කුරුණෑගල

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් ද වේ.

කුරුණෑගල
නගරය
ඇතාගල මුදුනෙහි සිට කුරුණෑගල දිස්වන අයුරු.
අපනාමය(න්): ඇතුගල්පුර
හස්ති ශෛලපුර
කුරුණෑගල
ශ්‍රී ලංකාව තුල කුරුණෑගල පිහිටීම
ඛණ්ඩාංක: 7°29′N 80°22′E / 7.483°N 80.367°E / 7.483; 80.367
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයMunicipal Council
සරිය
 • මුළු11 කිමී2 (4 සතරැස් සැත)
උන්නතාංශය116 මී (381 අඩි)
ජනගහණය(2011)
 • මුළු30,315
 • ඝණත්වය2,817/කිමී2 (7,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය60000
දුරකථන කේතය(න්)037 / 0094

අයත් ප්‍රදේශ

කුරුණෑගල මහ නගර සභාවට පහත සඳහන් කොට්ඨාස අයත්වේ.

  • 01. ගංගොඩ
  • 02. අංගංගල
  • 03. උතුරු වැව
  • 04. මාලිගා පෙදෙස
  • 05. කුරුණෑගල නගරය ඊසාන
  • 06. ගැට්ටුවාන
  • 07. මඩමේගම
  • 08. ඉලුප්පුගෙදර
  • 09. මල්කඩුවාව නාගරිකය
  • 10. වැහැර නාගරිකය
  • 11. ජයන්තිපුර
  • 12. උඩවල්පොල
  • 13. තෙලියාගොන්න
  • 14. රිදිගම
  • 15. රම්බඩගල්ල

පිහිටීම

කුරුණෑගල දිවයිනේ ප්‍රධාන මාර්ග කිහිපයක් එක්තැන් කරන ස්ථානයක් වන අතර, නගර සීමාව තුල ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ කරමින් කුරුණෑගල සහ මුත්තෙට්ටුගල දුම්රියපොල දෙක පිහිටා ඇත. කුරුණෑගල නගරයේ මුළු ජනගහනය 28571 පමණ වේ. නගරයේ සිට A10 මාර්ගයේ වයඹ දිශාවට පුත්තලමට හා ගිණිකොන දිශාවට මහනුවරත්, A6 මාර්ගයේ උතුරින් දඹුල්ලට හා දකුණින් අඹේපුස්ස හරහා කොළඹටත් යා හැක.

භූ විශමතාව සහ දේශගුණය

භූ විශමතා

කුරුණෑගල නගරය මුහුදු මට්ටමේ සිට මීටර 116 ක උසින් පිහිටා ඇත. නගර මධ්‍යයේ පිහිටා ඇති ඇතාගල (ඇතුගල) කුරුණෑගල නගරයේ අනන්‍යතාවය විදහාපාන සංකේතයක් වැන්න. මෙය මීටර 316 ක උසින් යුතු හස්තියෙකුගේ විලාසය දක්වයි. කුරුණෑගල යන නාමය ඇති වීමට මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

තවත් බොහෝ කොත් කඳු කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිර පවතී. ගල්ගිරියා කන්ද , නිකවැව කන්ද , යාපහුව ආදිය සංචාරයන් සඳහා ප්‍රසිද්ධ වෙමින් පවතී.

කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ පර්වතයන්

වයඹ පළාතේ සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්‍ෂණයක් වන ප්‍රධාන ගල් පර්වත කිහිපයකින් කුරුණෑගල වටවී ඇත.

දේශගුණය

නගරයේ දේශගුණය සෞම්‍ය ස්වභාවයක් උසුලන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1800 ක් පමණ වේ.

ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 1300දී දෙවන බුවනෙකබාහු රජතුමා තම අග නගරය යාපහුව නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී හතරවන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා තුන්වන බුවනෙකබාහු රජතුමා හා පස්වන විජයබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී සිව්වන බුවනෙකබාහු රජතුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය ගම්පොළට ගෙන යන ලදී. හස්තිශෛලපුර නමින් ඉතිහාස මූලාශ්‍රවල හදුන්වයි. ඇරඹුම් වර්ශය නම් 1300

පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන

රජ මාලිගා සංකීර්ණය

  • රජ මාළිගාව
  • දළදා මාළිගාව
  • මගුල් මඩුව
  • මාළිගා පිට්ටනිය

රජ මාලිගා සංකීර්ණයෙන් පිටත ස්ථාන

  • ඉබ්බාගල සිරි පතුල
  • ඇත්කඳ විහාරය
  • රජ පිහිල්ල
  • ගලේබණ්ඩාර දේවාලය
  • වත්හිමි සොහොන
  • නිශ්ශංක ලතා මණ්ඩපය

පාසල්

ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක් නාගරික සීමාව තුළම පිහිටා ඇත.

  • මලියදේව බාලිකා
  • ශුද්ධ වූ පවු‌ලේ කන්‍යාරාමය
  • ව‌ෙලගදෙර විද්‍යාලය
  • ජනාධිපති බාලිිිකා විද්‍යාලය
  • මලියදේව ආදර්ශ මහා විද්‍යාලය
  • වයඹ රාජකීය විද්‍යාලය
  • සර් ජෝන් කොතලාවල විද්‍යාලය
  • ලක්දාස විද්‍යාලය
  • නිශ්ශංක විද්‍යාලයද

මීට අමතරව ඇතුගල්පුර කුමර විද්‍යාලයද සහ රම්බඩගල්ල ආශ්‍රිතව රම්බඩගල්ල ජාතික විද්‍යාලයද කුරුණෑගලට අයත් විද්‍යාල වේ.[තහවුරු කර නොමැත]

සටහන්

මූලාශ්‍ර


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුණෑගල පිළිබඳ තොරතුරු, කුරුණෑගල යනු කුමක්ද? කුරුණෑගල යනු කුමක් දර්ශනය කරන්නේ?