වන්වර්ල්ඩ්

වන්වර්ල්ඩ් (Oneworld) යනු 1999 වර්ෂයේ පෙබරවාරි 1 වැනිදා පිහිටුවා ගන්නා ලද, ගුවන්ගමන් සේවා සන්ධානයකි. ලෝකයේ ප්‍රධාන ගුවන්සේවා සන්ධාන හතර අතුරින්, නිතර ජාත්‍යන්තර සංචරණයේ යෙදෙන්නන්ගේ පළමු තේරීම බවට පත්වීම, මෙම ගුවන් සේවා සන්ධානයේ ප්‍රධාන අරමුණයි. මෙහි මධ්‍යම සන්ධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් වල, නිව්යෝර්ක් සිටි හී පිහිටුවා තිබෙයි. මෙම සන්ධානයේ වර්ථමාන සාමාජිකයින් වන්නේ එයාර් බර්ලින්, ඇමරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැතේ පැසිෆික්, ෆින්එයාර්, Iberia, ජැපෑන් එයාර්ලයින්ස්, LAN එයාර්ලයින්ස්, මැලේසියා එයාර්ලයින්ස්, Qantas, කටාර් එයාර්වේස්, රෝයල් ජෝර්දානියන්, S7 එයාර්ලයින්ස්, TAM එයාර්ලයින්ස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඇතුළු ඊට අනුබද්ධ තවත් උප ගුවන් සේවා 30 ක පමණ ප්‍රමාණයකි. 2014 මාර්තු 31 වනදා වන විට වන්වර්ල්ඩ් ගුවන් සන්ධානය, ගුවන්මගීන් මිලියන 496.4 කට පමණ සේවාව සපයන ලද ලොව තුන්වන ප්‍රධාන ගුවන් සේවාව බවට පත්විය (ස්ටාර් අලියන්ස් (මිලියන 637.6) සහ ස්කයි ටීම් (මිලියන 588) වලින් පසු.). වන්වර්ල්ඩ් හී ආදර්ශපාඨය වන්නේ, "ඇන් අලියන්ස් ඔෆ් ද වර්ල්ඩ්'ස් ලීඩින් එයාර්ලයින්ස් වර්කින් ඈස් වන් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)" යන්නයි.

වන්වර්ල්ඩ්
oneworld
ආරම්භය1999 පෙබරවාරි1
සාමාජිකයින් සංඛ්‍යාව15
ඡන්දය අහිමි සාමාජිකයින් සංඛ්‍යාව1 (අක්‍රීය සාමාජිකයා); 30 (අනුබද්ධ)
අනාගත සාමාජිකයින් සංඛ්‍යාව1 (අනුබද්ධ)
ගමනාන්ත ගුවන්තොටුපළ සංඛ්‍යාව982
ගමනාන්ත රටවල් සංඛ්‍යාව150
වාර්ෂික මගීන් සංඛ්‍යාව (මිලියන)496.4
යානා බළඇණි ප්‍රමාණය3,303
කළමණාකාරීත්වය
  • Willie Walsh (සභාපති)
  • Bruce Ashby (ප්‍රධාන විධායක නිළදාරී)
ආදර්ශ පාඨයAn alliance of the world's leading airlines working as one.
(ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)
ප්‍රධාන මූලස්ථානයනිව්යෝර්ක් සිටි, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
වෙබ් අඩවියoneworld.com

2013 ඔක්තෝම්බර් මස වන විට සන්ධානයේ සාමාජික ගුවන්සේවා විසින්, සාමූහික වශයෙන් යානා 3,300 ක පමණ ප්‍රමාණයක් හසුරුවා තිබූ අතර, 150 කට වැඩි රටවල් ප්‍රමාණයක ගුවන්තොටුපල දහසකට පමණ සිය සේවාවන් සපයා තුබුණි. මීට අමතරව දෛනික පිටත්වීම් 14,000 ක ප්‍රමාණයක් මගින්, ගුවන් මගීන් මිලියන 475 ක පමණ පිරිසක් ප්‍රවාහනය කොට, ඉන් වාර්ෂිකව අමෙරිකා ඩොලර් බිලියන 140 කට වඩා වැඩි සමස්ථ ආදායම් ප්‍රමාණයක්, වන්වර්ල්ඩ් ගුවන්සේවා සන්ධානයේ සාමාජිකයින් විසින් උපයා ගෙන තිබුණි.

