අම්පාර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 4,415 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 648,057 ක් විය.
| අම්පාර දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
අම්පාර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | නැගෙනහිර පළාත |
| අග නගරය | අම්පාර |
| සරිය | |
| • මුළු | 4,415 කිමී2 (1,705 සතරැස් සැත) |
| • භූමිය | 4,222 කිමී2 (1,630 සතරැස් සැත) |
| • ජලය | 193 කිමී2 (75 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 648,057 |
| • ඝණත්වය | 150/කිමී2 (380/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-52 |
ඓතිහාසික පසුබිම
අතිතයේ දිගාමඩුල්ල නම් වු මෙම ප්‍රදේශය ආදී ආර්‍ය්‍ය ජනවාසයන්ගෙන් එකකි. වංශ කථාව අනුව දීඝායු කුමරා විසින් මෙම ජනපදය පිහිටුවනු ලැබිය. 1949 වසරේ දී ආරම්භ කල ප්‍රධාන බහු විධ සංවර්ධන කාර්යයක් වූ ගල්ඔය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වූයේ මෙම අම්පාර ප්‍රදේශය මුල් කොට ගෙනය.
ජනගහනය
අම්පාර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ( වර්ෂ 2012 ) දි 648,057 විය.
ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2012 )
- සිංහල 251,018
- ශ්‍රී ලංකා දෙමළ 112,750
- ඉන්දියානු දෙමළ 165
- ශ්‍රී ලංකා යෝනක 282,484
- මැලේ 176
- බර්ගර් 849
- ශ්‍රී ලංකා චෙට්ටි 4
- භාරත 1
- වෙනත් 610
- එකතුව 648,057
භූගෝලීය පසුබිම
දේශගුණය
- වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1400
- මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය - සෙ. අංශක 32
- අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 24
- උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 36
ආර්ථිකය
කෘෂිකර්මාන්තය මෙහි ජනතාවගෙන් වැඩි කොටසකගේ ජීවනෝපාය වේ.
සංචාරක ආකර්ෂණ
- මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.
- බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.
- සාම චෙෙත්‍යය, අම්පාර - අම්පාරේ පිහිටා ඇති සාම චෙෙත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෙෙත්‍යය අතුරින් එකක් වෙයි.
- අම්පාර වැව - නගරයට සෘජුවම සම්බන්ධ වී අම්පාර වැව පිහිටා තිබේ.
පරිපාලන ව්‍යුහය
| පරිපාලන ව්‍යුහය | සංඛ්‍යාව |
|---|---|
| ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව | 20 |
| ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව | 507 |
| ගම්මාන සංඛ්‍යාව | |
| ජන්ද කොට්ඨාස |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්
- දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නවිදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්මුනේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සයින්දමරුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කරෙයිතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නීන්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන
මහ නගර සභා
- අක්කරපත්තුව
- කල්මුනේ
නගර සභා
ප්‍රදේශීය සභා
වෙනත් කරුණු
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[1]
- අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[2] සංරක්ෂණය කළ පිටපත 2015-02-03 at the Wayback Machine
- අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[3] සංරක්ෂණය කළ පිටපත 2015-04-21 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?