රෝමානුක භාෂා

මුල් පිටුව | රෝමානුක භාෂා

ලතින් හෝ නව-ලතින් භාෂා ලෙසද හැඳින්වෙන රෝමානුක භාෂා, ග්‍රාම්‍ය ලතින් භාෂාවෙන් ඍජුව පැවත එන භාෂා වේ. ඒවා ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉතාලි ශාඛාවේ දැනට පවතින එකම උපභාෂා කාණ්ඩය වේ.

රෝමානුක
ලතින්/ නව-ලතින්
භූගෝලීය
බෙදා හැරීම
ඉතාලි අර්ධද්වීපයේ පැරණි ලතියුම් හි ආරම්භ වූ මෙය දැන් ලතින් යුරෝපය (නැගෙනහිර යුරෝපයේ, දකුණු යුරෝපයේ සහ බටහිර යුරෝපයේ කොටස්) සහ ලතින් ඇමරිකාව ([මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල්වල) මෙන්ම අප්‍රිකාවේ ප්‍රදේශ (ලතින් අප්‍රිකාව), ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව සහ ඕෂනියාව යන ප්‍රදේශවල ව්‍යවහාර කරයි.
Native speakers
මිලියන 900 පමණ
භාෂාමය වර්ගීකරණයඉන්දු-යුරෝපීය
  • ඉතාලික
    • ලතිනෝ-ෆැලිස්කන්
      • ලතින්
        • රෝමානුක
මුල් ආකෘති
පුරාණ ලතින්
  • ග්‍රාම්‍ය ලතින්
මූල භාෂාවමූල රෝමානුක
අනු කොටස්
  • ඉතාලි-බටහිර
  • නැගෙනහිර රෝමානුක
  • දකුණු රෝමානුක
  • පැනෝනියානු †
  • බ්‍රිතාන්‍ය †
ISO 639-2 / 5roa
භාෂාගෝලය51- (phylozone)
ග්ලෝටෝලොග්roma1334
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.

ගෝලීය රෝමානුක භාෂා
  බහුතර ස්වදේශීය භාෂාව
  සම-නිලලත් හා බහුතරය වන ස්වදේශීය භාෂාව
  නිලලත් නමුත් සුළුතරය වන ස්වදේශීය භාෂාව
  සංස්කෘතික හෝ ද්විතියික වන භාෂාව

ස්වදේශීය ව්‍යවහාරකයින් සංඛ්‍යාව අනුව වඩාත් පුළුල් ලෙස ව්‍යවහාර වන රෝමානුක භාෂා පහ නම්:

  • ස්පාඤ්ඤ (මිලියන 489): මෙය ස්පාඤ්ඤය, මෙක්සිකෝව, සමක ගිනියාව සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල නිල භාෂාව වේ.
  • පෘතුගීසි (මිලියන 240): මෙය පෘතුගාලය, බ්‍රසීලය, පෘතුගීසි ව්‍යවහාරික අප්‍රිකාව, ටිමෝර්-ලෙස්ටේ සහ මැකාවු යන රටවල නිල වශයෙන් ව්‍යවහාර වේ.
  • ප්‍රංශ (මිලියන 74): රටවල් 27 ක නිල භාෂාව වේ.
  • ඉතාලි (මිලියන 67): ඉතාලියේ නිල භාෂාව ලෙසත්, වතිකානු නගරය, සැන් මැරිනෝ, ස්විට්සර්ලන්තය; ක්‍රොඒෂියාවේ යන ප්‍රදේශවල සුළු භාෂාවක් ලෙසත්; ස්ලෝවේනියාවේ (ඉස්ට්‍රියාව) සහ බ්‍රසීලයේ (සැන්ටා තෙරේසා, එස්පිරිටෝ සැන්ටෝ සහ එන්කැන්ටාඩෝ, රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල්) කලාපීය භාෂාවක් ලෙසත් ව්‍යවහාර වේ.
  • රුමේනියානු (මිලියන 25): රුමේනියාව, මෝල්ඩෝවාව සහ සර්බියාවේ වොයිවඩීනා ස්වයං පාලන ප්‍රදේශයේ නිල භාෂාව ලෙස ද, හංගේරියාවේ, සර්බියාවේ සහ යුක්‍රේනයේ අනෙක් ප්‍රදේශයෙන් හී සුළු භාෂාවක් ලෙස ද වහරනු ලබයි.

යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව පුරා ලතින් භාෂාව පැතිරීම ආරම්භ වූයේ රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟ ය. රෝමය ප්‍රදේශයන් අත්පත් කර ගැනීමත් සමඟ ලතින් භාෂාව පරිපාලන, හමුදා සහ වෙළඳාමේ භාෂාව බවට පත් විය. එය විශේෂයෙන් බටහිර සහ දකුණු යුරෝපයේ ගැඹුරින් මුල් බැස ගනු ලැබූ අතර, අවසානයේ මෙම භාෂාව සුළු ප්‍රදේශීය වෙනස්කම් සහිත ග්‍රාම්‍ය ලතින් බවටත්, ඉන් රෝමානුක භාෂා බවටත් විකාශනය විය.

15 වන සියවසේ ආරම්භ වූ යුරෝපීය යටත් විජිතවාදයේ කාල පරිච්ඡේදය හේතුවෙන් රොමානුක භාෂා ලොව පුරා ව්‍යාප්ත විය. ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ව්‍යාප්ත වූ රෝමානුක භාෂා ව්‍යවහාර කරන ස්වදේශික කථිකයන් ගණන මිලියන 900 ඉක්මවයි. පෘතුගීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවන්ට ද ස්වදේශික නොවන කථිකයන් බොහෝ දෙනෙක් සිටින අතර ඒවා පොදු ව්‍යවහාරික භාෂා ලෙස බහුලව භාවිතා වේ. ප්‍රධාන භාෂා පහට අමතර ව කලාපීය රෝමානුක භාෂා සහ උපභාෂා රාශියක් ද ඇත. බහුලව භාවිතා වන රෝමානුක භාෂා පහම යුරෝපීය සංගමයේ නිල භාෂා ලෙස ද හඳුනා ගෙන ඇත.

භාෂා පවුලේ නාමය සහ සාමාජික භාෂා

  1. ලුවිස්, M. පෝල්, ed. (2009-05-30). "Summary by language size". Ethnologue : Languages of the World (16 ed.). Ethnologue. p. 1248. ISBN 978-1556712166. 2013-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝමානුක භාෂා පිළිබඳ තොරතුරු, රෝමානුක භාෂා යනු කුමක්ද? රෝමානුක භාෂා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.