2007 වි20 ක්‍රිකට් ලෝක කුසලානය

අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්‍රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගන 3ක පැවැත්විය. මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් වරම් ලද කණ්ඩායම් 10ත් එක්දින ජාත්‍යන්තර වරම් ලද කෙන්යාව සහ ස්කොට්ලන්තය සමඟ කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමුව තරඟ කරන ලදී. පළමුවන 20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයේදී ගැටුනු නමුදු තියුණු තරඟයකින් පසු ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.

ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2007
කාලයසැප්තැම්බර් 11 – සැප්තැම්බර් 24
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතිය20-20 ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය දකුණු අප්‍රිකාව
ශූරයන් ඉන්දියාව (1 වන වරට)
සහභාගීත්වය12
තරඟ27
තරඟාවලියේ වීරයා ෂහිඩ් අෆ්‍රෙඩි
වැඩිම ලකුණු මැතිව් හේඩන් (265)
වැඩිම කඩුලු උමාර් ගුල් (13)
නිල වෙබ් අඩවියcricket.yahoo.com
2009


තරඟ නීති හා කොන්දේසි

සෑම තරඟයක් සඳහාම ජයග්‍රාහී කණ්ඩායමට ලකුණු 2ක් පිරිනැමෙන අතර තරඟයේ විසඳුමක් නොමැතිනම් කණ්ඩායම් 2 සඳහා ලකුණු 1 බැඟින් පිරිනමනු ලැබුණි. පරාජිත කණ්ඩායම සඳහා ලකුණු පිරිනොනැමින. නමුත් යම් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වුවහොත් ඒ සඳහා බෝල්-අවුට් ක්‍රමය මඟින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබූ අතර මෙම තරඟාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති මූලික වටයේ තරඟයේ තීරණය මේ ආකාරයෙන් ලබාදෙන ලදී.

පළමු වටයේ සහ සුපිරි 8 වටය සඳහා කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ නිර්ණායකයන් භාවිතා කරන ලදී.

1. එම කාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම්.
2. ලකුණු සම නම්, අදාල කාණ්ඩයේ වැඩිම ජයග්‍රහනයන් ලබාගත් කණ්ඩායම්.
3. ජයග්‍රහනයන් සම නම්, අදාල කාණ්ඩයේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත.
4. ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය සම නම්, අවම පන්දුයැවීමේ වේගය මත.
5. එහි ප්‍රතිඵලය සම නම්, එම කණ්ඩායම් දෙක අතර තරඟයේ ජයග්‍රහනය කළ කණ්ඩායම අනුව.

සුදුසුකම් ලැබීම

ටෙස්ට් කණ්ඩායම් 10 ට අමතරව 2007 WCL පළමු කොටසේ පළමු හා දෙවන ස්ථානයට පත්වීමෙන් කෙන්යාව සහ ස්කොට්ලන්තය ලෝක විස්සයි20 සඳහා සුදුසුකම් ලැබීය.

ක්‍රීඩාංගණ

සියලුම තරඟ පහත ක්‍රීඩාංගණ තුනේදී පැවැත්විණි.

කේප් ටවුන් ඩර්බන් ජොහැන්නස්බර්ග්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය කිංස්මීඩ් වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය
ධාරිතාව: 22,000 ධාරිතාව: 25,000 ධාරිතාව: 34,000
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය
කිංග්ස්මීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය

කාණ්ඩය

සංචිත

කාණ්ඩ අදියර

සහභාගි වූ කණ්ඩායම් 12 කණ්ඩායම් තුන බැගින් වූ කාණ්ඩ හතරකට බෙදා ඇත. 2007 මාර්තු 1 වන දිනට විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව කාණ්ඩ තීරණය කරන ලදී. සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක තරඟාවලියේ දෙවන අදියර දක්වා ගියේය.

