නාඌරූ

මුල් පිටුව | නාඌරූ

0°32′S 166°56′E / 0.533°S 166.933°E / -0.533; 166.933 (Nauru)

නාඌරු ජනරජය
Repubrikin Naoero  (Nauruan)
ධජය
ලාංඡනය
උද්යෝග පාඨය: "දෙවියන් වහන්සේගේ කැමැත්ත පළමුව"
ජාතික ගීය: Nauru Bwiema (Nauruan)
"අපේ නිජබිම වන නාඌරූ"
අගනුවරයාරෙන් (තත්‍යානුකූල)
0°31′39″S 166°56′06″E / 0.52750°S 166.93500°E / -0.52750; 166.93500
විශාලතම නගරයඩෙනිගොමොඩු
නිල භාෂා(ව)
  • නාඌරූ
  • ඉංග්‍රීසි
ජාති නාම(ය)නාඌරූ වැසියන්
රජයපක්ෂග්‍රාහී නොවන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ විධායක ජනාධිපති ධුරයක් සහිත ඒකීය පාර්ලිමේන්තු ජනරජයක්
• ජනාධිපති
ඩේවිඩ් අඩෙයෑන්ග්
• පාර්ලිමේන්තුවේ කථානායක
මාකස් ස්ටීවන්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
ස්වාධීනත්වය
• 1967 නාඌරූ නිදහස් පනත
1968 ජනවාරි 31
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
21 km2 (8.1 sq mi) (193 වෙනි)
• ජලය (%)
0.57
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
11,919 (227 වෙනි)
• 2011 ජන සංගණනය
12,000
• ජන ඝණත්වය
480/km2 (1,243.2/sq mi) (25 වෙනි)
දදේනි (ක්‍රශසා)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
ඩොලර් මිලියන 132 (192 වෙනි)
• ඒක පුද්ගල
ඩොලර් 9,995 (94 වෙනි)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
ඩොලර් මිලියන 150
• ඒක පුද්ගල
ඩොලර් 10,125
මාසද (2023) 0.703
ඉහළ · 124 වෙනි
ව්‍යවහාර මුදලඕස්ට්‍රේලියානු ඩොලරය (AUD)
වේලා කලාපයUTC+12
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+674
අන්තර්ජාල TLD.nr

නාඌරූ (ඉංග්‍රීසිi/nɑːˈuːruː/ nah-OO-roo) නිල වශයෙන් නාඌරු ජනරජය පැසිෆික් සාගරය මයික්‍රොනීසියාවේ හි පිහිටි දුපත් රටක් වන අතර පෙරකළ ප්ලෙසන්ට් දුපත (ප්‍රීතිමත් දුපත) ලෙස හැදින් වුනි. අද එය නිල වශයෙන් නාඌරූ ජනරජය ලෙස හඳුන්වයි. එහි සමීපතම රාජ්‍යය වන්නේ කි .මී.300 ක් නැගෙනහිරින් පිහිටි කිරිබාටි රජයේ බනබා දිවයිනයි. නාඌරූ යනු ලෝකයේ කුඩාම ජනරජය වන අතර එය වර්ග කි.මී.21ක් තුල 9378 ක ජනගහණයකින් යුක්ත වේ. නාඌරූ රාජ්‍යය දෙවැනි වන්නේ ලෝකයේ ජනගහන අඩුම රාජ්‍යය වන වතිකානු නගරය ට පමණි.

19 වන සියවසේ අග භාගයේ දී ජර්මන් අධිරාජ්‍යයා විසින් යටත් විජිතයක් ලෙස ප්‍රකාශ කල මෙහි පොලිනිසියානු හා මයික්රොනිසියානු ජනවර්ග වාසය කරති. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව එය ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය එක්ව පාලනය කරනු ලබන ජාතීන්ගේ සංගමයෙහි (ලීගය) අධීක්ෂණ මණ්ඩලයකට යටත් විය. දෙවැනි ලෝක යුද්ධය සමයේදී ජපන් සේනාංක විසින් පැසිෆික් හරහා අතුරු මාර්ගයක් ලෙස යොදා ගත් අතර අවසන් වීමෙන් පසු 1968 දී නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

නාඌරූ පොස්ෆේට් කඳු සහිත දුපතක් වන අතර, මතුපිට පරිසරය තුල පොහොසත් පොස්ෆේට් සංචිත වලින් යුක්ත වූ අතර ඒවා එළිමහන් පතල් කර්මාන්තයට බෙහෙවින් උපකාරී වුනි. 2011 පමණ වන විටත් රට සතුව පොස්ෆේට් නිධි පැවතියත් ඒවා වාණිජ වශයෙන් නිස්සාරය තත්වයේ නොමැත. 1960 අග භාගයේ හා 1970 මුල් භාගය අතර තුර වැඩිම ඒක පුද්ගල ආදායම ලබන ස්වෛරී රාජ්‍යය බවට නාඌරූ රාජ්‍යය පුරසාරම් දෙඩුවද පොස්ෆේට් සම්පත හීන වීමත් , පතල් කැණීම හේතුවෙන් පරිසරය විනාශ වීමත් නිසා එහි වටිනාකම අඩු වන්නට විය. මේ හේතුවෙන් නාඌරූ රාජ්‍යය තුල අදායම වැඩි කර ගැනීමට රට බදු පාරාදීසයක් කිරීම හා නීති විරෝධී මුදල් ශෝධනය කිරීමත් සිදු කරන ලදී. 2001 සිට 2008 දක්වා කාලය තුල නාඌරූ රැදවුම් කදවුර පවත්වා ගෙන යාමට ඉඩ දීම නිසා ඕස්ටේ‍්‍රලියානු රජයෙන් ආධාර මුදල් ලබා ගෙන ඇත.

නාඌරූ ජනරජයේ ජනාධිපති ස්ප්රෙන්ට් ඩබ්විදෝ දහ අටදෙනුකුගෙන් සමන්විත ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් පාලනය කරයි. නාඌරූ දේශය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි , පොදු රාජ්‍යය මණ්ඩලයෙහි, ආසියානු සංවර්ධන බැංකුවේ සහ පැසිෆික් දුපත් සංගමයෙහි සාමාජිකත්වය දරයි. ඊට අමතරව ඔලිම්පික් තරඟ වලට සහ පොදු රාජ්‍යය මණ්ඩල තරඟ වලට ද නාඌරූ දේශය සහභාගී ඇත. මෑතකදී ජාතිය්‍යන්තර ශක්ති ප්‍රතිසංස්කරණ අධිකාරියෙහි (IRENA) සාමාජිකත්වය ද ලබා ගත්තේය.

ඉතිහාසය

නාඌරූ වල මුල් පදිංචි කරුවන් වන පොලිනිසියානු හා මයික්රොනිසියානු ජනයා පැවතගෙන එන්නේ මිට අවුරුදු 3000 කට පෙර සිටයි. නාඌරූ හි සාම්ප්‍රදායික ව ජන ගෝත්‍රික වර්ග 12ක් සිටි අතර ඒ බව සංකේත වත් කිරීමට නාඌරූ වල ජාතික කොඩියේ තරු 12ක් පිළිබිඹු කොට ඇත. සාම්ප්‍රදායික ව , නාඌරූයානු වරු තමන්ගේ මාතෘවංශය අනුගමනය කරයි. එරට වැසියන් ගේ ජිවනෝපාය ලෙස ධිවර කර්මාන්තය සිදු කරන අතර, ඔවුන් කුඩා ඉබිජා මසුන් අල්ලා ගෙන මිරිදිය පරිසරයේ හුරුකරමින් බවුඩා කලපුවේ ඇති කර ආහාර ට ගනී. ඔවුන්ගේ වෙනත් ආහාර ලෙස පොල් හා පන්දානුස් ගෙඩි යොදාගනී. නාඌරූ යන වචනය ඔවුන්ගේ නාඌරූයානු භාෂාවේ එන Anáoero, ("මම මුහුදට යනවා") වචනයෙන් බිඳී ආ එකක් විය හැක.

1798 තල්මසුන් දඩයමේ යෙදුනු බ්‍රිතාන්‍ය නාවික කපිතාන්වරයෙකු වන ජෝන් ෆියන් නාඌරූ දේශයට ගිය ප්‍රථම බටහිර ජාතිකයා වන අතර ඔහු එම රට ප්‍රීතිමත් දේශය ලෙස නම් කළේය. 1830 දී පමණ තල්මසුන් දඩයමේ යෙදෙන යුරෝපිය ජාතිකයන් හා වෙළදුන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා විශේෂයෙන් පිරිසුදු ජලය සඳහා නාඌරූ ජනයා සමග සම්බන්ද වුහ. ඒ අතර කාලය තුල යුරෝපිය නැව් වලින් පැමිණෙන අතරමං වූ පුද්ගලයන් දුපත තුල වාසය කිරීමට පටන් ගත්හ.දුපත් වාසී ජනයා ආහාර වෙනුවට මධ්‍යසාරිය අඩංගු පොල් වයින් හා ගිනිඅවි හුවමාරු කිරීම මගින් වෙළදාම් කිරීම ආරම්භ කරන ලදී. 1878 දී ආරම්භ වූ දස වසරක නාඌරූ ගෝත්‍රික යුද්ධය සඳහා මෙම ගිනිඅවි යොදා ගෙන ඇත.