ගුවන්සේවා සාමාජිකයින්

ඇමෙරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැනේඩියන් එයාර්ලයින්ස්, කැතේ පැසිෆික් සහ කැන්ටාස් ගුවන් සේවාවන්. (සන්ධානයේ ආරම්භක සාමාජිකයෝ).

පූර්ණ සාමාජිකයින් හා අනුබද්ධ ගුවන් සේවාවන්

සාමාජික ගුවන්සේවය එක්වීම අනුබද්ධ සාමාජිකයින්
 එයාර් බර්ලින් 2012 මාර්තු 20  Niki
 ඇමරිකන් එයාර්ලයින්ස්[A] 1999 පෙබරවාරි 1  American Eagle, මෙහෙයවනු ලබන්නේ


       Envoy Air
       Chautauqua Airlines
       ExpressJet
       Republic Airlines
       SkyWest Airlines
 US Airways
 US Airways Express, මෙහෙයවනු ලබන්නේ
       Air Wisconsin
       Chautauqua Airlines
       Mesa Airlines
       Piedmont Airlines
       PSA Airlines
       Republic Airlines
       SkyWest Airlines
       Trans States Airlines
       US Airways Shuttle

 බ්‍රිටිෂ් එයාර්වේස්[A] 1999 පෙබරවාරි 1  BA CityFlyer
 British Airways Limited
 Comair
 OpenSkies
 Sun Air of Scandinavia
 කැතේ පැසිෆික්[A] 1999 පෙබරවාරි 1  Dragonair
 ෆින්එයාර් 1999 පෙබරවාරි 1  Flybe Nordic
 අයිබීරියා 1999 පෙබරවාරි 1  Iberia Regional, මෙහෙයවනු ලබන්නේ


       Air Nostrum
 Iberia Express

 ජැපෑන් එයාර්ලයින්ස් 2007 අප්‍රියෙල් 1  J-Air
 JAL Express
 Japan Transocean Air
 LAN එයාර්ලයින්ස් 2000 ජුනි 1  LAN Argentina
 LAN Ecuador
 LAN Express
 LAN Perú
 LAN Colombia
මැලේසියා එයාර්ලයින්ස් 2013 පෙබරවාරි 1 අදාළ නොවේ
 කැන්ටාස් (Qantas)[A] 1999 පෙබරවාරි 1  Jetconnect
 QantasLink
 කටාර් එයාර්වේස් 2013 ඔක්තෝම්බර් 30 අදාළ නොවේ
 රෝයල් ජෝර්ධානියන් 2007 අප්‍රියෙල් 1 අදාළ නොවේ
 එස්7 එයාර්ලයින්ස් 2010 නොවැම්බර් 15  Globus Airlines
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් 2014 මැයි 1 අදාළ නොවේ
 TAM එයාර්ලයින්ස් 2014 මාර්තු 31 අදාළ නොවේ

A ආරම්භක සාමාජිකයින්

අක්‍රීය සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

අක්‍රීය සාමාජික ගුවන් සේවය එකතු වීම අක්‍රීය වීම අක්‍රීය අනුබද්ධ ගුවන් සේවය
Mexicana de Aviación[A] 2009 නොවැම්බර් 10 2010 අගෝස්තු 28 MexicanaClick
MexicanaLink

A මූල්‍යමය අර්බුධයකට ලක්වීම නිසා සිය මෙහෙයුම් 2010 අගා්ස්තු 28 වන දින අත්හිටුවන ලදී. සන්ධානය හැරගොස් නොමැති බැවින්, අක්‍රීය සාමාජිකයෙකු ලෙස නම් කොට තිබේ.

හිටපු සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

ඉන්දියාවේ කින්ග්ෆිෂර් (Kingfisher) ගුවන් සේවය වන්වර්ල්ඩ් වෙත එකතු වීමට 2012 පෙබරවාරි 10 දින සූදානම්ව සිටියත් මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන්, සන්ධානයට එක් නොවිණි.

