2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ අගෝස්තු 18 වන දින සිට අගෝස්තු 28 දින දක්වා, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ සුගතදාස ක්‍රීඩාංගනය හීදී පැවැත්විණි. තරග ඉසව් 20 ක් නියෝජනය කිරීම සඳහා රටවල් 8 ක, 1500 කට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ.

10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයකොළඹ,  ශ්‍රී ලංකාව
සහභාගී වූ රටවල්
ක්‍රීඩක සංඛ්‍යාව1554
ඉසව් ප්‍රමාණය20 යි
සමාරම්භක දිනය2006 අගෝස්තු 18
නිමා වූ දිනය2006 අගෝස්තු 28
නිල ආරම්භය සිදුකලේමහින්ද රාජපක්ෂ මහතා
ප්‍රධාන ස්ථානයසුගතදාස ක්‍රීඩාංගනය

මේ සමයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුධ ගැටුම් පැවති බැවින්, ක්‍රීඩා උළෙලට දැඩි ආරක්ෂාවක් ලබා දී තුබුණි. ක්‍රීඩා උළෙල 2005 වසරේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කොට තිබුනත්, 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් තරගාවලිය 2006 වසරට කල් දැමුණි.

මංගල සංකේතය

පොර පොල් සහ වලි කුකුලා, 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය හා මංගල සංකේතය විය.

ක්‍රීඩා ඉසව්

2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 20 ක් පැවැත්විණි.

  • දුනු විදීම
  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • බොක්සිං
  • පා පැදි
  • හොකී
  • පා පන්දු
  • ජූඩෝ
  • කබඩි
  • කරාටෙ
  • ඔරු පැදීම
  • වෙඩි තැබීම
  • ස්කොෂ්
  • පිහිනුම්
  • මේස පන්දු
  • ටයිකොන්ඩෝ
  • වොලි බෝල්
  • බර එසවීම
  • මල්ලව පොර
  • වූෂු

සහභාගී වූ රටවල්

වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට වලින් තරඟයට සහභාගී වූ ක්‍රීඩක සංඛ්‍යාවයි.

පදක්කම් සටහන

සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 118 59 37 214
2  පාකිස්ථානය 46 71 67 184
3  ශ්‍රී ලංකාව 37 63 78 178
4  නේපාලය 15 14 31 60
5  ඇෆ්ගනිස්තානය 6 7 18 31
6  බංග්ලාදේශය 3 15 32 50
7  භූතානය 0 3 10 13
8 මාල දිවයින 0 0 0 0

විශේෂ සිදුවීම්

  • නාගලිංගම් එදිරිත් වීරසිංහ සහ ශ්‍රියානි කුලවංශ විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගිනි සිළුව දල්වන ලදී.
  • 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇෆ්ගනිස්තානය, මුල්ම වතාවට නවක රාජ්‍යයක් ලෙස ක්‍රීඩා උළෙලට සහභාගී විය.
  • ක්‍රීඩා උළෙලට කාන්තා කබඩි හඳුන්වාදෙන ලදී.
  • මාල දිවයිනට පිට පිට දෙවන වතාවටත් තරඟාවලිය තුල කිසිදු පදක්කමක් හිමිකරගැනීමට නොහැකි විය.
  • ශ්‍රී ලංකා පිහිනුම් ශූරිය මයුමි රහීම් ක්‍රීඩා උළෙල තුල පදක්කම් 10 ක් දිනා ගත්තාය. (රන් 3, රිදී 4, ලෝකඩ 3) (තරඟාවලියකදී කේවල ක්‍රීඩා ඉසව් තුල ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව.)

තහනම් උත්තේජක චෝදනා

නේපාලයේ රාජේන්ද්‍ර බන්ඩාරි (Rajendra Bhandari), පාකිස්තානයේ Nauman Karim හා Mohammed Lassi සහ ශ්‍රී ලංකාවේ ජානි චතුරංගනී යන අයට තහනම් උත්තේජක චෝදනා එල්ල විය.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "Colombo shifts focus to SAF Games".The Times of India.August 17, 2006.
  2. South Asian Games Postponed සංරක්ෂණය කළ පිටපත 2008-03-21 at the Wayback Machine. The Hindu. January 07 2005.
  3. Competing countries, http://www.kaputa.com/sports/saf_2006/com_countries.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30 
  4. COLOMBO 2006, http://www.ocasia.org/Game/GameParticular.aspx?GPCode=96, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30 
  5. "Nepalese gold medalist among four South Asian Games athletes tested positive for drugs".International Herald Tribune.September 23, 2006.

භාහිර සබැදි

  • Info. About 2006 SAF Games
  • Pictures of opening ceremony
  • Pictures from 2006 SAIF GAMES

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?