දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (පෙර හැදින්වීම දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල) යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය (SASC) මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි.

පලමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 1984 දී නේපාලයේ, කත්මණ්ඩු අග නුවරදී පැවැත්විණි. එතැන් සිට වර්ෂ දෙකකට වතාවක් ක්‍රීඩා උළෙල සාමාජික රටවල් තුලදී සංවිධානය විය. 2004 වසරේදී 32 වන වතාවට රැස් වූ දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය විසින්, එතෙක් ක්‍රීඩා උළෙල හැඳින්වූ දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල යන නම වෙනස් කොට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යන නම පවත්වා ගන්නා ලදී. මෙම ක්‍රීඩා උළෙල දකුණු ආසියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙළ ලෙස ද හඳුන්වයි.

ක්‍රීඩා උළෙල පැවැත්වූ රටවල්

වසර වාරය සත්කාරක නගරය රට
1984 I කත්මණ්ඩු  නේපාලය
1985 II ඩකා  බංග්ලාදේශය
1987 III කොල්කටා  ඉන්දියාව
1989 IV ඉස්ලාමාබාද්  පාකිස්ථානය
1991 V කොළඹ  ශ්‍රී ලංකාව
1993 VI ඩකා  බංග්ලාදේශය
1995 VII මැඩ්‍රාස්  ඉන්දියාව
1999 VIII කත්මණ්ඩු  නේපාලය
2004 IX ඉස්ලාමාබාද්  පාකිස්ථානය
2006 X කොළඹ  ශ්‍රී ලංකාව
2010 XI ඩකා  බංග්ලාදේශය
2016 XII ගුවහටි  ඉන්දියාව
2019 XIIII කත්මණ්ඩු  නේපාලය

දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

වසර වාරය සත්කාරක නගරය රට
2011 I හම්බන්තොට  ශ්‍රී ලංකාව

දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල

වසර වාරය සත්කාරක නගරය රට
2011 I Dehradun සහ ඕලි  ඉන්දියාව

ශූරතා සටහන

රට සමස්ථ ශූරතාවය අනු ශූරතාවය තෙවන ස්ථානය
 ඉන්දියාව
13 වතාවක්
-
-
 පකිස්තානය
-
7 වතාවක්
4 වතාවක්
 ශ්‍රී ලංකාව
-
4 වතාවක්
7 වතාවක්
 නේපාලය
-
2 වතාවක්
-
 බංග්ලාදේශය
-
-
2 වතාවක්

සමස්ථ පදක්කම් සටහන

ස්ථානය රට සහභාගීත්වය රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 13 1274 744 390 2408
2  පාකිස්ථානය 13 360 458 457 1275
3  ශ්‍රී ලංකාව 13 260 444 690 1394
4  නේපාලය 13 130 182 367 679
5  බංග්ලාදේශය 13 87 210 491 788
6  ඇෆ්ගනිස්තානය 4 20 26 54 100
7  භූතානය 13 02 23 66 91
8 මාල දිවයින 13 01 4 13 18

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. It will be South Asian Games.Rediff news.April 2, 2004.
  2. "South Asian Winter Games to have two opening and closing". The Times of India. 2010-11-25. සම්ප්‍රවේශය 2011-08-01.

බාහිර සබැදි

  • Official Site සංරක්ෂණය කළ පිටපත 2013-06-03 at the Wayback Machine
  • Pakistan Sports Board:South Asian Games සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?