ඒ කාණ්ඩය

කණ්ඩායම ශ්‍රේණිගත තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 දකුණු අප්‍රිකාව A1 2 2 0 0 4 0.974
 බංග්ලාදේශය A3 2 1 1 0 2 0.149
 බටහිර ඉන්දීය කොදෙව් A2 2 0 2 0 0 -1.233
සැප්තැම්බර් 11
18:00
[ලකුණු පුවරුව]
ක්‍රිස් ගේල් 117 (57)
ජොහාන් වැන් ඩර් වොත් 2/33 (ඕවර 4)
වර්නන් ෆිලැන්ඩර් 2/35 (ඕවර 4)
හර්ෂෙල් ගිබ්ස් 90 (55)
ෆිදෙල් එඩ්වර්ඩ්ස් 1/21 (ඕවර 3)
රවි රාම්පෝල් 1/52 (ඕවර 4)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: ක්‍රිස් ගේල්
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් සහ ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • වර්නන් ෆිලැන්ඩර්, මෝර්න් මෝකල් සහ රාම්නරේෂ් සර්වාන්, ෆිදෙල් එඩ්වර්ඩ්ස් ඔවුන්ගේ මංගල වි20ජා තරඟය.
  • ක්‍රිස් ගේල් නිල විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්විය. ඔහු විස්සයි20 එක් ඉනිමක වැඩිම හයේ පහර ගණන වන 10ක් රැස් කළේය.
  • ක්‍රිස් ගේල් සහ ඩෙවොන් ස්මිත් අතර බටහිර ඉන්දීය පළමු කඩුල්ලට ලකුණු 145ක සබඳතාවයක් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම සබඳතාව විය.
  • බටහිර ඉන්දීය කොදෙව්වන් අතිරේක ලකුණු 28 (ලෙග්-බයි 4, වයිඩ් 23 සහ නිපන්දුවක්) සමඟින් විස්සයි20 තරගයක වැඩිම අතිරේක ලකුණු ලබා දීමේ ඔවුන්ගේම වාර්තාව බිඳ දැමීය.

සැප්තැම්බර් 13
10:00
[ලකුණු පුවරුව]
 බංග්ලාදේශය
165/4 (ඕවර 18 )
ඩෙවොන් ස්මිත් 51 (52)
ෂකීබ් අල් හසන් 4/34 (ඕවර 4)
අෆ්තාබ් අහමඩ් 62 (49)
රාම්නරේෂ් සර්වාන් 2/10 (ඕවර 2)
රවි රාම්පෝල් 2/35 (ඕවර 4)
බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: මොහොමඩ් අෂ්රෆුල්
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් සහ නයිජල් ලොන්ග්
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.

සැප්තැම්බර් 15
18:00
[ලකුණු පුවරුව]
බංග්ලාදේශය 
144 (ඕවර 20.0)
අෆ්තාබ් අහමඩ් 36 (14)
ෂෝන් පොලොක් 3/40 (ඕවර 3.3)
ඇල්බි මෝකල් 41 (29)
අබ්දුර් රසාක් 2/26 (ඕවර 4)
දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: මෝර්න් මෝකල්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

බී කාණ්ඩය

කණ්ඩායම ශ්‍රේණිගත තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ඕස්ට්‍රේලියාව B1 2 1 1 0 2 0.987
 එංගලන්තය B2 2 1 1 0 2 0.209
 සිම්බාබ්වේ B3 2 1 1 0 2 -1.196
සැප්තැම්බර් 12
18:00
[ලකුණු පුවරුව]
 සිම්බාබ්වේ
139/5 (ඕවර 19.5)
බ්‍රැඩ් හොජ් 35 (22)
එල්ටන් චිගුඹුර 3/20 (3)
බ්‍රෙන්ඩන් ටේලර් 64* (46)
ස්ටුවර්ට් ක්ලාක් 2/22 (4)
සිම්බාබ්වේ පිලට කඩුලු 5ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: බ්‍රෙන්ඩන් ටේලර්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ටටෙන්ඩා තායිබු, වුසි සිබණ්ඩා, ටවන්ඩා මුපරිවා සහ බ්‍රැඩ් හොජ්, මිචෙල් ජොන්සන් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.

සැප්තැම්බර් 13
14:00
[ලකුණු පුවරුව]
එංගලන්තය 
188/9 (ඕවර 20)
 සිම්බාබ්වේ
138/8 (ඕවර 20)
කෙවින් පීටර්සන් 79 (37)
එල්ටන් චිගුඹුර 4/31 (ඕවර 4)
බ්‍රෙන්ඩන් ටේලර් 47 (39)
දිමිත්‍රි මස්කරෙන්හස් 3/18 (ඕවර 4)
එංගලන්තයට ලකුණු 50ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: කෙවින් පීටර්සන්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ලූක් රයිට්, ඩැරන් මැඩි සහ ක්‍රිස් ස්කොෆීල්ඩ් ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කළහ.

