ඩොඩෝ (Raphus cucullatus), යනු මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලොවෙන් වඳ වී ගිය කුරුලු විශේෂයකි. මෙම කුරුල්ලන් ඉන්දියන් සාගරයේ පිහිටි මුරුසි දූපතට පමණක් ආවේණිකය. මේ සත්වයා කුරුල්ලෙකු වුණත් පියබා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙක් විය.
| ඩොඩෝ කාලීන ව්‍යාප්තිය: මධ්යම හොලොසීන් – ක්‍රි. ව. 1662 | |
|---|---|
| ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ නවීන පර්යේෂණ මත පදනම් වූ ඩෝඩෝ ඇටසැකිල්ල සහ ආකෘතිය. | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Columbiformes |
| කුලය: | Columbidae |
| උපකුලය: | Raphinae |
| ගණය: | †Raphus Brisson, 1760 |
| විශේෂය: | †R. cucullatus'' |
| ද්වීපද නාමය | |
| †Raphus cucullatus (Linnaeus, 1758) | |
| Location of Mauritius (in blue) | |
| Synonyms | |
| |
අද ඩෝඩෝ කුරුල්ලන් දක්නට නැත. අද ඇත්තේ ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ පොසිල කොටස් පමණි. ලන්දේසි නාවිකයන්ගේ සිතුවම් අනුව, ඩෝඩෝ අළු සහ සුදු පැහැති කුරුල්ලෙකි. කෙසේ නමුත් සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඩෝඩෝ ලා අළු, නිල් පැහැයේ සිට අළු දුඹුරු පැහැය තෙක් වර්ණවත් වුණු කුරුල්ලෙක් කියාය.
කිලෝ ග්‍රෑම් 17.5ක් බරින් යුක්ත වූ ඩෝඩෝ අයත් වන්නේ පරෙවියන් සහ කොබෙයියන් අයත් ව රැපිනේ නමැති කුරුලු පවුලටය.ඩෝඩෝට වඩාත් සමීපතම කුරුල්ලා ලෙස සැලකෙන්නේ නිකොබාර් පරෙවියාය.
ලන්දේසි නාවිකයන්ට පළමු වරට ඩෝඩෝ කුරුල්ලෙකු දකින්නට ලැබුණේ 1598 වසරේ දී යැයි ලන්දේසි සටහන්වල සහ සිතුවම්වල දැක්වෙයි. ඉන් වසර 64 ක් ගත වෙද්දී ඩෝඩෝ කුරුල්ලන් දූපතෙන් වඳ වී යන්න විය. අවසන් වරට කුරුල්ලෙකු දකින්නට ලැබුණු බව පැවසෙන්නේ 1662 වසරේදීය.
ඩෝඩෝ කුරුල්ලන් උන්ගේ ජීවන චක්‍රය තුළ දී අවස්ථා කිහිපයකදී පිහාටු හලා දමා, වර්ණවත් පිහාටු වෙනස් කර ගත් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ලිංගික වශයෙන් පරිණත වෙද්දී පිහාටු වෙනස් කර ගන්නා කුරුල්ලන් එමටය. අහස අහිමි පැස්බරුන් එසේ පිහාටු වෙනස් කරන කුරුල්ලන් යැයි ද පැවසෙයි.
ප්‍රබන්ධ සාහිත්‍යයේ ද කැපී පෙනෙන ඩෝඩෝ කුරුල්ලෙකු සිටී. සාහිත්‍යයට එක්වුණු ඩෝඩෝ කුරුල්ලා හමුවන්නේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් (විස්මලන්තයට ගිය ඇලිස්) කතාවෙනි. අද වඳ වී යෑමේ ආදීනව ලොවට කියා පෑමේ සංකේතය වශයෙන් ද ඩෝඩෝ සැලකෙයි.
පරිණාමය
2002 දී, ඇමරිකානු ජාන විද්‍යාඥ බෙත් ෂැපිරෝ සහ සගයන් ප්‍රථම වරට ඩෝඩෝගේ DNA විශ්ලේෂණය කළහ. ඔක්ස්ෆර්ඩ් නිදර්ශකයේ ඇටසැකිල්ලකින් සහ "රොද්‍රිගුස් සොලිටෙයාර්" කුරුල්ලෙකුගේ කලවයකින් ලබාගත් මයිටොකොන්ඩ්‍රියල් සයිටොක්‍රෝම් b සහ 12s rRNA අනුපිළිවෙලවල් සංසන්දනය කිරීමෙන් ඔවුන්ගේ සමීප සබඳතාව සහ කොලම්බිඩේ තුළ ස්ථානගත වීම තහවුරු විය. ජානමය සාක්ෂි මගින් අග්නිදිග ආසියාතික නිකොබාර් පරෙවියා (කැලෝනාස් නිකොබරිකා) ඔවුන්ගේ සමීපතම ජීවමාන ඥාතියා ලෙසත්, පසුව නිව් ගිනියාවේ ඔටුනු පරෙවියන් (ගෞරා) ලෙසත් අර්ථකථනය කරන ලදී. මෙම ක්ලේඩ් සාමාන්‍යයෙන් භූමියේ වාසය කරන දූපත් ආවේණික පරෙවියන්ගෙන් සමන්විත වේ. පහත දැක්වෙන ක්ලැඩෝග්‍රෑම් 2002 ෂපීරෝ සහ සගයන් මත පදනම්ව කොලම්බිඩේ තුළ ඩෝඩෝගේ සමීපතම සබඳතා පෙන්වයි:
| |||||||||||||||||||||||||||||||
අමතර අවධානයට
- හොලොසීන් වඳවීම
- හොලොසීන් හි වඳ වී ගිය අප්‍රිකානු සතුන් ලැයිස්තුව
- 1500 සිට වඳ වී ගිය පක්ෂි විශේෂ ලැයිස්තුව
මූලාශ්‍ර
- Rijsdijk, K. F.; Zinke, J.; de Louw, P. G. B.; Hume, J. P.; Van Der Plicht, H.; Hooghiemstra, H.; Meijer, H. J. M.; Vonhof, H. B.; et al. (2011). "Mid-Holocene (4200 kyr BP) mass mortalities in Mauritius (Mascarenes): Insular vertebrates resilient to climatic extremes but vulnerable to human impact". The Holocene. 21 (8): 1179–1194. Bibcode:2011Holoc..21.1179R. doi:10.1177/0959683611405236. S2CID 85845297.
- BirdLife International (2016). "Raphus cucullatus". IUCN Red List of Threatened Species. 2016: e.T22690059A93259513. doi:10.2305/IUCN.UK.2016-3.RLTS.T22690059A93259513.en. සම්ප්‍රවේශය 11 November 2021.
- Shapiro, B.; Sibthorpe, D.; Rambaut, A.; Austin, J.; Wragg, G. M.; Bininda-Emonds, O. R. P.; Lee, P. L. M.; Cooper, A. (2002). "Flight of the Dodo" (PDF). Science. 295 (5560): 1683. doi:10.1126/science.295.5560.1683. PMID 11872833. 20 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 28 August 2015. Supplementary information සංරක්ෂණය කළ පිටපත 5 අප්‍රේල් 2010 at the Wayback Machine
- BBC (28 February 2002). "DNA yields dodo family secrets". BBC News. London. 20 October 2002 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 September 2006.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩොඩෝ පිළිබඳ තොරතුරු, ඩොඩෝ යනු කුමක්ද? ඩොඩෝ යනු කුමක් දර්ශනය කරන්නේ?