1888 දී නාඌරූ ජර්මන් ඒකබද්ධ පාලනයට යටත් විය, එහිදී ජර්මන්යේ මාෂල් දුපත් රැකවරණයට යටත් විය. එම නිසා යුද්ධය අවසන් වූ අතර දුපතේ පාලනයට රජවරු පත් කරන ලදී. ඔවුන්ගෙන් වඩා ප්‍රසිද්ධ වූයේ ඖවෙයිඩා රජතුමායි.1888 දී ගිල්බට් දුපතේ සිට ක්‍රිස්තියානි මිෂනාරින් මෙරටට පැමිණ ඇත. ජර්මන්වරු රට හදුන්වා ඇත්තේ නවදෝ නොහොත් දනාවරෝ යන නම් වලිනි. නාඌරූ දේශය අවුරුදු 30ක් ජර්මන්වරු විසින් පාලනය කර ඇති අතර නාඌරූ ගෝත්‍රික කාන්තාවක් හා විවාහ වූ රොබට් රස්ච් නම් ව්‍යාපාරිකයා 1890 දී එහි පළමු පාලකයා බවට පත් විය.

නාඌරූ වල පොස්ෆේට් ඇති බව සොයා ගෙන ඇත්තේ 1990 දී ඇල්බට් ෆුලර් එලිස් විසිනි. පැසිෆික් පොස්ෆේට් සමාගම විසින් 1906 දී ජර්මනිය සමග කළ ගිවිසුමක් මගින් පළමු පොස්ෆේට් නැව්ගත කිරීම සිදු කර ඇත. 1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ඕස්ටේ‍්‍රලියානු සේනාංක විසින් අල්ලා ගත් අතර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය එක්ව 1919 දී නාඌරූ දුපත් ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්පසු එහි නිධි වල අයිතිය පැවරුනේ බ්‍රිතාන්‍ය පොස්ෆේට් සමාගමටයි (BPC).

නාඌරූ ජනගහනයෙන් 18% ක් 1920 දී ඇතිවූ ඉන්ෆ්ලුවෙන්සා උණ වසංගතය නිසා මරණයට පත් විය. 1923 දී ජාතීන්ගේ සංගමයෙහි (ලීගය) විසින් එහි භාරකත්වය ඕස්ටේ‍්‍රලියාවට පවරන ලදී. මෙහිදී නවසීලන්තය හා එක්සත් රාජධානිය යන රටවල් ද සහය පාලනය සඳහා එක් කෙරෙනි. එහෙත් 1940 දෙසැම්බර් 6 හා 7 දින වල උපකාරක යුධ ප්‍රහාරක නැව් වන කොමෙට් හා ඔරිඔන් විසින් නාඌරූ දුපත තුල නවත්වා තිබු සැපයුම් නැව් පහක් මුහුදුබත් කරන ලදී. එමෙන්ම එම කොමෙට් නැව නාඌරූ වල පොස්ෆේට් කැණීම් කරන ස්ථාන, තෙල් ගබඩා හා නැව් භාණ්ඩ නැව් ගත කරන කැන්ටිලීවරය ද ෂෙල් ප්‍රහාර එල්ල කරන ලදී.

1942 අගෝස්‌තු 25 ජපන් සේනාංක නාඌරූ දිවයින තුල කදවුරැ ලා ගත් අතර ජපනුන් විසින් දුපත තුල ගුවන්ධාවන පථයක් සාදන ලදී. එයට පසුව පළමු වතාවට 1943 මාර්තු 25 දින බෝම්බ ප්‍රහාරක් ද මිත්‍ර පාර්ශික රටවල් විසින් එල්ල කල අතර එමගින් දුපතට පැමිණෙන සැපයුම් සිමා කරන ලදී. ජපනුන් විසින් නාඌරූ වැසියන් 1200 ක් කම්කරුවන් ලෙස චුක් දුපත් වලට යවන ලදී. නාඌරූ, ඇමරිකානු සේනාංක විසින් අතුරු මාර්ගයක් ලෙස යොදා ගත් අතර අවසානයේ 1945 සැප්තැම්බර් 13 දින ඇමරිකානු සේනාංක විසින් මුදා ගත් අතර එහිදී එවකට දුපත් භාර කොමදෝරු හයසාකි සෝයිදා ඕස්ටේ‍්‍රලියානු හමුදා හා ඕස්ටේ‍්‍රලියානු රාජකීය නාවික හමුදාවට භාර වුනි. එච්.එම්.ඒ.එස්. ඩයමන්ටිනා (කේ377) යුධ නැවේ ප්‍රථම අණදෙන නිලධාරී වන ලුතිනන් ජෙනරාල් වෙර්දොන් ස්ටුරෙඩී නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ජේ.ආර්. ස්ටේවන්සන් එම යටත් වීම පිළිගන්නා ලදී. 1946 ජනවාරි මාසයේ BPC සතු ට්‍රියෙන්සා නම් නැවෙන් ජපන් හමුදා විසින් චුක් දුපත්වල සේවයට යොදා ගත් නාඌරූ වැසියන් ගෙන් බේරී සිටි නාඌරූ වැසියන් 737 ක් නැවත දුපතට රැගෙන එන ලදී. 1947 දී නැවත නාඌරූ වල භාරකාරත්වය ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය යන රටවල් වලට භාර කරන ලදී.

1966 දී නාඌරූ රජය ස්වෛරී රාජ්‍යයක් බවට පත් වූ අතර ඉන්පසු අවුරුදු දෙකක විව්‍යස්ථාව සංශෝධනය කින් පසුව 1968 දී ජනාධිපති හැමර් දිරෝබෙර්ට් යටතේ නිදහස් රටක් බවට පත් වුණි. 1967 දී නාඌරූ ජනතාව විසින් බ්‍රිතාන්‍ය පොස්ෆේට් සමාගමට අයිති නිධි මිලදී ගත් අතර 1970 දී එම නිධි වල අයිතිය නාඌරූ පොස්ෆේට් සමාගමට පැවරිණි. එම අදායම නිසා නාඌරූ වැසියන්ට පැසිෆික් කලාපය තුල අනිත් රටවල් වලට සාපේක්ෂව ඉහල ජිවන මට්ටමක් ලබා දීමට සමත් විය. 1989 දී නාඌරූ රජය විසින් නාඌරූ වල ඕස්ටේ‍්‍රලියානු පරිපාලනය මගින් පොස්ෆේට් පතල් කර්මාන්තය හරහා සිදු වූ පරිසර හානියට පිළියම් නොකිරීමට , ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව නඩු පවරණ ලදී. මේ හේතුව නිසා ඕස්ටේ‍්‍රලියානු රජය උසාවි ක්‍රියාමාර්යෙන් පිටින් ප්‍රශ්නය නිරාකරණ කර ගැනීමට සමහර පොස්ෆේට් සහිත ස්ථාන හා පතල් කර්මාන්තයෙන් පසු ඉතිරි වූ ස්ථාන පුනුරුථාපනය කිරීමට එකඟ විය.

දේශපාලනය

නාඌරූ යනු පාර්ලිමේන්තුවකින් පාලනය වන රජයක් සහිත ජනරජයකි.. ජනාධිපති රටේ ප්‍රධාන පුද්ගලයා මෙන්ම රජයේ ප්‍රධාන පුද්ගලයාද වේ. දහ අටදෙනුකුගෙන් සමන්විත ඒක මණ්ඩල පාර්ලිමේන්තුව සැම අවුරුදු තුනකට වතාවක් මැතිවරණයක් මගින් තෝරා ගනු ලැබේ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ඔවුන්නේ අතරිනි. තෝරා ගත් ජනාධිපති තමන්ට අභිමත පරිදි සාමාජිකයන් පහක් හෝ හයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කර ගනී. නාඌරූ දේශපාලන පක්ෂ සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් නොමැත, තරඟකරුවන් ඉදිරිපත් වෙන්නේ ස්වාධින ලෙසය.වත්මන් පාර්ලිමේන්තුව තුලද දහ අටදෙනාගෙන් දහතුන් දෙනෙක්ම එසේ ස්වාධින ලෙස ඉදිරිපත් වූ අයයි. නාඌරූ වල දැනට ක්‍රියාකාරී දේශපාලනය කරන ප්‍රධාන පක්ෂ හතරකි ඒවා නම් නාඌරූ පක්ෂය, නාඌරූ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය, නාඌරූ පළමු පක්ෂය , මධ්‍යම පක්ෂය. රජය තුල ඇති සහයෝගය සන්ධාන ගත වීම් වලට පවුල් අතර තිබෙන සම්බන්ද තාවය පදනම් කරගෙන වීම විශේෂ කරුණකි.