සැප්තැම්බර් 14
14:00
[ලකුණු පුවරුව]
එංගලන්තය 
135 (ඕවර 20)
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 31 (19)
නේතන් බ්‍රැකන් 3/16 (ඕවර 4)
මිචෙල් ජොන්සන් 3/22 (ඕවර 4)
මැතිව් හේඩ්න් 67* (43)
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 1/25 (ඕවර 4)
ක්‍රිස් ස්කොෆීල්ඩ් 1/31 (ඕවර 3.5)
ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: නේතන් බ්‍රැකන්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්හ.

සී කාණ්ඩය

කණ්ඩායම ශ්‍රේණිගත තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ශ්‍රී ලංකාව C2 2 2 0 0 4 4.721
 නවසීලන්තය C1 2 1 1 0 2 2.396
 කෙන්යාව C3 2 0 2 0 0 -8.047
සැප්තැම්බර් 12
10:00
[ලකුණු පුවරුව]
කෙන්යාව 
73 (ඕවර 16.5)
 නවසීලන්තය
74/1 (ඕවර 7.4)
කොලින්ස් ඔබ්යා 18 (25)
මාර්ක් ගිලෙස්පි 4/7 (ඕවර 2.5)
ලූ වින්සන්ට් 27 (20)
තෝමස් ඔඩෝයෝ 1/22 (ඕවර 3)
නවසීලන්තයට කඩුලු 9ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: මාර්ක් ගිලෙස්පි
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • නෙහෙමියා ඔඩියම්බෝ, මොරිස් ඔමා සහ ක්‍රිස් මාටින්, ඩැනියෙල් විටෝරි ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
  • කෙන්යාවේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 73 වි20ජා තරගයකදී වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව විය.

සැප්තැම්බර් 14
10:00
[ලකුණු පුවරුව]
ශ්‍රී ලංකාව 
260/6 (ඕවර 20)
 කෙන්යාව
88 (ඕවර 19.3)
සනත් ජයසූරිය 88 (44)
ජිමී කමන්ඩේ 3/48 (ඕවර 4)
ඇලෙක්ස් ඔබණ්ඩා 21 (25)
තිලකරත්න ඩිල්ෂාන් 2/4 (ඕවර 1.3)
චමින්ද වාස් 2/15 (ඕවර 4)
ලසිත් මාලිංග 2/13 (ඕවර 3)
ශ්‍රී ලංකාව ලකුණු 172 ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: සනත් ජයසූරිය
විනිසුරුවන්: ඩැරල් හාපර් සහ නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ කෙන්යාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • ජෙහාන් මුබාරක් සහ ගයාන් විජේකෝන් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
  • ශ්‍රී ලංකාව කඩුලු හයකට ලකුණු 260ක් ලබා ගැනීම ඕනෑම ඉහළ පෙළේ වි20 තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වි20ජා තරගවල වැඩිම පරතරයකින් ජයග්‍රහණයක් වාර්තා කිරීමටද ඔවුන් සමත් විය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.

සැප්තැම්බර් 15
14:00
[ලකුණු පුවරුව]
නවසීලන්තය 
164/7 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
168/3 (ඕවර 18.5)
රොස් ටේලර් 62 (42)
දිල්හාර ප්‍රනාන්දු 2/31 (ඕවර 4)
සනත් ජයසූරිය 61 (44)
ඩැනියෙල් විටෝරි 2/23 (ඕවර 4)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: සනත් ජයසූරිය
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

