මානව සංවර්ධන දර්ශකය, මාසද (ඉංග්‍රීසි: Human Development Index, HDI) යනු ආර්ථික විද්‍යාත්මක දර්ශකයකි.
මානව සංවර්ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.
2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.
මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.
2016 මානව සංවර්ධන දර්ශකය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් සම්පාදිත 2016 මානව සංවර්ධන දර්ශකය 2017 මැදින් මස 21 ප්‍රකාශනය වූ අතර 2015 හි ඇස්තමේන්තුගත දත්තවලට අනුරූප ව මා.සං.ද ගණනය කර ඇත. පහත ඇත්තේ "ඉතා ඉහළ මානව සංවර්ධනය"ක් ඇති රටවල් ය:
- = වැඩිවීම
- = වෙනස් නොවීම
- ▼ = අඩුවීම.
- වරහන් තුළ ඇති අංකයෙන් 2015 වාර්තාවට සාපේක්ෂව එම රට ස්ථාන කීයකින් වෙනස් වී ඇත්දැයි දක්වයි.
| ශ්‍රේණිය | රට | ලකුණ | ||
|---|---|---|---|---|
| 2015 දී ගත් 2016 ඇස්තමේන්තු | පෙර වසරේ ස්ථානයෙන් වෙනස්වීම | 2015 දී ඇස්තමේන්තුගත 2016 ලකුණ | පෙර වසරින් වෙනස්වීම | |
| 1 | නෝර්වේ | 0.949 | 0.001 | |
| 2 | ඕස්ට්‍රේලියාව | 0.939 | 0.002 | |
| 2 | ස්විට්සර්ලන්තය | 0.939 | 0.001 | |
| 4 | (2) | ජර්මනිය | 0.926 | 0.002 |
| 5 | (1) | ඩෙන්මාර්කය | 0.925 | 0.002 |
| 5 | (6) | සිංගප්පූරුව | 0.925 | 0.013 |
| 7 | ▼ (1) | නෙදර්ලන්තය | 0.924 | 0.001 |
| 8 | අයර්ලන්තය | 0.923 | 0.003 | |
| 9 | (7) | අයිස්ලන්තය | 0.921 | 0.002 |
| 10 | ▼ (1) | කැනඩාව | 0.920 | 0.001 |
| 10 | ▼ (2) | ඇමරිකාව | 0.920 | 0.002 |
| 12 | හොංකොං | 0.917 | 0.001 | |
| 13 | ▼ (4) | නවසීලන්තය | 0.915 | 0.002 |
| 14 | (1) | ස්වීඩනය | 0.913 | 0.004 |
| 15 | ▼ (1) | ලිච්ටෙන්ස්ටයින් | 0.912 | 0.001 |
| 16 | ▼ (4) | එක්සත් රාජධානිය | 0.909 | 0.003 |
| 17 | (3) | ජපානය | 0.903 | 0.001 |
| 18 | දකුණු කොරියාව | 0.901 | 0.002 | |
| 19 | ඊශ්‍රායලය | 0.899 | 0.001 | |
| 20 | ලක්සම්බර්ග් | 0.898 | 0.002 | |
| 21 | (1) | ප්‍රංශය | 0.897 | 0.003 |
| 22 | ▼ (1) | බෙල්ජියම | 0.896 | 0.001 |
| 23 | ෆින්ලන්තය | 0.895 | 0.002 | |
| 24 | ඔස්ට්රියාව | 0.893 | 0.001 | |
| 25 | (2) | ස්පාඤ්ඤයේ | 0.892 | 0.005 |
| 26 | ස්ලෝවීනියාව | 0.890 | 0.002 | |
| 27 | (1) | ඉතාලිය | 0.887 | 0.006 |
| 28 | චෙකියාව | 0.878 | 0.003 | |
| 29 | ග්‍රීසිය | 0.866 | 0.001 | |
| 30 | බෲනායි | 0.865 | 0.001 | |
| 30 | (1) | එස්ටෝනියාව | 0.865 | 0.002 |
| 32 | ඇන්ඩෝරා | 0.858 | 0.001 | |
| 33 | (1) | සයිප්‍රසය | 0.856 | 0.002 |
| 33 | (2) | මෝල්ටා | 0.856 | 0.003 |
| 33 | මෝල්ටා | 0.856 | 0.001 | |
