ගණේමුල්ල

ගණේමුල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි, මධ්‍යම ප්‍රමාණයක විශාලත්වයෙන් යුතු නගරයකි. ගණේමුල්ල නගරයේ ආසන්නතම නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 5 ක් පමණ දුරින් පිහිටයි. ගණේමුල්ල වට කරමින් පවතින අවට නගර වන්නේ කඩවත, ගම්පහ, ජා ඇල සහ කඳාන වේ. නගරයේ වෙසෙන බහුතරයක් සිංහල බෞද්ධාගමිකයන් වන අතර, සුළු ප්‍රමාණයක කතෝලික ප්‍රජාවක්ද මෙහි වාසය කරන කරයි.

ගණේමුල්ල
Ganemulla
கணேமுல்லை
නගරය
ගණේමුල්ල දුම්රිය ස්ථානය
ගණේමුල්ල
ශ්‍රී ලංකාව තුළ පිහිටීම
ඛණ්ඩාංක: 7°04′00″N 79°57′00″E / 7.0667°N 79.95°E / 7.0667; 79.95
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
තැපැල් කේතය11020
දුරකථන කේතය(න්)033

ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව පිහිටුවා තිබෙන්නේද ගණේමුල්ල තුලයි.

ගණේමුල්ල එකමුතුව සමාජ සත්කාර පදනම පිහිටා තිබෙන්නේද ගණේමුල්ලේ වන අතර එය ගණේමුල්ල ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශවාසීන් හා ප්‍රදේශය වෙනුවෙන් මහත් වූ සේවාවන් රැසක් සිදුකරන ස්වෙච්ඡා සාමාජ සේවා සංවිධානයකි.

පුරාවස්තු

මෑතකදී ගණේමුල්ල දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයකින් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ජලය බැසයන අගල් පද්ධතියක් සොයාගැණුනු අතර, එය 18වන සියවසේදී පමණ ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරෙයි. කෙසේ නමුදු ක්‍රමවත් පරික්ෂාවක් සහ සංරක්ෂණයක් සිදු නොවීම නිසා වර්ථමානයේ එය අබලන් තත්වයක පවතියි.

ගමනාගමනය

කොළඹ-පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කොළඹ-කොටුව දුම්රිය ස්ථානයේ සිට 13 වැනියට පිහිටුවා තිබෙන්නේ ගණේමුල්ල දුම්රිය ස්ථානයයි.

  • 223, කඩවත සහ ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගය වන අතර, 218 කඩවත සහ ගණේමුල්ල අතර පවතින දෙවන බස් මාර්ගය වෙයි.
  • 266 සහ 278 බස් මාර්ග ද්විත්වයම ගණේමුල්ල සහ ජා ඇල අතර දිවෙයි.
  • 276 ගම්පහ-කඳාන බස් මාර්ගය සහ 979 ගම්පහ-රාගම බස් මාර්ගය දිවෙන්නේ ගණේමුල්ල නගරය හරහායි.

මූලාශ්‍ර

  1. Presidential Commission on Buddhism of 2002, whose recommendations included anti-conversion laws., http://www.lankaliberty.com/perspectives/2002%20Presidential%20Commission%20on%20the%20Buddha%20Sasana%20-%20Chapter%209%20-%20Conversion%20of%20Buddhists%20to%20Other%20Religions.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-02-22 

භාහිර සබැදි

  • MSN Map - elevation = 16m[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගණේමුල්ල පිළිබඳ තොරතුරු, ගණේමුල්ල යනු කුමක්ද? ගණේමුල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?