ඩී කාණ්ඩය

කණ්ඩායම ශ්‍රේණිගත තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ඉන්දියාව D2 2 1 0 1 3 0.000
 පකිස්තානය D1 2 1 1 0 2 1.275
 ස්කොට්ලන්තය D3 2 0 1 1 1 -2.550
සැප්තැම්බර් 12
14:00
[ලකුණු පුවරුව]
පකිස්තානය 
171/9 (ඕවර 20)
 ස්කොට්ලන්තය
120 (ඕවර 19.5)
යුනිස් ඛාන් 41 (29)
ක්‍රේග් රයිට් 3/29 (ඕවර 4)
ෆ්රේසර් වොට්ස් 46 (35)
ශාහිඩ් අෆ්රිඩි 4/19 (ඕවර 4)
උමර් ගුල් 4/25 (ඕවර 4)
පකිස්ථානයට ලකුණු 51ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: ශාහිඩ් අෆ්රිඩි
විනිසුරුවන්: ස්ටීව් ඩේවිස් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙය ස්කොට්ලන්තයේ මංගල වි20ජා තරඟය විය.
  • ෆ්‍රේසර් වොට්ස්, රයන් වොට්සන්, නවදීප් පූනියා, ගැවින් හැමිල්ටන්, නීල් මැකලම්, ඩොගී බ්‍රවුන්, කොලින් ස්මිත්, මජිඩ් හක්, ක්‍රේග් රයිට්, ජෝන් බ්ලේන්, ඩෙවල්ඩ් නෙල් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.

සැප්තැම්බර් 13
18:00
[ලකුණු පුවරුව]
 ස්කොට්ලන්තය
ප්‍රතිඵලයක් නැත
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ස්ටීව් ඩේවිස් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සැප්තැම්බර් 14
18:00
[ලකුණු පුවරුව]
ඉන්දියාව 
141/9 (ඕවර 20)
 පකිස්තානය
141/7 (ඕවර 20)
රොබින් උතප්පා 50 (39)
මොහොමඩ් අසීෆ් 4/18 (ඕවර 4)
මිස්බා-උල්-හක් 53 (35)
ඉර්ෆාන් පතාන් 2/20 (ඕවර 4)
තරගය සම විය
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: මොහොමඩ් අසීෆ්
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • සොහේල් තන්විර් ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.
  • තරගය සම තත්ත්වයකින් අවසන් වූ පසු, ජයග්‍රාහකයා බෝල් අවුට් ක්‍රමයට තීරණය විය. මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.(3–0, ඉන්දියාව X X X, පකිස්ථානය O O O)

සුපර් 8 තරඟ වටය

මෙම තරඟාවලියේ සුපර් 8 ආකෘතිය නිර්මාණය කර ඇත්තේ තරඟාවලිය ආරම්භයේදීම එක් එක් කාණ්ඩයෙන් ඉහලම ශ්‍රේණි 2 ට කලින් තීරණය කළ පරිදිය. කණ්ඩායම සුපිරි අට කාණ්ඩයේ E හෝ F කාණ්ඩයට සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීමේදී කණ්ඩායමේ සැබෑ දක්‍ෂතා කිසිදු කාර්යභාරයක් ඉටු කළේ නැත. උදාහරණයක් ලෙස, C කාණ්ඩයේ දී, ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා අවසන් වුවද, සුපිරි අට කාණ්ඩයට තේරීමේදී නවසීලන්තය කාණ්ඩයේ පළමු ස්ථානය (C1) රඳවා ගත් අතර, ශ්‍රී ලංකාව කාණ්ඩයේ දෙවැනි ස්ථානය (C2) රඳවා ගත්තේය.

පළමු ශ්‍රේණිගත කණ්ඩායම් දෙකට වඩා තුන්වන ශ්‍රේණිගත කණ්ඩායමක් සුදුසුකම් ලැබුවහොත්, එය ඉවත් කරන ලද කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම ලබා ගත්තේය. මෙය සිදු වූයේ A කාණ්ඩයේ පමණි, එහිදී බංග්ලාදේශය (මුල් ශ්‍රේණිගත කිරීම A3) බටහිර ඉන්දීය කොදෙව් (මුල් ශ්‍රේණිගත කිරීම A2) ඉදිරියෙන් සුදුසුකම් ලැබූ අතර එම නිසා F කාණ්ඩයේ A2 ස්ථානයට පත්විය.

