ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය (කෙටියෙන් SEUSL) ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඔලුවිල් හී පිහිටා තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකි. 1995 වසරේදී විශ්වවිද්‍යාල පාසලක් ලෙස ආරම්භ කල එය, 1996 වසරේදී සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට හිමිවන පරිදි මෙම විශ්වවිද්‍යාලය සඳහාද, කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC), අරමුදල් හිමිවෙයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 10 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 8333 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.
| පිහිටුවන ලද්දේ | 1995 |
|---|---|
| වර්ගය | රාජ්‍ය |
| අය වැය ලේඛනය | රු. මිලියන 277 (2010) |
| කුලපති | මහාචාර්ය. අකි. එම්. ඉෂාක් |
| උපකුලපති | මහාචාර්ය. එම්. එම්. එම්. නජිම් |
| රෙජිස්ට්‍රාර් | එච්. අබ්දුල් සදාර් |
| ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය | 102 (2010) |
| පරිපාලන කාර්ය මණ්ඩලය | 236 (2010) |
| පිහිටීම | ඔලුවිල්, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව 7°18′03.50″N 81°51′19.10″E / 7.3009722°N 81.8553056°E |
| අධ්‍යයන මණ්ඩප | බහු විශ්වවිද්‍යාල |
| අතීත නම් | South Eastern University College of Sri Lanka |
| අනුබද්ධ කිරීම | පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය |
| වෙබ් පිටුව | seu.ac.lk |
විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රය අක්කරෙයිපත්තුවට ආසන්නව ඔලුවිල් හී පිහිටුවා තිබෙයි. ඊට අයත් පීඨයක් සමන්තුරේහී පිහිටුවා ඇත. විශ්වවිද්‍යාලය සතුව ප්‍රධාන පීඨ පහක් පවතියි. ඒවා නම් ව්‍යවහාරික විද්‍යා පීඨය, කළමනාකරණ හා වාණිජ්‍යය පීඨය, කලා හා සංස්කෘත පීඨය, ඉස්ලාම් අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය සහ ඉංජිනේරු පීඨය වෙති.
2010 වසර වන විට විශ්වවිද්‍යාලය සතුව සිසුන් 2,237 ක් හා සේවායුක්තයින් 338 දෙනෙකු වූ අතර, ශිෂ්‍ය සංඛ්‍යාව අනූව එය ශ්‍රී ලංකාවේ දහතුන්වන විශාලතම විශ්වවිද්‍යාලය වේ. 2010 වසරේදී විශ්වවිද්‍යාලයෙහි පුනරාවර්ථී අයවැය රු. මිලියන 277 ක් හා ප්‍රාග්ධන අයවැය රු. මිලියන 121 ක් විය. එම වසරේදී එහි ආදායම රු. මිලියන 397 ක් වූ අතර ඉන් 99% ක ප්‍රමාණයක් රජය විසින් ලබා දුන් ඒවා විය.
වත්මන් විශ්වවිද්‍යාල කුලපතිවරයා සහ උප කුලපතිවරයා වන්නේ පිළිවෙලින් මහාචාර්ය අකි. එම්. ඉෂාක් සහ මහාචාර්ය. එම්. එම්. එම්. නජිම් වේ අග්නිදිග විශ්වවිද්‍යාලය, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකයෙකුද වෙයි.
ඉතිහාසය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිටි නැසීගිය නායකයෙකු වූ එම්. එච්. එම්. අෂ්රෆ් මහතා මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට මූලිකත්වය ගත් බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල පාසල
1995 වසරේ ජූලි 26 දින නිවේදනය කල ගැසට් අංක. 88/9 යටතේ, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල පාසල පිහිටුවනු ලැබූ අතර, එය 1995 ඔක්තෝම්බරයේදී මුල්ම වරට අක්කරෙයිපත්තුවට නුදුරු අඩ්ඩාලච්චනෙයි හී පිහිටි රජයේ ගුරුවරුන් පුහුණු කිරීමේ පාසල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.
මේ අනූව අග්නිදිග විශ්වවිද්‍යාල පාසලට පැමිණි පළමු කාණ්ඩය වූයේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් මාරුකරණ ලද පැවරුම්ලාභියෝ පිරිසකි.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
1996 වසරේ මාර්තු 27 වැනිදා නිකුත් කල ගැසට් පත්‍ර අංක. 916/7 යටතේ මෙම පාසල සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස නම්කෙරූ අතර, එම ගැසට් නිවේදනය 1996 මැයි 15 වනදා සිට බලාත්මක කෙරුණි. ආරම්භයේදී විශ්වවිද්‍යාලය පීඨ දෙකකින් (කලා හා සංස්කෘත පීඨය සහ කළමණාකරණ හා වාණිජ්‍යය පීඨය), සමන්විත වූ අතර, එම පීඨ දෙකම අඩ්ඩාලච්චනෙයි (Addalachchenai) හී ඉදිකොට තිබුණි.
1997 වසරේදී විශ්වවිද්‍යාලයට අළුතින් ව්‍යවහාරික විද්‍යා පීඨය එක් කල අතර, එය කල්මුණේට ආසන්න සමන්තුරේහී පිහිටවනු ලැබුණි. 1998 වසරේ මැයි වලදී, කලා හා සංස්කෘත පීඨය, කළමණාකරණ හා වාණිජ්‍යය පීඨය, ප්‍රධාන පුස්තකාලය හා අනෙකුත් පරිපාලන කාර්යාල සියල්ල, අඩ්ඩාලච්චනෙයි සිට ඔලුවිල් හී අලුතින් නිමවනු ලැබූ විශ්වවිද්‍යාල උද්‍යානය වෙත ගෙන එන ලදී.