1992 සිට 1999 දක්වා නාඌරූ තුල පැවතියේ දේශීය පාලන ක්‍රමයක් වන නාඌරූ දුපත් සභාවයි(NIC).නම දෙනෙකුගෙන් සමන්විත මෙම සභාව නිර්මාණය කරේ නගර සේවා සැපයීමේ අරමුණිනි.1999 දී මෙම සභාව විසිරුවා හරිනු ලැබූ අතර එය සතුව තිබු සියලු වත්කම් බැරකම් රටේ රජයට පවරා ගන්නා ලදී. නාඌරූ තුල ඉඩම් භුක්ති ක්‍රමය වෙනස්ය. සියලුම නාඌරූ ජනතාව සතුව රටේ ඕනෑම ඉඩමකට යම්කිසි අයිතියක් කිමට පුලුවන් වේ, ඒසේ වන්නේ එම ඉඩම තම පවුලේ අය හෝ තමාගේ හෝ පවුලේ කණ්ඩායමේ නම් පමණි. රජය හෝ රජයට අදාල සංස්ථා වලට කිසිදු ඉඩමක් අයිති නැත. එසේ ආයතනයක් ඉඩම පරිභෝජන කරේ නම් ඔවුන් ඉඩම් අයිතිකරුට බදු මුදල් ගෙවිය යුතුය. නාඌරූයානු නොවන කිසිදු පුද්ගලයෙකුට දුපතේ ඉඩම් වලට අයිතිවාසිකම් කිව නොහැක.

1989 සිට 2003 දක්වා කාලය තුල නාඌරූ පාලක මණ්ඩලය 17 වතාවක් වෙනස් විය. 2003 මාර්තු මාසයේදී තම නිල කාමරය තුලදී බර්නාර්ඩ් ඩොවීයෝගෝ මරණයට පත් වූ අතර ඉන්පසු ලුඩ්විග් ස්කෝටි ජනාධිපති ලෙස පත් විය. 2004 දී පසුව නැවතත් සම්පුර්ණ ධුර කාලය සඳහා ජනපති ධුරයට පත් විය. 2007 දෙසැම්බර් මාසයේදී විශ්වාසභංගයකින් පැරදී ස්කෝටි ජනපති ධුරයෙන් ඉවත් විය. ඒ සඳහා පත්වුයේ මාර්කස් ස්ටෙෆාන්ය. ඔහුත් 2011 නොවැම්බර් මාසයේදී ඉල්ලා අස් විය. ඉන්පසුව ෆ්‍රේරෙඩි පිට්චර් ජනපති ධුරයට පත් විය. ෆ්‍රේරෙඩි පිට්චර් ද ස්ප්රෙන්ට් ඩබ්විදෝ විසින් ගෙනආ විශ්වාසභංගයකින් පැරදී ජනපති ධුරයෙන් ඉවත් විය. ඉන්පසුව ස්ප්රෙන්ට් ඩබ්විදෝ ජනපති ධුරයට පත් විය.

නාඌරූ සතුව සංකීර්ණ නීති පද්ධතිය ඇත. අග්‍ර විනිශ්චකරු විසින් පාලනය කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධාන කොට පවත්වා ගෙන යයි. අනිත් නීතිමය ප්‍රශ්න විනිශ්චකරුවන් දෙදෙනෙකු විසින් මෙහෙයවන අභියාචනාධිකරණය ඉදිරිපත් කල හැක. පාර්ලිමේන්තුවට අධිකරණයේ විනිශ්චයන් වෙනස් කිරීමට අයිතියක් නැත. නමුත් අභියාචනාධිකරණය මගින් දෙනු ලබන තීරණ සම්බන්දයෙන් ඇපෑලක් ඕස්ටේ‍්‍රලියානු මහාධිකරණයට ඉදිරිපත් කල හැක. නමුත් මෙවැනි සිද්ධීන් සිදුවන්නේ කලාතුරකිනි. පහල උසාවි වශයෙන් දිස්ත්‍රික් අධිකරණ හා පවුල් අධිකරණ පවතින අතර ඒවාහි පාලනය ඒ ඒ පළාත් භාර මහේස්ත්‍රාත් විසින් කරන අතර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ලේකම් වරයා ද වේ.මිට අමතරව අර්ධ-අධිකරණ වශයෙන් පොදු සේවා ඇපෑල මණ්ඩල, පොලිස් ඇපෑල මණ්ඩල ඇත. මේවා හිදී මුලාසනය ගන්නේද අග්‍ර විනිශ්චකරුයි.

පරිපාලන ඒකක

නාඌරූ පරිපාලන දිස්ත්‍රික්ක දහ හතරකට බෙදා වෙන්කර ඇත. ඒවා ජන්ද කොට්ඨාශ අටකට වෙන්කර ඇත.

නො. දිස්ත්‍රික්කය කලින් භාවිතා
කල නම
ප්‍රදේශය
හෙක්ටයාර
ජනගහනය
(2005)
ගම්මාන
ගණන
ජන ඝණත්වය
මිනිස් / හෙක්ටයාර
1 අයිවෝ ආයූ 100 1,092 8 10.9
2 ඇනබර් ඇනිබ්වෝර් 143 502 15 3.5
3 ඇනීටන් ඇනීටාන් 100 516 12 5.2
4 ඇනිබරේ එනිබොඩි 314 160 17 0.5
5 බෙයිටි බෙයිඩි 123 572 15 4.7
6 බෝයි බොයි 66 795 4 12.0
7 බවුඩා ඇරේනිබෙක් 266 716 14 2.7
8 දෙනිගොමොදු දෙනිකොමොටු 118 2,827 17 24.0
9 ඊවා ඊයා 117 318 12 2.7
10 ඉජිව් ඉජිබ් 112 303 13 2.7
11 මෙනන් මෙනන් 288 1,830 18 6.4
12 නිබෝක් එනිබෙක් 136 432 11 3.2
13 උබෝයි ඌබෝ 97 335 6 3.5
14 යාරෙන් මෝර්කුවා 150 820 7 5.5
  නාඌරූ නායෝරෝ 2,130 11,218 169 5.3

විදේශ සබඳතා

1968 දී නිදහස් රටක් බවට පත් වීමෙන් අනතුරුව නාඌරූ පොදු රාජ්‍යය මණ්ඩලයේ විශේෂ සාමාජිකයෙක් ලෙස එක් විය පසුව 2000 වසරේදී නාඌරූ දේශයට එහි පුර්ණ සාමාජිකත්වය හිමි වුණි. තවද 1991 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව සාමාජිකත්වය ද 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ද ලබා ගත්තේය. නාඌරූ පැසිෆික් දුපත් සංගමයෙහි ද සාමාජික රටකි, දකුණු පැසිෆික් කලාපීය දේශගුණික වැඩසටහන , දකුණු පැසිෆික් කොමිසම , දකුණු පැසිෆික් ව්‍යහාරික භූ විද්‍යා කොමිසම යන සංගම් වලද සාමාජිකයෙකි. එක්සත් ජනපද වායුගෝලීය විකිරණ මිනුම්ගත කිරීමේ වැඩසටහනෙහි දේශගුණික විපර්යාස ගැන පර්යේෂණ සඳහා නාඌරූ දුපත යොදා ගනී.

නාඌරූ දේශය සතුව ආරක්ෂක හමුදාවක් නොමැත. නමුත් සිවිල් ආරක්ෂාව උදෙසා කුඩා පොලිස් බලකායක් ඇත. නාඌරූ රජය හා ඕස්ටේ‍්‍රලියානු රජය අතර ඇතිකරගත් අවිධිමත් ගිවිසුමකින් නාඌරූ දේශයෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඕස්ටේ‍්‍රලියාව සතු වේ. 2005 දී නාඌරූ රජය හා ඕස්ටේ‍්‍රලියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මගින් ප්‍රාග්ධන ආධාර හා තාක්ෂණික ආධාර ලබා ගත් අතර එම ආධාර අතර වාණිජ කටයුතු ලේකම් කාර්යාලයට අය-වැය වාර්තාව සකස් කිරීම උපදෙස් ලබා දීම , සෞඛ්‍යය හා අධ්‍යාපන සේවා සඳහා උපදෙස් ලබා දීමක් ද සිදු වුනි. මෙම ආධාර සපයන ලද්දේ නාඌරූ රජය විසින් ඕස්ටේ‍්‍රලියානු රජයේ දේශපාලන රැකවරණය පතා එන විදේශිකයන් ඕස්ටේ‍්‍රලියාවට ඇතුල් කර ගැනීමට පෙර රදවා ගැනීම නිසා රජයට ලබා දුන් උදව් වලට ප්‍රතිඋපකාර වශයෙනි. නාඌරූ නිල රාජ්‍යය මුදල් ලෙස ඕස්ටේ‍්‍රලියානු ඩොලර් භාවිතා කරයි.

