නාරම්මල

නාරම්මල යනු ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ප්‍රධානම නගරයයි. එය නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගනගරය ද වේ. ලෝකයේ ප්‍රථම බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය ද මෙහි පිහිටා ඇත. මෙම මනරම් නගරය කුඹුරු යාය වලින් සහ පොල්වතු වලින් වටවී ඇත. වයඹ පළාතේ ප්‍රධාන නගර වන කුරුණෑගල, හලාවත හා කුලියාපිටිය යන නගර අතර නාරම්මල ද තිබේ. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත නාරම්මල නගරය පැරණි හා නවීන ජීවන ක්‍රම සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරී නගරයකි. එය සිංහල බෞද්ධ බහුතරයකගෙන් සමන්විත, බහු ආගමික, බහු ජාතික සහ බහු සංස්කෘතික නගරයකි.මෙම ප්‍රදේශයේ මිනිසුන් සාමයෙන් අන් අය සමග වෙසේ.

නාරම්මල
Narammala
நாரம்மல
ඉහළ: නාරම්මල නගරයේ ගුවන් දර්ශනය
අපනාමය(න්): රන්පුරවර
උද්යෝග පාඨය(න්): නොනැවතී ඉදිරියට
නාරම්මල
ඛණ්ඩාංක: 7°26′4″N 80°13′17″E / 7.43444°N 80.22139°E / 7.43444; 80.22139
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල
ආණ්ඩුව / පරිපාලනයප්‍රාදේශීය සභා
 • පරිපාලනයනාරම්මල ප්‍රාදේශීය සභාව
සරිය
 • මුළු99.68 කිමී2 (38.49 සතරැස් සැත)
උන්නතාංශය0m මී (0 අඩි)
ජනගහණය(2012)
 • මුළු56,279
ජනනාමය(න්)Narammalian (නාරම්මලියන්)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
දුරකථන කේතය(න්)037
වෙබ් අඩවියhtttps://narammala.ds.gov.lk

නාරම්මල නගරය ශ්‍රී ලංකාවේ අනතුරු අඩු ම නගරය බව පර්‍යේශණ මගින් තහවුරු වී තිබේ. සුළි සුලං, නායයෑම්, ගිනිකඳු, නියගය හෝ ගංවතුරෙන් නාරම්මල ප්‍රදේශය ඉතිහාසයේ කිසිදු දිනයක පීඩා විද නැති බව තහවුරු වේ. කෙසේවෙතත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ගිරිඋල්ල ප්‍රදේශයෙන් මහ ඔය පිටාර ගැලීම හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට නාරම්මල නගරයේ පහත් බිම් කොටස සම්පූර්ණයෙන් ජලයෙන් යට විය. නාරම්මල සිට මීගමුව දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නි‍කේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති. ‍‍

ඉතිහාසය

පුරාවෘතයන්ට අනුව, නාරම්මල ඉතිහාසය ඇරඹෙන්නේ 3වෙනි විජයබාහු රජතුමා දඹදෙණි රාජධානිය (ක්‍රි.ව. 1120 - ක්‍රි.ව.1236) පිහිටුවීමෙන් පසුවයි. තමා හා දළදා මාළිගාවේත්, රටවැසියන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පොළොන්නරුව රාජධානිය අතහැරි 3වෙනි විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානිය වෙත සංක්‍රමණය විය. ඒ දින වල පටන් නාරම්මල යන්න පවතී. ඉතිහාසයට අනුව, දඹදෙණි රාජධානිය පිහිටුවීමත් සමගම ගෞතම බුදුරදුන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එහි රැගෙන එන ලදී. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දඹදෙණිය රාජධානිය වෙත රැගෙන එන අතරමග දී, වර්තමානයේ නාරම්මල නමින් හඳුන්වන ස්ථානයේ දී රජතුමා විසින් රනින් නිමකල නා මලක් දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කරන ලදී. රන් නා මල පුද දුන් ස්ථානය සිහිවීම පිණිස එදා පටන් එතැන "රන් නා මල" නමින් හැඳින්වෙන්නට වීලු. පසුව "රන්+නා+මල" යන්න භාවිතයේ පහසුවට "නා+රන්+මල"වී කට වහරට "නාරම්මල" වීලු.

.

පිහිටීම

භූගෝලීය පිහිටීම අනූව නාරම්මල නගරය උතුරු අක්ෂාංශ 7°26'1563" හා නැගෙනහිර දේශාංශ 80°13'797" හි පිහිටා ඇත.
B ශ්‍රේණියේ මාර්ග 2ක මංසන්ධියකි.

  • නාරම්මල - අලව්ව (B008)
  • කුරුණෑගල - මාදම්පේ (B247)

ගමනාගමනය

නාරම්මල නගරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බස් නැවතුම්පොළක් නගර මධ්‍යයේ ඇත.

  • මෙහි පවතින්නේ නාරම්මල නගරයෙන් ගමන් ආරම්භ වන බස් මාර්ග අංක හා අවසාන නැවතුම් ය. මීට අමතරව නාරම්මල නගරය හරහා ගමන් ගන්නා බස්රථ ද ඇත.
මාර්ග අංක අවසානය
වාරියපොළ
හෙට්ටිපොළ
කුලියාපිටිය
අලව්ව
ගිරිඋල්ල

සමාජය

නාරම්මල නගරයේ සිංහල සහමුස්ලිම් ජනයා ජීවත් වන අතර බහුතරය සිංහල වේ.මෙහි ජීවත් වන පිරිස් බහුල ලෙස කෘෂිකර්මන්තයේ යෙදෙන අතර ප්‍රධාන ආහාරය බත් වේ. නාරම්මල නගරයවාණිජ හා සමාජීය වටිනාකමක් ගන්නා අතර අවට පිහිටි කුඩා ගම්මානවල දහස් ගණන් ජනයාගේ මූලික අවශ්‍යතා ඉටුකරයි.

පාසල්

  • මයුරපාද ජාතික පාසල
  • මයුරපාද කණිෂ්ඨ විද්‍යාලය
  • නාරම්මල ආර්.ජී. සේනානායක මහා විද්‍යාලය


නාරම්මල අවට රජයේ ප්‍රධාන පාසල්

  • කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය - කුලියාපිටිය
  • මලියදේව විද්‍යාලය - කුරුණෑගල
  • මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල
  • ශා. ආනා විද්‍යාලය - කුරුණෑගල
  • ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කුරුණෑගල
  • මලියදේව ආදර්ශ මහා විද්‍යාලය - වැහැර, කුරුණෑගල
  • කු/ගිරි විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන - දම්පෑලැස්ස

තොරතුරු

තැපැල් සංකේත අංකය 60100වේ.

නාරම්මල නගරයේ සිතියම

http://www.maplandia.com/sri-lanka/north-western/narammala/


බාහිර සැබැදුම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාරම්මල පිළිබඳ තොරතුරු, නාරම්මල යනු කුමක්ද? නාරම්මල යනු කුමක් දර්ශනය කරන්නේ?