හිටපු සාමාජික ගුවන්සේවය එකතුවීම ඉවත්වීම අනුබද්ධ ගුවන් සේවා
Aer Lingus[A] 2000 ජුනි 1 2007 අප්‍රියෙල් 1
කැනේඩියන් එයාර්ලයින්ස්[B] 1991 පෙබරවාරි 1 2000 ජුනි 1 Calm Air
Canadian North
Canadian Regional Airlines
Inter-Canadien
Malév[C] 2007 මාර්තු 29 2012 අප්‍රියෙල් 1

A ව්‍යාපාරික මූලෝපායන් වෙනස්කිරීම නිසා ස්වේච්ඡාවෙන් ඉවත්ව ගිය
B සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වූවත්, ස්ටාර් අලියන්ස් සාමාජිකයෙකු වූ එයාර් කැනඩා ගුවන් සේවය යටතට පත්වූ නිසා, වන්වර්ල්ඩ් සන්ධානයෙන් ඉවත් විය.
C මූල්‍යමය බිඳවැටීම් නිසා ඉවත් වූ

හිටපු අනුබද්ධ සාමාජිකයින් එකතුවීම ඉවත්වීම අනුබද්ධතාව
Air Liberté[A] 1999 2000 බ්‍රිටිෂ් එයාර්වේස්
Impulse Airlines 2001 2004 කැන්ටාස්
BA Connect[A] 1999 2007 බ්‍රිටිෂ් එයාර්වේස්
British Mediterranean Airways[A] 1999 2007 බ්‍රිටිෂ් එයාර්වේස්
Deutsche BA[A] 1999 2006 බ්‍රිටිෂ් එයාර්වේස්
GB Airways[A] 1999 2008 බ්‍රිටිෂ් එයාර්වේස්
JALways 2007 2010 ජැපෑන් එයාර්ලයින්ස්
Japan Asia Airways 2007 2008 ජැපෑන් එයාර්ලයින්ස්
Loganair[A] 1999 2008 බ්‍රිටිෂ් එයාර්වේස්
Qantas New Zealand 2000 2001 කැන්ටාස්
Regional Air (Kenya) 2001 2005 බ්‍රිටිෂ් එයාර්වේස්
Southern Australia Airlines[A] 1999 2002 කැන්ටාස්

A ආරම්භක, අනුබද්ධ ගුවන්සේවා සාමාජිකයින්

ශ්‍රී ලංකාවේ එක්වීම

2014 මැයි 1 වැනිදින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැවැති, මෙම එකතු වීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ උත්සවයේදී, “වන්වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිල වශයෙන් අත්වැල් බැඳගන්නා ලදී. මේ අනූව මෙවැනි ගුවන් සේවා සන්ධානයකට එක්වූ පළමු දකුණු ආසියානු ගුවන් සේවය වන්නේද, ශ්‍රී ලංකන් ගුවන් සේවය වේ.

ආශ්‍රිත

  1. "oneworld at a glance" Oneworld. 31 March 2014. Retrieved 5 April 2014
  2. "ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්" (PDF). ස්ටාර් අලියන්ස්. 31 මාර්තු 2014.
  3. "ෆැක්ට් ශීට්". ස්කයි ටීම්. 5 මාර්තු 2014. 7 මාර්තු 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  4. "Oneworld member airlines". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
  5. "Oneworld airline affiliates". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
  6. airline affiliates. oneworld (2013-08-12). Retrieved on 2013-08-16.
  7. "BA Launches New Subsidiary BA Ltd". Routesonline. සම්ප්‍රවේශය 2013-01-27.
  8. "Five leading airlines to launch oneworld global alliance" (Press release). oneworld. 21 September 1998. සම්ප්‍රවේශය 5 August 2009.
  9. කරන්ට් ස්ටේටස් ඔෆ් මෙක්සිකානා ඉන් වන්වර්ල්ඩ්, Oneworld, http://www.oneworld.com/member-airlines/mexicana/ 
  10. "Government suspends Kingfisher Airline's licence over safety fears - The Times of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2013-05-22.
  11. "India's Kingfisher Airlines set to join oneworld alliance". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
  12. "India's Kingfisher Airlines to be part of oneworld from 10 February". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; EIleave2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. "Canadian to withdraw from Oneworld on June 1" (Press release). Oneworld. 14 March 2000. 19 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2009.
  15. සංරක්ෂිත පිටපත, http://www.adaderana.lk/biz/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2014-05-01 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වන්වර්ල්ඩ් පිළිබඳ තොරතුරු, වන්වර්ල්ඩ් යනු කුමක්ද? වන්වර්ල්ඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?