නාඌරූ තම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වය වාණිජ අරමුණු සඳහා යොදා ගත් අතර එයට උදාහරණ ලෙස චීනය (මහජන චීන සමුහාණ්ඩුව) හා තායිවානය අතර ප්‍රශ්නයේදී නාඌරූ පාර්ශ්ව දෙකෙන්ම උදව් ලබා ගත් අතර තනි චීනයක් යන පදනමට සහය දුන්නේ නාඌරූ දේශය ඊට පෙර ඔවුන් ඒසදහා ගෙන තිබූ තිරණය වෙනස් කරමිනි. 2002 ජූලි 21 දින නාඌරූ රජය චීනය (මහජන චීන සමුහාණ්ඩුව) සමග රාජ්‍යයත්‍රාත්ත්‍රික සබදතා ආරම්භ කල අතර ඒ සදහා ඔවුන් ඇ.ඩොලර් මිලියන 130 ලබා ගත් අතර ඊට දින දෙකකට පසු තායිවානයද නාඌරූ රජය සමග රාජ්‍යයත්‍රාත්ත්‍රික සබදතා ආරම්භ කලේය. 2005 වසරේ මැයි 14 වන දින නැවතත් තායිවානයද නාඌරූ රජය සමග රාජ්‍යයත්‍රාත්ත්‍රික සබදතා අලුත් කරනලදී. ඒ සමගම එම මාසයේම 31 වන දින නැවතත් චීනය ද නාඌරූ රජය සමග රාජ්‍යයත්‍රාත්ත්‍රික සබදතා අලුත් කරනලදී. නමුත් අද දක්වා මහජන චීන සමුහාණ්ඩුවේ නියෝජිත කාර්යාලයක් නාඌරූ වල පිහිටා ඇත.

2008 දී නාඌරූ රාජ්‍යය කොසොවෝ රාජ්‍යය නිදහස් රටක් ලෙස පිළිගත් අතර, 2009 දී නාඌරූ රාජ්‍යය ජෝර්ජියාවෙන් වුනු ඇබ්කාසියාව ද නිදහස් රටක් ලෙස පිළිගත්තේය. රුසියාව, නිකරගුවාව හා වෙනිසුලාව යන රටවල් වලින් පසු එසේ පිළිගත් හතරවෙනි රාජ්‍යය වන්නේ නාඌරූයි. මෙම පිළිගැනීමට උදව්වක් ලෙස රුසියාව විසින් ඇ.ඩොලර් මිලියන 50 ක මානුෂිය ආධාර ලබා දුන් බවට වාර්තා වෙයි. 2008 ජූලි 15 දින නාඌරූ රාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් වරාය ප්‍රතිසංස්කරණ වැඩසටහන රුසියානු ආධාර මත ආරම්භ කරන බවයි. නමුත් රජය කියා සිටියේ ආධාර ලැබීමට හේතුව ඇබ්කාසියාව හා දකුණු ඔසීටෙෂීයා වෙනුවෙන් පෙනී සිටීම නොවන බවයි.

නාඌරූ ජනරජයට ලැබෙන ආදායමෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ ඕස්ටේ‍්‍රලියානු ආධාර වශයෙනි. 2001 දී නොර්වීජියානු නැවක් වන එම්.වී ටැම්පා විසින් බේරා ගනු ලැබූ මීටර් 20 ක බෝට්ටුවක සිරවී සිටි ඕස්ටේ‍්‍රලියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට තැත් කල 438 සරණාගතයන් පිරිසක් නාඌරූ දුපතේ රදවනු ලැබිණි. එසේ රදවනු ලැබිණේ නාඌරූ ඕස්ටේ‍්‍රලියානු රජයේ පැසිෆික් විසදුම සමග එක් වී තිබීම නිසාය. ඕස්ටේ‍්‍රලියානු ආධාර වලට ප්‍රතිඋපකාර ලෙස නාඌරූ රජය සරණාගතයන් තම දුපත තුල රදවා ගැනීම සිදු කරයි. 2005 නොවැම්බර් වන විට 2001 දී පැමිණි සරණාගතයන් ගෙන් දෙදෙනෙකු පමණක් නාඌරූ දුපත රැදී සිටි අතර ඔවුන් මොහොමඩ් සාගර් සහ මොහොමඩ් ෆයිසාල් ය. පසුව 2007 දී මොහොමඩ් සාගර් ව පුනුරුත්ථාපනය කරන ලදී. 2006 අග භාගයේදී හා 2007 මුල් කාලයේදී ඕස්ටේ‍්‍රලියානු රජය විසින් ඕස්ටේ‍්‍රලියානු රජයේ දේශපාලන රැකවරණය පතා ආ තවත් සරණාගතයන් කණ්ඩායම් කිහිපයක් නාඌරූ දුපත රැදවනු ලැබුණි. 2008 දී සරණාගත කඳවුර වසා දමන ලදී. නමුත් 2012 දී ඕස්ටේ‍්‍රලියානු රජය පැසිෆික් විසදුම නැවතත් යොදා ගැනීම නිසා සරණාගත කඳවුර නැවත විවෘත කරන ලදී.

භූ විෂමතා

නාඌරූ යනු සමකයට කිලෝමිටර් 42(සැතපුම් 26) ක් දකුණෙන් සාගරයේ නිරිත දිගට වන්නට පිහිටා තිබෙන වර්ග කිලෝමිටර් 21 (වර්ග සැතපුම් 8) ක වපසරියකින් යුත් ඉලිප්සාකාර හැඩයකින් යුක්ත දුපතකි. දුපත වටවී ඇත්තේ කොරල් පර වලිනි, ඒවා බාදිය අවස්ථාව වලදී හා තැනින් තැන පිහිටි කොරල් පර මුදුන් වලින් පිටටත දක්නට ලැබේ. පරයේ පිහිටි ම දුපත තුල නැව් තොටුපලක් ඉදි කිරීම වලක්වන අතර, පරයේ සමහර ඉවුරු දිගේ කුඩා බෝට්ටු වලට දුපත තුලට පැමිණිය හැක. දුපත් භුමියේ සිට මුහුද දක්වා මිටර් 150 සිට 300 (අඩි 490 සිට 980) දක්වා දිවෙන සාරවත් වෙරළ ආශ්‍රිත පටු තීරයක් පිහිටයි.

නාඌරූ වල මධ්‍යම සානුව වටා කොරල් පර පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 71 ක් (අඩි 221) උස කොමාන්ඩ් රීඩ්ජ් සානුවේ උසම ස්ථානය වේ. නාඌරූ වල සාරවත්ම ප්‍රදේශ වන්නේ පොල් ගස් හොඳට වැවෙන පටු වෙරළ තිරයට අදාල ප්‍රදේශයි. බවුඩා කලපුව ආශ්‍රිත ප්‍රදේශ කෙසෙල් , අන්නාසි, එළවලු, පන්දානුස් ගස් හා තද ලී ඇති ස්වදේශික ශාකයක් වන ටමානෝ ගස් වැවේ.

නාඌරූ යනු පැසිෆික් සාගරයේ ඇති හොඳම පොස්ෆේට් කඳු සහිත රටවල් තුනෙන් එකකි.( අනෙක් දුපත් වන්නේ කිරිබාති රටට අයත් බනබා දුපත හා ප්‍රංශ පොලිනේසියාවට අයත් මකටියා දුපතයි ). මේ වන විට පොස්ෆේට් සංචිත බොහොමයක් අවසන් වී ඇත. මධ්‍යම සානුව තුල සිදු කල පොස්ෆේට් කැණීම් නිසා තැනින් තැන කඩතොළු වූ මීටර් 15 (අඩි 49) ක් පමණ උසට හුණුගල් ශිකර වලින් සැදුනු නිසරු භුමි ප්‍රදේශ ඇති විය. නාඌරූ දුපතේ 80% පමණ ගොඩබිම් භුමි ප්‍රදේශයක් මෙම පොස්ෆේට් කැණීම් නිසා විනාශයට ලක් විය, එමෙන්ම අවට ඇති මුහුදු විශේෂ ආර්ථික කලාපය|විශේෂ ආර්ථික කලාපයට එහි බලපෑම් එල්ල විය. 40% පමණ වූ මුහුදු ජීවින් මිය යාමට හේතු වුයේ අපතේ ගලා ගිය පොස්ෆේට් සහ රොන්මඩ හේතුවෙනි.

නාඌරූ වල ඇත්තේ සීමිත ස්වභාවික ජල සම්පත් ප්‍රමාණයකි. වහලේ සවි කල ජල ටැංකි තුල වැසි ජලය එකතු වුවද බොහෝ වැසියන් ප්‍රයෝජනයට ගන්නේ නාඌරූ වල පහසුකම් සපයන ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබන මුහුදු ජලයෙහි ලවණ ඉවත් කරන ජල පවිත්‍රාගාර තුනෙන් ලබා දෙන ජලයයි.සමකයට හා සාගරයට ලංව පිහිටීම නිසා නාඌරූ වල දේශගුණය උණුසුම් හා තෙතමනය අවුරුද්ද පුරා ඒකාකාරිව පවතී. නොවැම්බර් හා පෙබරවාරි මාස වල මෝසම් වැසි ලැබෙන අතර සුළි-සුළං ඇති නොවේ. වාර්ෂික වර්ෂා පතනය ඒකාකාරි නොවන අතර එයට හේතුව ලා නිනා ආචරණයයි. මේ නිසා සමහර කාල වල නියං තත්වයන් වාර්තා වේ. නාඌරූ වල දවල් කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 (ෆැරන්හයිට් අංශක 79) සිට සෙල්සියස් අංශක 35(ෆැරන්හයිට් අංශක 95) ද , රාත්‍රී කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 (ෆැරන්හයිට් අංශක 72) සිට සෙල්සියස් අංශක 34 (ෆැරන්හයිට් අංශක 93) ද වේ.

