කොළොන්නාව යනු කොළඹ දිස්ත්රික්කයේකොළඹ නගර සභා මායිමේ පිහිටි ඡන්ද කොට්ඨාසයකි. දෙමටගොඩ, රාජගිරිය, ඔරුගොඩවත්ත, කැළණිය යනාදී නගර වටකොට පිහිටි මෙහි මීතොටමුල්ල, සාලමුල්ල, ගොතටුව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ යනාදී නගර හා ගම් ද පිහිටා ඇත.
| කොළොන්නාව | |
|---|---|
| නගරය | |
කොළොන්නාව | |
| ඛණ්ඩාංක: 6°55′42″N 79°53′42″E / 6.92833°N 79.89500°E | |
| Country | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | +5.30 |
භූගෝලීය පිහිටීම
පිටකොටුවේ සිට පැමිණෙන්නේ නම් මාර්ග අංක 152 ගොතටුව නව නගරය බස් රියේ කොළොන්නාවට පැමිණීමට වඩා පහසු වුව ද ඔරුගොඩවත්තේ සිට පරණ අවිස්සාවේල්ල පාර දිව යන්නේ ද කොළොන්නාව ආසනය හරහා බැවින් කොලොන්නාව නගරයට කෙසේ වෙතත් අඩු තරමේ වැල්ලම්පිටිය නගරයට වත් හංවැල්ල හරහා පරණ පාරේ දිවෙන ඕනෑම බසයක පැමිණිය හැකිය.
ප්‍රදේශය
- කොළොන්නාව
- ඔරුගොඩවත්ත
- වැල්ලම්පිටිය
- සේදවත්ත
- සලාමුල්ල
- මීතොටමුල්ල
ආගමික ස්ථාන හා වෙනත් ආයතන
රජයේ කර්මාන්තශාලාව මෙන්ම තෙල් සංස්ථා ගබඩා සංකීර්ණය ද එසේම විදුලිබල මණ්ඩලයට අයත් ස්ටැන්ලි බලාගාරය ද පිහිටා ඇත්තේ කොළොන්නාවේ ය. එසේම කොළොන්නාව රජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ද කොළොන්නාව ආසනය තුළ පිහිටා තිබේ
අංගොඩ හා මුල්ලෙරියාව නගරවල පිහිටි මානසික රෝහල් ද පිහිටා ඇති කොළොන්නාව අයත් වනුයේ වැල්ලම්පිටිය පොලිස් වසමටයි.
| 2012 | ප්‍රතිශතය | |
|---|---|---|
| බෞද්ධ | 123,225 | 64.58% |
| ඉස්ලාම් | 43,988 කි | 23.05% |
| හින්දු | 12,991 කි | 6.81% |
| රෝමානු කතෝලික | 7,327 කි | 3.84% |
| වෙනත් ක්‍රිස්තියානි | 3,245 | 1.70% |
| වෙනත් | 41 (41) | 0.02% |
| සමස්ත | 190,817 කි | 100.00% |
| සිංහල | 128,623 | 67.41% |
| ශ්‍රී ලංකා මුවර් | 40,412 කි | 21.18% |
| ශ්‍රී ලාංකික දෙමළ | 15,934 කි | 8.35% |
| ඉන්දියානු දෙමළ | 2,101 | 1.10% |
| මැලේ | 1,885 | 0.99% |
| බර්ගර් | 1,301 | 0.68% |
| වෙනත් | 487 (ස්පාඤ්ඤය) | 0.26% |
| ශ්‍රී ලාංකික චෙට්ටි | 57 යි | 0.03% |
| භාරත | 17 යි | 0.01% |
| සමස්ත | 190,817 කි | 100.00% |
පාසල්
කොළොන්නාව නගරයේ පාසල් කිහිපයක් ම පිහිටා තිබේ.
- ටෙරන්ස් ඇන්. ද සිල්වා විද්‍යාලය
- කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලය
- කොළොන්නාව බාලිකා විද්‍යාලය
- වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය
- කොළොන්නාව ඕල්කට් විද්‍යාලය
කොළොන්නාව ඡන්ද කොට්ඨාසය තුල ඇති පාසල් අතර සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය, කුඩා බුත්ගමුව රාජසිංහ විද්‍යාලය, අංගොඩ රාහුල විද්‍යාලය, කොටිකාවත්ත සෝමා දේවී බාලිකා විද්‍යාලය, ගොතටුව මහා විද්‍යාලය හා සේදවත්ත එස් මහින්ද විද්‍යාලය යන ඒවා නම් කළ හැකිය.
කොළොන්නාව නගර සභාව
කොලොන්නාව ( සිංහල: කොලොන්නාව , දෙමළ: கொலன்னாவ) යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ නැගෙනහිර මායිමේ පිහිටි නගරයකි. එය උතුරින් කැලණි ගඟෙන්, නැගෙනහිරින් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවෙන්, දකුණින් කෝට්ටේ මහ නගර සභාවෙන් සහ බටහිරින් කොළඹ මහ නගර සභාවෙන් මායිම් වේ.
ආශ්රිත ලිපි
- "Ward Maps of Colombo District – Kolonnawa Urban Council" (PDF). 2018-09-21 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-04-14.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළොන්නාව පිළිබඳ තොරතුරු, කොළොන්නාව යනු කුමක්ද? කොළොන්නාව යනු කුමක් දර්ශනය කරන්නේ?