එම කණ්ඩායම් අට කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා තිබුණි. සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

ඊ කාණ්ඩය

කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ඉන්දියාව 3 2 1 0 4 0.750
 නවසීලන්තය 3 2 1 0 4 0.050
 දකුණු අප්‍රිකාව 3 2 1 0 4 -0.116
 එංගලන්තය 3 0 3 0 0 -0.700
සැප්තැම්බර් 16
18:00
[ලකුණු පුවරුව]
 එංගලන්තය
135/7 (ඕවර 20)
ඇල්බි මෝකල් 43 (20)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/37 (ඕවර 4)
ඔවයිස් ෂා 36 (31)
ෂෝන් පොලොක් 2/17 (ඕවර 4)
ඇල්බි මෝකල් 2/12 (ඕවර 2)
දකුණු අප්‍රිකාවට ලකුණු 19ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: ඇල්බි මෝකල්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • ජෙරමි ස්නේප් ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලේය

සැප්තැම්බර් 16
10:00
[ලකුණු පුවරුව]
නවසීලන්තය 
190 (ඕවර 20)
 ඉන්දියාව
180/9 (ඕවර 20)
බ්‍රෙන්ඩන් මැකලම් 45 (31)
හර්බජන් සිං 2/24 (ඕවර 4)
ආර්.පී. සිං 2/29 (ඕවර 4)
ගෞතම් ගාම්භීර් 51 (33)
ඩැනියෙල් විටෝරි 4/20 (ඕවර 4)
නවසීලන්තයට ලකුණු 10ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: ඩැනියෙල් විටෝරි
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් සහ නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය

සැප්තැම්බර් 18
10:00
[ලකුණු පුවරුව]
නවසීලන්තය 
164/9 (ඕවර 20)
 එංගලන්තය
159/8 (ඕවර 20)
ක්‍රේග් මැක්මිලන් 57 (31)
ජේම්ස් ඇන්ඩර්සන් 2/24 (ඕවර 4)
ඩැරන් මැඩි 2/6 (ඕවර 1)
ඩැරන් මැඩි 50 (31)
ෂේන් බොන්ඩ් 2/20 (ඕවර 4)
ඩැනියෙල් විටෝරි 2/20 (ඕවර 4)
නවසීලන්තයට ලකුණු 5ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: ක්‍රේග් මැක්මිලන්
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය

සැප්තැම්බර් 19
14:00
[ලකුණු පුවරුව]
නවසීලන්තය 
153/8 (ඕවර 20)
ක්‍රේග් මැක්මිලන් 48 (25)
මෝර්නේ මෝකල් 4/16 (4)
ජස්ටින් කෙම්ප් 89* (56)
මාර්ක් ගිලෙස්පි 2/11 (3.1)
දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: ජස්ටින් කෙම්ප්
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • නේතන් මැකලම් ඔහුගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කලේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග එංගලන්තයට අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

සැප්තැම්බර් 19
18:00
[ලකුණු පුවරුව]
ඉන්දියාව 
218/4 (ඕවර 20)
 එංගලන්තය
200/6 (ඕවර 20)
විරේන්ද්‍ර ෂෙවාග් 68 (52)
ක්‍රිස් ට්‍රෙම්ලට් 2/45 (4)
වික්‍රම් සෝලංකි 43 (31)
ඉර්ෆාන් පතාන් 3/37 (4)
ඉන්දියාවට ලකුණු 18ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: යුවරාජ් සිං
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • රෝහිත් ෂර්මා, ජොගින්දර් ෂර්මා සහ ක්‍රිස් ට්‍රෙම්ලට් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලහ.
  • යුවරාජ් සිං විසින් වි20ජා තරගයක වේගවත්ම අර්ධ ශතකය රැස්කළේ පන්දු 12කින් (පෙර වාර්තාව පන්දු 20 මෙම තරඟාවලියේදීම මොහොමඩ් අෂ්රෆුල් විසින්). ඕවරයක හයේ පහර 6ක් ගැසූ, ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘති වල හතර වන අවස්ථාව සහ වි20 හි පළමු අවස්ථාව. ස්ටුවර්ට් බ්‍රෝඩ් පන්දු යවන්නා විය.
  • මෙය තරගාවලියේදී ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

සැප්තැම්බර් 20
18:00
[ලකුණු පුවරුව]
ඉන්දියාව 
153/5 (ඕවර 20)
රෝහිත් ෂර්මා 50 (40)
ෂෝන් පොලොක් 2/17 (4)
ඇල්බි මෝකල් 36 (37)
ආර්. පී. සිං 4/13 (4)
ඉන්දියාවට ලකුණු 37ක ජයක්
සහරා ක්‍රීඩාංගනය කිංග්ස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: රෝහිත් ෂර්මා
විනිසුරුවන්: බිලී ඩොක්‍ට්‍රෝව් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • කණ්ඩායම් තුනක් සමාන ලකුණු ලබා ගැනීමෙන් පසුව නවසීලන්තය සහ ඉන්දියාව ඉහළ ශුද්ධ ලකුණු අනුපාතයක් ලබා අවසන් පූර්ව වටයට පිවිසියේය. සත්කාරක දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් ඉවත් විය.
  • අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාවට ලකුණු 126ක් අවශ්‍ය වූ නමුත් ඔවුන් අසාර්ථක වී ඉවත් විය.