නාඌරූ දුපතක් නිසා දේශගුණය හා මුහුදු මට්ටම විටින් විට වෙනස් වේ. ගෝලීය උෂ්ණත්වය නිසා ඇතිවෙන මුහුදුබත් වීමේ බලපෑමට ලක් වෙන රටවල් අතරින් නාඌරූ හත් වෙනි ස්ථානයෙහි ඇත. දුපතේ 80% ක පමණ භුමි ප්‍රදේශයක් උසස්ව පිහිටියද පොස්ෆේට් නිධි කැනීම් නිසා විනාශ වී ගිය ඉඩම් පුනුරුත්ථාපනය කරන තෙක් ඒවා ජනශුන්‍ය ව පවතිනු ඇත.

යාරෙන් දිස්ත්‍රික්කය තුල දේශගුණ දත්ත, නාඌරූ
මාසය ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝම්බර් නොවැම්බර් දෙසැම්බර් වාර්ෂික
වාර්තා වුනු උපරිම උෂ්ණත්වය °C (°F) 34(93) 37(99) 35(95) 35(95) 32(90) 32(90) 35(95) 33(91) 35(95) 34(93) 36(97) 35(95) 37(99)
මධන්‍යය උපරිම උෂ්ණත්වය °C (°F) 30(86) 30(86) 30(86) 30(86) 30(86) 30(86) 30(86) 30(86) 30(86) 31(88) 31(88) 31(88) 30.3(86.5)
මධන්‍යය අවම උෂ්ණත්වය °C (°F) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77) 25(77)
වාර්තා වුනු අවම උෂ්ණත්වය °C (°F) 21(70) 21(70) 21(70) 21(70) 20(68) 21(70) 20(68) 21(70) 20(68) 21(70) 21(70) 21(70) 20(68)
වර්ෂාපතනය මිලි මීටර් (අඟලට) 280(11.02) 250(9.84) 190(7.48) 190(7.48) 120(4.72) 110(4.33) 150(5.91) 130(5.12) 120(4.72) 100(3.94) 120(4.72) 280(11.02) 2,080(81.89
වාර්ෂික වර්ෂාපතනය (දවස්) 16 14 13 11 9 9 12 14 11 10 13 15 152
මූලාශ්‍රය 1 = [1] සංරක්ෂණය කළ පිටපත 19 ඔක්තෝබර් 2012 at the Wayback Machine

ආර්ථිකය

මුහුදු කුරුල්ලන්ගේ මළ පැහැරීම් (වසුරු) නිසා ඇතිවූ පොස්ෆේට් නිධි තැන්පතු මත මුළුමනින්ම යැපුණු නාඌරූ ජනයාගේ ආර්ථිකය ඉහළම මට්ටමේ පැවතියේ 1980 මුල් භාගයේදී ය. අවශ්‍යතා බොහොමයක් ආනනයන කරන අතර සමහර සම්පත් දුපතේ ඇත. නාඌරූ පොස්ෆේට් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ රොන්පොස් තවමත් සුළු පරිමාණ කැනීම් මගින් නිෂ්පාදනය කෙරේ.රජය විසින් එමගින් ලැබෙන අදායමෙන් කොටසක් නාඌරූ පොස්ෆේට් රාජකීය භාරය සදහා තැම්පත් කරනු ලැබේ. එම භාරය මගින් පොස්ෆේට් කර්මාන්තයේ නියැලුණු සේවකයන්ගේ දිගුකාලින ආයෝජන සඳහා ආධාර මුදල් ලබා දීම සිදු කරයි. එහෙත් කළමණාකරන දුර්වලතා හේතුවෙන් මෙම භාරයේ ස්ථිර වත්කම් අඩුවෙමින් පවතියි. මෙයට උදාහරණ ලෙස 1993 දී Leonardo the Musical ආයතනය මූල්‍ය කඩා වැටීම. සිඩ්නි නගරයේ තිබු මර්කිව් හෝටලය සහ මෙල්බෝර්න් වල නාඌරූ නිවස යන ආයතන 2004 වසරේදී විකුණනු ලැබුවේ ණය පියවා ගැනීමට සහ නාඌරූ ගුවන් සේවය සතු එකම බෝයින් 737 ගුවන් යානයෙහි අයිතිය 2005 දෙසැම්බර් වලදී නැවත ලබා ගැනීමටයි. නාඌරූ ගුවන් සේවයෙහි වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත්වුයේ 2006 දී ඒ වෙනුවට බෝයින් 737 -300 ගුවන් යානයක් නැවත යෙද වීමෙනි. 2005 දී සමාගම විසින් මෙල්බෝර්න් හි Savoy Tavern වැඩබිම ඇ.ඩොලර් මිලියන 7.5 කට විකුණා දැමුණි.

මෙම භාරයේ වටිනාකම 1991 දී ඕස්ටේ‍්‍රලියානු.ඩොලර් බිලියන 1.3 සිට 2002 දී ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 138 බවට අඩුවිය. දැනට රජයේ වියදම පවා පියවා ගැනීමට පවා මුදල් හිග කමක් ඇත. උදාහරණක් ලෙස නාඌරූ ජාතික බැංකුව දැන් බංකොලොත් වී ඇත. CIA World Factbook තක්සේරුවට අනුව 2005 දී ඒක පුද්ගල අදායම ඇ.ඩොලර් 5000 ක් වූ අතර 2007 දී ආසියානු සංවර්ධන බැංකුවේ තක්සේරුවට අනුව එය ඇ.ඩොලර් 2400 - 2715 අතර විය.

පෞද්ගලික බදු අයකිරීමක් නාඌරූ වල නොමැත. රුකියා විරහිත ප්‍රතිශතය 90% පමණ වේ. රැකියා කරන එනම් රැකියාවක් සහිත පුද්ගලයන් ගෙන් 95% රජයේ රැකියා කරන්නන් වේ. ආසියානු සංවර්ධන බැංකුවට අනුව රජය විසින් ආර්ථික සංවර්ධනය සදහා කටයුතු කලත් නිධි කැණීම් වෙනුවට විකල්පක් නොමැති කමින් විදේශ ආධාර මත යැපීමට සිදු වී ඇත. සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් නොවේ.

1990 දී නාඌරූ රජය බදු මගින් විශාල ලෙස අදායම් ඉපයූ අතර විදේශිකයන්ට ගමන් බලපත්‍ර මුදලට ලබාදීම සිදුකරන ලදී. කළු සල්ලි ජාවාරම් කිරීම වැලැක්වීම උදෙසා පිහිටුවා ඇති අන්තර් ජාතික වාණිජ කටයුතු මෙහෙයුම් බලකා ආයතනය (FATF) පවසන පරිදි නාඌරූ දේශය කළු සල්ලි ජාවාරම් කිරීම වැලැක්වීම උදෙසා කටයුතු නොකරන රටවල් 15 ව අතරට අයත් විය. 1990දී ඇ.ඩොලර් 25,000 පමණක් ඇතිව( වෙනත් අවශ්‍යතා බල නොපායි) බලයලත් ඕනෑම බැංකුවකට එරට බැංකු කටයුතු ආරම්භ කල හැක. FATF ආයතනයේ බලපෑම මත 2003 දී විදේශීය නීතිවිරෝධී මුදල් ආයෝජන පිලිබදව නීති සම්පාදන කෙරිණි. මේ හේතුවෙන් රට තුල චකිත මුදල් ජාවාරම් කිරීම අඩු වූ අතර , 2005 දී FATF ආයතනය නාඌරූ දේශය කළු සල්ලි ජාවාරම් කිරීම වැලැක්වීම උදෙසා කටයුතු නොකරන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනි.

