 2011). "The low-key birth of one-day cricket". ESPNcricinfo. 30 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. "Rothmans World Cricket Cup, 1966". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2019.
  4. "Rothmans World Cricket Cup, 1967". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2019.
  5. "World XI dominate". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2019.
  6. Whitington, Richard (1972). Cricket in the seventies. Stanley Paul. p. 115.
  7. Williamson, Martin. "The birth of the one-day international". ESPNcricinfo. 17 November 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 August 2019.
  8. Browning (1999), p. 4
  9. 15 matches were played in 1975 Cricket World Cup ESPN cricinfo
  10. Browning (1999), p. 4

බාහිර සබැදි

  • Cricket World Cup 1975 from Cricinfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1975 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 1975 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 1975 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?