එෆ් කාණ්ඩය

කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 පකිස්තානය 3 3 0 0 6 0.843
 ඕස්ට්‍රේලියාව 3 2 1 0 4 2.256
 ශ්‍රී ලංකාව 3 1 2 0 2 -0.697
 බංග්ලාදේශය 3 0 3 0 0 -2.031
සැප්තැම්බර් 16
14:00
[ලකුණු පුවරුව]
බංග්ලාදේශය 
123/8 (ඕවර 20)
තමීම් ඉක්බාල් 32 (40)
බ්‍රෙට් ලී 3/27 (ඕවර 4)
මැතිව් හේඩ්න් 73* (48)
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: බ්‍රෙට් ලී
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • බ්‍රෙට් ලී වි20ජා තරඟයක පළමු කඩුළු ත්‍රිත්වය ලබා ගත්තේය.

සැප්තැම්බර් 17
18:00
[ලකුණු පුවරුව]
පකිස්තානය 
189/6 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
156/9 (ඕවර 20)
ෂොයිබ් මලික් 57 (31)
ලසිත් මාලිංග 3/43 (ඕවර 4)
චාමර සිල්වා 38 (27)
ශාහිඩ් අෆ්රිඩි 3/18 (ඕවර 4)
පකිස්ථානයට ලකුණු 33ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: යුනිස් ඛාන්
විනිසුරුවන්: ඩැරල් හාපර් සහ නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

සැප්තැම්බර් 18
14:00
[ලකුණු පුවරුව]
 පකිස්තානය
165/4 (ඕවර 19.1)
මයිකල් හසී 37 (25)
සොහයිල් තන්විර් 3/31 (ඕවර 4)
මිස්බා-උල්-හක් 66 (42)
ස්ටුවර්ට් ක්ලාක් 3/27 (ඕවර 4)
පාකිස්තානයට කඩුලු 6ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: මිස්බා-උල්-හක්
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් සහ නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය

සැප්තැම්බර් 18
18:00
[ලකුණු පුවරුව]
ශ්‍රී ලංකාව 
147/5 (ඕවර 20)
 බංග්ලාදේශය
83 (ඕවර 15.5)
ජෙහාන් මුබාරක් 31* (19)
මහමුදුල්ලා 1/19 (ඕවර 4)
සයිඩ් රාසෙල් 1/26 (ඕවර 4)
අබ්දුර් රසාක් 1/20 (ඕවර 3)
ශාකිබ් අල් හසන් 1/22 (ඕවර 3)
මෂ්රෆී මොර්ටාසා 1/39 (ඕවර 4)
අෆ්තාබ් අහමඩ් 18 (11)
සනත් ජයසූරිය 2/4 (ඕවර 1.5)
චමින්ද වාස් 2/14 (ඕවර 4)
දිල්හාර ප්‍රනාන්දු 2/21 (ඕවර 3)
ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: දිල්හාර ප්‍රනාන්දු
විනිසුරුවන්: මාර්ක් බෙන්සන් සහ ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
  • බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් විය.

සැප්තැම්බර් 20
10:00
[ලකුණු පුවරුව]
ශ්‍රී ලංකාව 
101 (ඕවර 19.3)
ජෙහාන් මුබාරක් 28 (26)
ස්ටුවර්ට් ක්ලාක් 4/20 (ඕවර 4)
මැතිව් හේඩ්න් 58* (38)
ඕස්ට්‍රේලියාව කඩුලු 10ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: ස්ටුවර්ට් ක්ලාක්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
  • ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් විය.
  • කණ්ඩායමක් තරඟාවලියේ කඩුළු 10කින්ම ජයගත් පළමු අවස්ථාව මෙය වූ අතර, එය කඩුලු සංඛ්‍යාවේ විශාලතම ජයග්‍රහණය බවට පත් විය.