2001 සිට 2007 දක්වා එරටේ ප්‍රධාන අදායම් මාර්ගය නාඌරූ රැදවුම් කදවුර බවට පත් වුනි. 2008 දී එය වසා දැමීමෙන් නාඌරූ බලධාරීන්ට බලවත් ප්‍රශ්න වලට මුහුණ දුන් අතර, 2008 පෙබරවාරි මාසයේ එවකට විදෙස් කටයුතු ඇමති දෙස්තර. කයිරෙන් කෙකේ මහතා පැවසු පරිදි මෙම රැදවුම් කදවුර වසා දැමීමෙන් නාඌරූ වැසියන් 100 කට රැකියා අහිමි වූ අතර එය සෘජුව හෝ වක්‍රව නාඌරූ රටේ ජනගහනයෙන් 10% කට බලපෑ බවයි. මෙලෙස එකවර පවුල් විශාල සංඛ්‍යවකට අදායම් මාර්ග නොමැති වීමත් ඔවුන්ට සුභ සාධක පහසුකම් සැපයීමේ නොහැකියාවත් නිසා විරැකියාව විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. "

ජන විකාශනය

2011 ජූලි වන විට එහි ජනගහනය 9378 කි. මිට පෙර මෙහි ජනගහනය මෙයට වඩා වැඩි වූ අතර නමුත් කිරිබාති හා ටුවාලු රට වලින් පැමිණි විදේශිකයන් පෙරලා එම රටවල් කරා යැවීම නිසා ජනගහනය ක්‍රමයෙන් අඩු විය. පොස්ෆේට් පතල් කර්මාන්තයේ සේවකයන්ට සිදු කල ගෙවීම් විශාල වශයෙන් කප්පාදු කිරීම නිසා විදේශිකයන් පෙරලා එම රටවල් කරා යැවීම දිරිමත් වුණි. ඔවුන්ටම විශේෂ වූ පැසිෆික් දුපත් භාෂාවක් වන නාඌරූයන් රාජ්‍යය භාෂාව වේ. එම භාෂාව 96% ක නාඌරූයානු ජන වර්ග ගෘහ ආශ්‍රිතව කතා කරනු ලබයි. ඉංග්‍රීසි බහුලව කතා කරන අතර රාජ්‍යය කටයුතු හා වෙළද කටයුතු එය වඩාත් යොදා ගනී. නාඌරූයන් භාෂාව රටෙන් පිට බහුල භාවිතයක් නොමැත.

රටේ ප්‍රධාන ජනවර්ග සමූහ 58% නාඌරූවන් ද, 26% අනෙකුත් පැසිෆික් දුපත් වැසියන් ද, 8% යුරෝපීය ජාතීන්ද , 8% චීන ජාතිකයන් ද වේ. ප්‍රධාන ආගම ක්‍රිස්තියානි වන අතර එහි දී 2/3 ප්‍රොතෙස්තන්ත නිකාය 1/3 රෝමානු කතෝලික ද වේ. මිට අමතරව සැලකිය හැකි තරමේ බහායි ආගම අදහන 10% ජනගහනයක් ( ලෝකය තුල බහායි ආගම අදහන ලොකුම ප්‍රතිශතයක් සහිත රට) ද , බෞද්ධයන් 9% ක් ද , මුස්ලිම් 2.2% ක් ද සිටි. ආගම ඇදහීමේ නිදහස ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අතර, නමුත් සාන්තුවරුන්ගේ අවසන් දවසේ ක්‍රිස්තුස්ගේ පල්ලිය හා යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් යන ආගම් වල ඇදහිලි සිමා කොට ඇත. බොහෝ විට මේ ආගම් අදහන්නේ රජය විසින් දුපතේ පවත්වා ගෙන යනු ලබන නාඌරූ පොස්ෆේට් සංස්ථාවේ විදෙස් සේවකයන් වේ.

නාඌරූ වල සාක්ෂරතාවය 97% වේ. අවුරුදු හයේ සිට පහළොව දක්වා ළමයින් සඳහා අධ්‍යාපනය අනිවාර්යය වේ, තවත් අනිවාර්යය නොවන අවුරුදු දෙකක අධ්‍යාපනයක් අ පවතී ( 11 හා 12 ශ්‍රේණි ). දකුණු පැසිෆික් විශ්වවිද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක් ද නාඌරූ වල ඇත. ඊට පෙර එනම් විශ්වවිද්‍යාලය 1987 ආරම්භයට පෙර වැඩිදුර අධ්‍යාපනය සඳහා සිසුන්ට පිටරට රටවල් කර යෑමට සිදු වුනි.

නාඌරූ වැසියන් ලෝකයේ වඩාත් තරබාරු නැතහොත් ස්ථුල භාවයෙන් පෙලෙන පුද්ගලයන් වේ: දුපතේ පිරිමින්ගෙන් 97% ගැහැණුන්ගෙන් 93% පමණ ඉක්මවා බරින් යුක්තය නැත්නම් ස්ථුල තාවයෙන් පෙලේ. මෙම හේතුව නිසා දියවැඩියා ආකාර 2 තත්වයෙන් පෙළෙන ලෝකයේ විශාලතම රටක් ලෙස නම් කර ඇත. දුපත් ජනගහනයෙන් 40% මෙම තත්වය ට ගොදුරු වී ඇත. වෙනත් ආහාර ගැනීම් පිලිබඳ ප්‍රශ්න අතර වකුගඩු රෝග හෲද රෝග සැලකිය හැක. නාඌරූ වල 2009 දී උපතේදී ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 60.6 ක් හා ගැහැනුන් සඳහා අවුරුදු 68.0 වුණි.

සංස්කෘතිය

නාඌරූ වැසියන් පැවතගෙන එන්නේ පොලිනිසියානු හා මයික්රොනිසියානු නාවික ජනතාවගෙනි. ජනප්‍රවාද යට අනුව ඔවුන් පැවතගෙන එන්නේ බීඋටනි නමින් හැදින්වෙන අද්‍යත්මික දුපත තුල වාසය කරනු ලැබූ නාඌරූ එජිබෝන්ග් නම් දේවතාවිය ගෙනි.එම ගෝත්‍රික ජන වර්ග දොළහෙන් වර්ග දෙකක්ම විසිවෙනි ශත වර්ෂය වනවිට වද වී ඇත. දෙවැනි ලෝක යුද්ධ යෙන් හා 1920 දී ඇති වූ ඉන්ෆුලුවෙන්සා වසංගතය පසු නාඌරූ දේශයේ නැගිටීම සනිහිටුවන් කරමින් සෑම ඔක්තෝම්බර් විසි හය දිනකම අංගම් දවස පවත්වනු ලබයි. යටත් විජිත භාවය හා වර්තමාන බටහිර බලපෑම් නිසා ස්වදේශික සංස්කෘතිය වෙනස් කිරීමට බොහෝ සෙයින් බලපා ඇත. සමහර පරණ චාරිත්ව වාරිත්ව තවමත් සුරක්ෂිතව පවතින අතර, තවත් සමහර පාරම්පරික සංගීත, කලා කටයුතු, කැටයම් සහ මාළු ඇල්ලීම් ක්‍රම තවමත් අනුගමනය කෙරේ.

දිනපතා නිකුත් වෙන පුවත්පත් නොමැති අතර ඒ වෙනුවට දෙසතියකට වරක් නිකුත් කෙරෙන පුවත් ප්‍රකාශනයක් පමණක් ඇත - මියැවේන් ක්ඕ Mwinen Ko. රාජ්‍යය රුපවාහිනී විකාශයක් වන නාඌරූ රුපවාහිනිය(NTV) මගින් ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ වැඩසටහන් දුපත තුල විකාශය කරනු ලබයි. මීට අමතරව රජය මගින් පවත්වාගෙන යන ගුවන්විදුලියක් වන නාඌරූ ගුවන්විදුලිය විසින් ඕස්ටේ‍්‍රලියානු ගුවන්විදුලියේ හා බීබීසී ගුවන්විදුලියේ වැඩසටහන් විසිරුවා හරියි.

ඕස්ටේ‍්‍රලියානු පාපන්දු නාඌරූ වල ජනප්‍රිය ක්‍රීඩාව වේ. බර එසැලිම සහ ඕස්ටේ‍්‍රලියානු පාපන්දු රටේ ජාතික ක්‍රීඩාවන් වේ. කණ්ඩායම් අටක සහභාගිත්වයකින් පාපන්දු ලීගයක් ද පැවැත් වේ. මීට අමතරව වොලිබෝල්, නෙට්බෝල්, ටෙනිස් සහ මාළු ඇල්ලීම ජනප්‍රිය ක්‍රීඩාවන් වේ. ගිම්හාන ඔලිම්පික් තරග වලට සහ පොදු රාජ්‍යය මණ්ඩල තරඟ වලට රටක් වශයෙන් නාඌරූ දේශය ඉදිරිපත් වී ඇත..

වනසත්ව සහ වෘකෂලතා

වෘකෂලතා ආදිය අඩු කමින් සහ පොස්ෆේට් පතල් කර්මාන්තයෙහි ප්‍රතිවිපාක නිසා දුපත තුල සතුන් විරල වේ. බොහෝ ස්වදේශික පක්ෂීන් ඔවුන්ගේ සුපුරුදු වාසස්ථාන අහිමිවීම නිසා දුපත තුල දක්නට නොමැති අතර සමහර විට ඔවුන් දුර්ලභ විශේෂ බවට පත් වී ඇත. වෘකෂලතා වල හිඟතාවය දුපත තුල වනසත්ව ගහනය අඩු වීමට ප්‍රධාන හේතුව වේ. දේශීයව සනාල ශාක වර්ග හැටක් පමණ වාර්තා වී ඇති අතර ඒවා කිසිවක් ඒකදේශික නොවේ. පොල් ගස් වැවීම, පතල් කර්මාන්තය, අලුත් විශේෂ පරිසරයට හදුන්වා දීම වැනි කරුණු දේශීය වෘකෂලතා වල පැවැත්ම සදහා බරපතල තර්ජනයක් වී ඇත. දුපත තුල ස්වදේශික භුමි වාසී ක්ෂරපායි විශේෂ නැති වුවත්, ස්වදේශික කෘමි විශේෂ , ගොඩ කකුළුවන් (භුමි වාසී) සහ පක්ෂීන් ජිවත් වේ. ස්වදේශික විශේෂ අතරට නාඌරූ දුපතට අවේනික වූ නාඌරූ සින්දු කියන බට කුරුල්ලා ද අයත් වේ. පොලිනිසියානු මියන් , පුසන්, බල්ලන්, ඌරන් සහ කුකුලන් වැනි සතුන් නැව් වලින් දුපතට හදුන්වා දුන් සත්ව විශේෂ වේ. සමුද්‍රික කොරල් පරයේ ජීවී විවිධත්වය නිසා මාළු බෑම දුපතට පැමිණෙන විදේශිකයන්ගේ ජනප්‍රිය අංගයකි, එමෙන් ම SCUBA කිමිදීම සහ මුහුද පතුලේ කිමිදීම ද ජනප්‍රිය අංගයකි.