ඉස්ලාම් අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය 2005 ඔක්තෝම්බරයේදී විශ්වවිද්‍යාලය වෙත එක් කරන ලදී.
විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාලය, ඔලුවිල් හා සමන්තුරෙයි පිහිටි ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ: ඉන් ඔලුවිල් කොටසෙහි පීඨ හතරක් (කලා හා සංස්කෘත, කළමනාකරණ හා වාණිජ්‍යය සහ ඉස්ලාම් අධ්‍යයනය, ඉංජිනේරු පීඨය සහ අරාබි භාෂා පීඨය) ස්ථාපනය කොට තිබෙන අතර සමන්තුරේ කොටසෙහි ව්‍යවහාරික විද්‍යා පීඨය පිහිටුවා ඇත.
මෙම විශ්වවිද්‍යාලය අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් වෙරළබඩ වරාය නගරය තුල පිහිටුවා තිබෙයි.
සංවිධානය සහ පරිපාලනය
වත්මන් විශ්වවිද්‍යාල කුලපතිවරයා/චාන්සලර්, මහාචාර්ය අකි. එම්. ඉෂාක් වේ. උපකුලපතිවරයා ලෙස ආචාර්ය. එස්. එම්. මොහමඩ් ඉස්මයිල් ක්‍රියාකරයි.
විශ්වවිද්‍යාලය, ප්‍රධාන පීඨ හතරකින් හා අනෙකුත් අංශ/ඒකක රැසකින් සමන්විත වේ:
| විශ්වවිද්‍යාල පීඨයන්
| අනෙකුත් අංශ/ඒකක
|
ව්‍යවහාරික විද්‍යා පීඨය
ව්‍යවහාරික විද්‍යා පීඨය ප්‍රධාන අංශ තුනකින් සමන්විත වෙයි: ජෛවීය විද්‍යා අංශය, ගණිත අංශය හා භෞතික විද්‍යා අංශය.
කළමනාකරණ හා වාණිජ්‍යය පීඨය
කළමනාකරණ හා වාණිජ්‍යය පීඨය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වෙයි: ගණකාධීකරණය සහ මූල්‍ය හා කළමණාකරණය.
කලා හා සංස්කෘත පීඨය
කලා හා සංස්කෘත පීඨය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වෙයි: භාෂා සහ සමාජ විද්‍යාව.
ඉස්ලාම් අධ්‍යයන සහ අරාබි භාෂා පීඨය
ඉස්ලාම් අධ්‍යයන සහ අරාබි භාෂා පීඨය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වෙයි: අරාබි භාෂාව සහ ඉස්ලාම් අධ්‍යයනය.
ඉංජිනේරු පීඨය
ඉංජිනේරු පීඨය ප්‍රධාන අංශ පහකින් සමන්විත වෙයි: සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු, පරිගණකවිද්‍යා හා ඉංජිනේරු සහ Inter Desciplinary Studies.
ශිෂ්‍ය සංගම්
- සිංහල සාහිත්‍ය සංගමය
- බෞද්ධ සංගමය
- භූ විද්‍යා සංගමය
- හින්දු මා මාංද්‍රම්
- දෙමළ සංගමය
පින්තූර ගැලරිය
- ව්‍යවහාරික විද්‍යා පීඨය
- ඉංජිනේරු පීඨය
- කළමනාකරණ හා වාණිජ්‍යය පීඨය
- කලා හා සංස්කෘත පීඨය
ආශ්‍රිත
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා". විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html සංරක්ෂණය කළ පිටපත 2016-04-05 at the Wayback Machine ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
- "චැප්ටර් – 1 – ජෙනරල් ඉන්ෆෝර්මේෂන්" (PDF). ශ්‍රී ලංකා යුනිවර්සිටි ස්ටැටික්ස් 2010. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "චැප්ටර් – 2 – යුනිවර්සිටි ඇඩ්මිෂන්ස්" (PDF). ශ්‍රී ලංකා යුනිවර්සිටි ස්ටැටික්ස් 2010. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "චැප්ටර් – 5 – ෆයිනෑන්ස්" (PDF). ශ්‍රී ලංකා යුනිවර්සිටි ස්ටැටිස්ටික්ස් 2010. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "පර්සනලිටීස්". සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා.
- "මෙම්බර්ස් ඉන් ශ්‍රී ලංකා". පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය.
- "ඕවර් වීව් ඔෆ් සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා". සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා.
- "ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ටාෆ්". සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා.
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ලයිබ්‍රරි". සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා.
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස්". විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ෆැකල්ටි ඔෆ් මැනේජ්මන්ට් ඇන්ඩ් කොමස්". විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ෆැකල්ටි ඔෆ් ආර්ට්ස් ඇන්ඩ් කල්චර්". විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ෆැකල්ටි ඔෆ් ඉස්ලාමික් ස්ටඩීස් ඇන්ඩ් ඇරබික් ලැංග්වේජ්". විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව).
- "සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ෆැකල්ට් ඔෆ් ඉංජිනියරිං". seusl.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය යනු කුමක්ද? ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?