සැප්තැම්බර් 20
14:00
[ලකුණු පුවරුව]
බංග්ලාදේශය 
140 (ඕවර 19.4)
 පකිස්තානය
141/6 (ඕවර 19)
ජුනයිඩ් සිද්දික් 71 (49)
ෂොයිබ් මලික් 2/15 (ඕවර 2)
මොහොමඩ් හෆීස් 2/27 (ඕවර 3)
ශාහිඩ් අෆ්රිඩි 39 (15)
අබ්දුර් රසාක් 2/16 (ඕවර 4)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: ජුනයිඩ් සිද්දික්
විනිසුරුවන්: ඉයන් හොවෙල් සහ ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • ජුනයිඩ් සිද්දික් ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලේය.

පිළිමළුන් පිටුදැකීමේ අදියර

අවසන් පූර්ව වටය

සැප්තැම්බර් 22
13:00
ලකුණු පුවරුව
නවසීලන්තය 
143/8 (ඕවර 20)
 පකිස්තානය
147/4 (ඕවර 18.5)
රොස් ටේලර් 37 (23)*
උමර් ගුල් 3/15 (ඕවර 4)
ඉම්රාන් නසීර් 59 (41)
ස්කොට් ස්ටයිරිස් 1/14 (ඕවර 3)
ඩැනියෙල් විටෝරි 1/22 (ඕවර 4)
ජීතන් පටෙල් 1/31 (ඕවර 3.5)
ෂේන් බොන්ඩ් 1/14 (ඕවර 3)
පාකිස්තානයට කඩුලු 6ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: උමර් ගුල්
විනිසුරුවන්: ඩැරල් හාපර් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ප්‍රේක්ෂකයන්: 18,734

සැප්තැම්බර් 22
18:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
188/5 (ඕවර 20)
යුවරාජ් සිං 70 (30)
මිචෙල් ජොන්සන් 2/31 (ඕවර 4)
මැතිව් හේඩ්න් 62 (47)
ශ්‍රීසාන්ත් 2/12 (ඕවර 4)
ඉර්ෆාන් පතාන් 2/44 (ඕවර 4)
ජොගින්දර් ෂර්මා 2/37 (ඕවර 3)
ඉන්දියාවට ලකුණු 15ක ජයක්
කිංස්මීඩ්, ඩර්බන්
තරගයේ වීරයා: යුවරාජ් සිං
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ මාර්ක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

අවසාන තරගය

සැප්තැම්බර් 24
14:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
157/5 (ඕවර 20)
 පකිස්තානය
152 (ඕවර 19.3)
ගෞතම් ගාම්භීර් 75 (54)
උමර් ගුල් 3/28 (ඕවර 4)
මිස්බා-උල්-හක් 43 (38)
ඉර්ෆාන් පතාන් 3/16 (ඕවර 4)
ආර්. පී. සිං 3/26 (ඕවර 4)
ඉන්දියාවට ලකුණු 5ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: ඉර්ෆාන් පතාන්
විනිසුරුවන්: සයිමන් ටවුෆෙල් සහ මාර්ක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • යූසුෆ් පතාන් ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලේය.
  • ප්‍රේක්ෂකයන්: 32,217

සංඛ්‍යාලේඛන

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ මැතිව් හේඩ්න් ලකුණු 265ක් රැස් කළ අතර වැඩිම කඩුලු ලාභියා වූ උමාර් ගුල් කඩුලු 13ක් දවා ගනිමින්. එක් එක් කාණ්ඩයේ ඉහළම පහ වන්නේ:

වැඩිම ලකුණු

ක්‍රීඩකයා තරග ඉනිම ලකුණු සාමාන්‍ය ප්‍ර. වේ. වැඩිම 100 50 4 පහර 6 පහර
මැතිව් හේඩ්න් 6 6 265 88.33 144.80 73* 0 4 32 10
ගෞතම් ගාම්භීර් 7 6 227 37.83 129.71 75 0 3 27 5
මිස්බා උල් හක් 7 7 218 54.50 139.74 66* 0 2 18 9
ෂොයිබ් මලික් 7 7 195 39.00 126.62 57 0 2 15 5
කෙවින් පීටර්සන් 5 5 178 35.6 161.81 79 0 1 17 6
මූලාශ්‍ර: Cricinfo