මූලාශ්‍ර

  1. Franks, Patricia C.; Bernier, Anthony, eds. (2018). International Directory of National Archives. Rowman & Littlefield. p. 263.
  2. Worldwide Government Directory with Intergovernmental Organizations. CQ Press. 2013. p. 1131.
  3. "REPUBLIC OF NAURU Revenue Administration Act Act No. 15 of 2014" (PDF). 9 March 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 28 January 2023. All Bills are to be drafted in English, the official language of Nauru.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CIA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "Background Note: Nauru". State Department Bureau of East Asian and Pacific Affairs. සැප්තැම්බර් 2005. සම්ප්‍රවේශය 11 මැයි 2006.
  6. "Nauru's Constitution of 1968 with Amendments through 2015" (PDF). constituteproject.org. 17 March 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 March 2023.
  7. "World Population Prospects 2022". population.un.org. United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  8. "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  9. "National Report on Population ad Housing" (PDF). Nauru Bureau of Statistics. 24 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 June 2015.
  10. "Report for Selected Countries and Subjects". International Monetary Fund. 2 May 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 October 2018.
  11. "Human Development Report 2023/2024" (PDF). United Nations Development Programme. 13 March 2024. 13 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 13 March 2024.
  12. "Nauru Standard Time Act 1978" (PDF). Department of Justice and Border Control. 21 December 1978. 15 April 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 11 September 2020. Because of the peculiar way the legislation is worded the legal time is not GMT+12.
  13. හෝගන්, සී මයිකල් (2011). "පොස්ෆේට්". ලෝකයේ විශ්වකෝෂය. විද්‍යාව හා පරිසරය පිළිබද ජාතික කවුන්සිලය. සම්ප්‍රවේශය 17 ජුනි 2012.
  14. ආර්ථික සංවර්ධනය හා පරිසර දෙපාර්තමේන්තුව නාඌරූ (2003). "කාන්තාරකරණය වැලැක්වීමේ පළමු වාර්තාව එක්සත් ජාතීන්ගේ සම්මුතිය" (PDF). UNCCD. සම්ප්‍රවේශය 25 ජුනි 2012.
  15. වෙඉට්, බ්‍රේන්ඩන් (2007). "On සිතියම්විද්‍යාමය පතාකිය". සිතියම්විද්‍යාමය: ජාත්‍යන්තර භූ විද්‍යා හා ජීව දෘෂ්ටි කල්පන ජර්නලය. 42 (3): 251–262. doi:10.3138/carto.42.3.251.
  16. පොලොක්, නැන්සි ජේ (1995). "5: පැසිෆික් සාගරයේ සමාජ සුසාධ්‍යකරණය සුභ විධි ස්ථූලත්වය. නාඌරූ කාරක අධ්‍යයනය". In දී ගරිණි අයි (ed.). ස්ථූලත්වයෙහි සමාජ බලපෑම. Routledge. pp. 87–111.
  17. Spennemann, Dirk HR (ජනවාරි 2002). "Traditional milkfish aquaculture in Nauru". Aquaculture International. 10 (6): 551–562. doi:10.1023/A:1023900601000.
  18. බටහිර, බාබරා ඒ (2010). "නාඌරූයානු ජාතිකත්වය". ආසියා හා ඕසිනියා රටවල ජනතාවගේ විශ්වකෝෂය. Infobase මුද්‍රණ. pp. 578-580.
    ISBN 9781438119137
    .
     