| 36 | පෝලන්තය | 0.855 | 0.003 | |
| 37 | ලිතුවේනියාව | 0.848 | 0.002 | |
| 38 | (4) | චිලී | 0.847 | 0.002 |
| 38 | සවුදි අරාබිය | 0.847 | 0.002 | |
| 40 | ▼ (5) | ස්ලෝවැකියාව | 0.845 | 0.003 |
| 41 | පෘතුගාලය | 0.843 | 0.002 | |
| 42 | එක්සත් අරාබි එමීර් රාජ්යය | 0.840 | 0.004 | |
| 43 | හංගේරියාව | 0.836 | 0.002 | |
| 44 | ලැට්වියාව | 0.830 | 0.002 | |
| 45 | ▼ (5) | ආර්ජන්ටිනාව | 0.827 | 0.001 |
| 45 | (1) | ක්‍රොඒෂියාව | 0.827 | 0.004 |
| 47 | ▼ (1) | බහරේන් | 0.824 | 0.001 |
| 48 | (1) | මොන්ටිනිග්‍රෝ | 0.807 | 0.003 |
| 49 | ▼ (1) | රුසියාව | 0.804 | ▼ 0.001 |
| 50 | (1) | රොමේනියාව | 0.802 | 0.004 |
| 51 | ▼ (1) | කුවේට් | 0.800 | 0.001 |
අසමානත්ව සැකසූ මා.සං.ද
අසාමානතාවන් සැකසන ලද මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) යනු "අසමානතාවන් සැළකිල්ලට ගත් කළ සමාජයක මිනිසුන්ගේ මානව සංවර්ධන මට්ටම පිළිබඳ මිනුම" ය.
මෙහි ස්ථාන/ශ්‍රේණි මා.සං.ද ට නිසිලෙස ම නො ගැලපෙන්නේ අ.මා.සං.ද දත්ත නොමැති රටවල් මෙයට එකතු කර නැති බැවිනි (p. 206).
- නෝර්වේ 0.898
- අයිස්ලන්තය 0.868
- නෙදර්ලන්තය 0.861
- ඕස්ට්‍රේලියාව 0.861
- ජර්මනිය 0.859
- ස්විට්සර්ලන්තය 0.859
- ඩෙන්මාර්කය 0.858
- ස්වීඩනය 0.851
- අයර්ලන්තය 0.850
- ෆින්ලන්තය 0.843
- කැනඩාව 0.839
- සැකිල්ල:රටේ දත්ත ස්ලොවිනියාව 0.838
- එක්සත් රාජධානිය 0.836
- චෙක් ජනරජය 0.830
- ලක්සම්බර්ග් 0.827
- බෙල්ජියම 0.821
- ඔස්ට්‍රියාව 0.815
- ප්‍රංශය 0.813
- එක්සත් ජනපදය 0.796
- සැකිල්ල:රටේ දත්ත ස්ලෝවැකියාව 0.793
- ජපානය 0.791
- ස්පාඤ්ඤය 0.791
- සැකිල්ල:රටේ දත්ත එස්ටෝනියාව 0.788
- මෝල්ටාව 0.786
- ඉතාලිය 0.784
- ඊශ්‍රායලය 0.778
- පෝලන්තය 0.774
- සැකිල්ල:රටේ දත්ත හංගේරියාව 0.771
- සයිප්‍රස් 0.762
- ලිතුවේනියාව 0.759
- ග්‍රීසිය 0.758
- පෘතුගාලය 0.755
- දකුණු කොරියාව 0.753
- Croatia 0.752
- ලැට්වියාව 0.742
- Montenegro 0.736
- රුසියාව 0.725
- රොමේනියාව 0.714
- ආර්ජන්ටිනාව 0.698
- සැකිල්ල:රටේ දත්ත චිලී 0.691
"ඉතා ඉහළ මානව සංවර්ධන" ලකුණක් තිබෙනමුත් අ.මා.සං.ද දත්ත නොමැති රටවල්: තායිවාන්, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ලීච්ටන්ස්ටේන්, බෲනායි, කටාර්, සෞදි අරාබිය, ඇන්ඩෝරාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, බහරේන් හා කුවේට්.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානව සංවර්ධන දර්ශකය පිළිබඳ තොරතුරු, මානව සංවර්ධන දර්ශකය යනු කුමක්ද? මානව සංවර්ධන දර්ශකය යනු කුමක් දර්ශනය කරන්නේ?