වැඩිම කඩුළු

ක්‍රීඩකයා තරග ඉනිම කඩුළු ඕවර Econ. සාමාන්‍ය හොදම ප්‍ර.වේ. කඩුළු 4 කඩුළු 5
උමර් ගුල් 7 7 13 27.4 5.60 11.92 4/25 12.7 1 0
ස්ටුවර්ට් ක්ලාක් 6 6 12 24 6.00 12.00 4/20 12.0 1 0
ආර්.පී. සිං 7 6 12 24 6.33 12.66 4/13 12.0 1 0
ෂාහිඩ් අෆ්රිඩි 7 7 12 28 6.71 15.66 4/19 14.0 1 0
ඩැනියෙල් විටෝරි 6 6 11 24 5.33 11.63 4/20 13.0 1 0
මූලාශ්‍ර: Cricinfo

විනිසුරුවන්

ICC විනිසුරුවන්ගේ එලයිට් පැනලයෙන් විනිසුරුවන් සහ ICC තරග තීරක එලයිට් පැනලයෙන් තරග තීරකයන් තෝරා ගන්නා ලදී.

මාධ්‍ය ආවරණය

2007 ICC ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය මාධ්‍ය ආවරණය පහත පරිදි විය.

රූපවාහිනී ජාල

  • අප්‍රිකාව — Supersport (සජීවී)
  • ඕස්ට්‍රේලියාව — Fox Sports (සජීවී)
  • ඕස්ට්‍රේලියාව — Nine Network
  • බංග්ලාදේශය — Bangladesh Television(දෙවන කාණ්ඩයේ බංග්ලාදේශ තරගය පමණි) (සජීවී)
  • කැනඩාව — Asian Television Network (සජීවී)
  • කැරිබියන් – Caribbean Media Corporation (සජීවී)
  • ඉන්දියාව — ESPN (සජීවී) – ඉංග්‍රීසි
  • ඉන්දියාව — STAR Cricket (සජීවී) – හින්දි
  • ජැමෙයිකාව – Television Jamaica (සජීවී)
  • මැද පෙරදිග – Ten Sports (සජීවී)
  • නවසීලන්තය — SKY Network Television (සජීවී)
  • පකිස්ථානය — GEO Super (සජීවී)
  • පකිස්ථානය – Pakistan Television Corporation (සජීවී)
  • ශ්‍රී ලංකාව — Sirasa Network (සජීවී)
  • එක්සත් රාජධානිය — Sky Sports (සජීවී)
  • එක්සත් ජනපදය — DirecTV CricketTicket (සජීවී)

ගුවන්විදුලි ජාල

  • අප්‍රිකාව – All Jazz Radio
  • ඕස්ට්‍රේලියාව – Australian live radio
  • බංග්ලාදේශය – DhakaFM
  • කැනඩාව – CBC radio one
  • කැරිබියන් – Radio airplay
  • ඉන්දියාව – All India Radio
  • ජැමෙයිකාව – Radio Jamaica Limited
  • මැද පෙරදිග – Top Fm radio
  • නවසීලන්තය – Radio pacific
  • පකිස්ථානය – Radio Pakistan
  • ශ්‍රී ලංකාව – Radio Sri Lanka, Sinhala Radio Service
  • එක්සත් රාජධානිය – BBC Radio 5 Live
  • එක්සත් ජනපදය – WHTZ-FM – Z-100

යොමු කිරීම්

  1. Soni, Paresh (24 September 2007). "ICC World Twenty20". BBC. සම්ප්‍රවේශය 2007-09-24. India beat Pakistan in the World Twenty20 final by five runs to clinch their first major trophy since 1983.
  2. A long way from home "... place among the big boys in the inaugural Twenty20 World Championship in South Africa this September ..." from Cricinfo, retrieved 9 April 2007
  3. "Twenty20 WC: India, Pak in same group". Rediff.com. 13 June 2007. 16 February 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-03-14.
  4. "Twenty20 World Championship Schedule announced". SportsAustralia.com. 15 May 2007. 1 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-14.
  5. "Tournament format". 11 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. Veera, Sriram (16 September 2007). "Hayden and Lee power Australian win". ESPNcricinfo. සම්ප්‍රවේශය 28 March 2016.
  7. "Records / ICC World T20, 2007 / Most runs". ESPNCricinfo.
  8. "Records / ICC World T20, 2007 / Most wickets". ESPNCricinfo.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2007 වි20 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 2007 වි20 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 2007 වි20 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?