  19. Marshall, Mac (ජනවාරි 1976). "Holy and unholy spirits: The Effects of Missionization on Alcohol Use in Eastern Micronesia". Journal of Pacific History. 11 (3): 135–166. doi:10.1080/00223347608572299. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  20. රෙයිස් රේමන් ඊ බාල (1996). "නාඌරූ සහ ඕස්ටේ‍්‍රලියාව". ජාත්‍යන්තර සහ සංසන්දනාත්මක නීති නිව් යෝර්ක් නීති පාසැල් ජර්නලය. 16 (1–2).
  21. Firth, Stewart (ජනවාරි 1978). "German labour policy in Nauru and Angaur, 1906-1914". The Journal of Pacific History. 13 (1): 36–52. doi:10.1080/00223347808572337.
  22. Hill, Robert A (ed) (1986). "2: Progress Comes to Nauru". The Marcus Garvey and Universal Negro Improvement Association Papers. Vol. 5. කැලිෆෝර්නියා විශ්වවිද්යාලය මුද්‍රණ. ISBN 9780520058170. {{cite book}}: |first= has generic name (help)
  23. Ellis, AF (1935). Ocean Island and Nauru - their story. Angus and Robertson Limited. pp. 29–39.
  24. Hartleben, A (1895). Deutsche Rundschau für Geographie und Statistik. p. 429.
  25. Manner, HI (මැයි 1985). "Plant succession after phosphate mining on Nauru". Australian Geographer. 16 (3): 185–195. doi:10.1080/00049188508702872. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  26. Gowdy, John M; McDaniel, Carl N (May 1999). "The Physical Destruction of Nauru". Land Economics. 75 (2): 333–338.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  27. Shlomowitz, R (නොවැම්බර් 1990). "Differential mortality of Asians and Pacific Islanders in the Pacific labour trade". Journal of the Australian Population Association. 7 (2): 116–127. PMID 12343016.
  28. Hudson, WJ (අප්‍රේල් 1965). "Australia's experience as a mandatory power". Australian Outlook. 19 (1): 35–46. doi:10.1080/10357716508444191.
  29. Waters, SD (2008). German raiders in the Pacific (3rd ed.). Merriam Press. p. 39. ISBN 9781435757608.
  30. Bogart, Charles H (නොවැම්බර් 2008). "Death off Nauru" (PDF): 8–9. 3 November 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ජුනි 2012. {{cite journal}}: Cite journal requires |journal= (help); Text "CDSG Newsletter" ignored (help)
  31. Haden, JD (2000). "Nauru: a middle ground in World War II". Pacific Magazine. 8 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ජුනි 2012.
  32. Takizawa, Akira; Alsleben, Allan (1999–2000). "Japanese garrisons on the by-passed Pacific Islands 1944-1945". Forgotten Campaign: The Dutch East Indies Campaign 1941-1942.{{cite web}}: CS1 maint: date format (link)
  33. The Times, 14 සැප්තැම්බර් 1945
  34. "Nauru Occupied by Australians; Jap Garrison and Natives Starving". The Argus. 15 සැප්තැම්බර් 1945. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2010.
  35. Garrett, J (1996). Island Exiles. ABC. pp. 176–181. ISBN 0-7333-0485-0.
  36. Highet, K; Kahale, H (1993). "Certain Phosphate Lands in Nauru". American Journal of International Law. 87: 282–288. 11 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 March 2013.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  37. Davidson, JW (ජනවාරි 1968). "The republic of Nauru". The Journal of Pacific History. 3 (1): 145–150. doi:10.1080/00223346808572131.
  38. Squires, Nick (15 මාර්තු 2008). "Nauru seeks to regain lost fortunes". BBC News Online. සම්ප්‍රවේශය 16 මාර්තු 2008.
  39. Case Concerning Certain Phosphate Lands in Nauru (Nauru v. Australia) Application: Memorial of Nauru. ICJ Pleadings, Oral Arguments, Documents. United Nations, International Court of Justice. ජනවාරි 2004. ISBN 978-92-1-070936-1.
  40. Levine, Stephen (නොවැම්බර් 2005). "The constitutional structures and electoral systems of Pacific Island States". Commonwealth & Comparative Politics. 43 (3): 276–295. doi:10.1080/14662040500304866. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  41. Anckar, D (මාර්තු 2000). "Democracies without Parties". Comparative Political Studies. 33 (2): 225–247. doi:10.1177/0010414000033002003. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  42. Hassell, Graham; Tipu, Feue (මැයි 2008). "Local Government in the South Pacific Islands". Commonwealth Journal of Local Governance. 1 (1): 6–30.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  43. "Republic of Nauru Country Brief". Australian Department of Foreign Affairs and Trade. නොවැම්බර් 2005. සම්ප්‍රවේශය 2 මැයි 2006.
  44. Connell, John (ජනවාරි 2006). "Nauru: The first failed Pacific State?". The Round Table. 95 (383): 47–63. doi:10.1080/00358530500379205.
  45. "Nauru profile". BBC News. 24 ඔක්තෝම්බර් 2011. සම්ප්‍රවේශය 17 ජුනි 2012.
  46. "Nauru (High Court Appeals) Act (Australia) 1976". Australian Legal Information Institute. සම්ප්‍රවේශය 7 August 2006.
  47. Dale, Gregory (2007). "Appealing to Whom? Australia's 'Appellate Jurisdiction' Over Nauru". International & Comparative Law Quarterly. 56 (3). doi:10.1093/iclq/lei186.
  48. "Republic of Nauru Permanent Mission to the United Nations". United Nations. සම්ප්‍රවේශය 10 මැයි 2006.
  49. "Nauru in the Commonwealth". Commonwealth of Nations. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  50. "Nauru (04/08)". US State Department. 2008. සම්ප්‍රවේශය 17 ජුනි 2012.
  51. Long, Charles N (මාර්තු 2012). "Quantification of the Impact of Nauru Island on ARM Measurements". Journal of Applied Meteorology and Climatology. 51 (3): 628–636. doi:10.1175/JAMC-D-11-0174.1. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  52. හාඩ්න්, ලුක් (14 දෙසැම්බර් 2009). "කුඩා නාඌරූ දේශය අලුතෙන් සැදුනු රටවල් පිළිගනී". ගාර්ඩියන්. සම්ප්‍රවේශය 22 ජුනි 2010.
  53. සු, ජෝය් (15 මැයි 2005). "නාඌරූ රජයතම දායකත්වය චීනයේ සිට තායිවානයට මාරු කරනලදී". තායිපේ ටයිම්ස්. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  54. "චීනය නාඌරූ සමග දේශපාලන සබදතා ඇති කර ගනී". ආසියා පැසිෆික් බුද්ධි වයරය. 31 මැයි 2005. 2013-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  55. "චීන තානාපති කාර්යාලය නාඌරූ". චීන රජය. 18 ජනවාරි 2006. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  56. "රුසියානු ආධාර වලින් පසු නාඌරූ තව තවත් අපනනය අදායම ඉහල යෑමක් බලාපොරොත්තු වේ". ජාත්‍යන්තර නවසීලන්තය රේඩියෝව. 15 ජූලි 2010. සම්ප්‍රවේශය 15 ජූලි 2010.
  57. වයිට්, මයිකල් (2002). "එම්.වී ටැම්පාප්‍රශ්නය හා ඕස්ටේ‍්‍රලියානු අත පෙවීම් ;- August 2001". මුහුදු වාර්තා. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  58. ගොර්දොන්,එම් (5 නොවැම්බර් 2005). "නාඌරූ වල අවසාන දෙදෙනා දුක් විදි". ද එජ්. සම්ප්‍රවේශය 8 මැයි 2006.
  59. "නාඌරූ සරණාගත කඳවුරු වලට මිලියන දෙකක් මාසයකට". ABC පුවත්. 12 පෙබරවාරි 2007. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2007.
  60. "දේශපාලන රුකවරණ බිල සම්මත වීම". SBS ලෝක පුවත් ඕස්ටේ‍්‍රලියාව. 16 August 2012. 29 August 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 August 2012.
  61. Thaman, RR; Hassall, DC. "Nauru: National Environmental Management Strategy and National Environmental Action Plan" (PDF). South Pacific Regional Environment Programme. p. 234.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  62. Jacobson, Gerry; Hill, Peter J; Ghassemi, Fereidoun (1997). "24: Geology and Hydrogeology of Nauru Island". Geology and hydrogeology of carbonate islands. Elsevier. p. 716. ISBN 9780444815200. {{cite book}}: Unknown parameter |editors= ignored (help)CS1 maint: multiple names: authors list (link)
  63. නාඌරූ රජය (1999). "දේශගුණ වෙනස් වීම;- ප්‍රතික්‍රියාව" (PDF). පළමු ජාතික සන්නිවේදනය. එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්වීම පිළිබද සම්මුතිය. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2009.
  64. Affaire de certaines terres à phosphates à නාඌරූ. ජාත්‍යන්තර අධිකරණය. 2003. pp. 107–109. ISBN 9789210709361.
  65. "පැසිෆික් දේශගුණ වෙනස් වීම විද්‍යා වැඩසටහන" (PDF). ඕස්ටේ‍්‍රලියානු රජය. 2012-02-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 ජුනි 2012.
  66. ස්ටෙෆාන්, මාර්කස් (නොවැම්බර් 2011). "අමුතු හැගීමක් ; පැසිෆික් සාගරයේ පොඩි රටක නාඌරූ ජනාධිපති දේශගුණ වෙනස් වීමට කලබල වන්නේ ඇයි ?". නිව් යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  67. "නාඌරූ වල වර්තමාන හා අනාගත දේශගුණය" (PDF). ඕස්ටේ‍්‍රලියානු දේශගුණය හා කාලගුණ පිළිබද පර්යේෂණ ආයතනය. 2012-02-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  68. "පොඩි දුපතට ලොකු වැඩක්". බී බී සී. සම්ප්‍රවේශය 10 මැයි 2006.
  69. සෙනෙවිරත්න, කාලිංග (26 මැයි 1999). "නාඌරූ රාජ්‍යයේ වටිනාකම පිරිහීමට ලක්වීම". ඒසියා ටයිම්ස්. 25 September 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  70. මෙලර්, විලියම් (1 ජුනි 2004). "කඵ සල්ලි ජාවාරම් හේතුවෙන් නාවුරු රාජ්‍යයට කැලැල් ඇති වීම". බ්ලූම්බර්ග්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  71. ස්කෙආන්, ක්රේජ් (9 ජූලි 2004). "නාඌරූ රාජ්‍යයේ නීතිමය ප්රණහාර හුවමාරු කරගැනීම අරඔයි". සිඩ්නි මෝර්නින්ග් හෙරල්ඩ්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  72. "නාඌරූ රාජ්යිය පවරා ගැනීම". ද ඒජ්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  73. "නාවුරු අවසාන ධනයද මෙල්බර්න් වලදී විකුණයි;- report". RNZI. 8 අප්‍රේල් 2005. සම්ප්‍රවේශය 22 ජුනි 2010.
  74. "ආසියානු සංවර්ධන පෙර දැක්ම 2005 - නාඌරූ". ආසියානු සංවර්ධන බැංකුව. 2005. සම්ප්‍රවේශය 2 මැයි 2006.
  75. "රටවල් වල ආර්ථික වාර්තා - නාඌරු" (PDF). ආසියානු සංවර්ධන බැංකුව. සම්ප්‍රවේශය 20 ජුනි 2012.
  76. "සත්යා ලෙසම අහිමි වීම". ද එකනොමිට්ස්. 20 දෙසැම්බර් 2001. සම්ප්‍රවේශය 2 මැයි 2006.
  77. "නාඌරූ". නාඌරූ වාණිජ හා ආයෝජන කොමිසම. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  78. "ඩොලර් බිලියනයක කුඩා කුටිය". නිව්යෝර්ක් ටයිම්ස්. 10 දෙසැම්බර් 2000. සම්ප්‍රවේශය 19 ජූලි 2011.
  79. "නාවුරු ලැයිස්තුවෙන් ඉවතට" (PDF). FATF. 13 ඔක්තෝම්බර් 2005. සම්ප්‍රවේශය 11 මැයි 2006.
  80. ටොප්ෆිල්ඩ් හෙවෙල් (11 දෙසැම්බර් 2007). "නාවුරු හි රැඳවුම් හල වැසීම". ද ඒජ්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  81. "නාවුරු හි රැඳවුම් හල වැසීම". ද ඒජ්. 7 පෙබරවාරි 2008. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  82. "ඇඩර්නට් ඩොට් කොම්හි විශාලම බහායි ආගමික ප්‍රජාව". ඇඩර්නට් ඩොට් කොම්. සම්ප්‍රවේශය 22 ජුනි 2010.
  83. "ජාත්‍යන්තර ආගමික නිදහස් වාර්ථාව 2003- නාඌරූ;- නාඌරූ". ඇමරිකා එක්සත් ජනපද රාජ්යන දෙපාර්තමේන්තුව. 2003. සම්ප්‍රවේශය 2 මැයි 2005.
  84. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
  85. "USP නාඌරූ විශ්ව විද්යායලය". දකුණු පැසිෆික් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  86. "නාඌරූ ස්ථුලතා ලියිස්තුවේ ඉහලට". ඉන්ඩිපෙන්ඩන්ට්. 26 දෙසැම්බර් 2010. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  87. කින්ග්, එච්; රෙවේර්ස් එම් (1993). "වැඩිහිටි දියවැඩියාව දැන් තුන්වෙනි ලෝක ප්‍රශ්නයක්". ජනවර්ගත්වය සහ රෝග. 3: S67-74.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  88. "නාඌරූ". ලෝක සෞඛ්යඩය වාර්ථාව 2005. ලෝක සෞඛ්‍යය සංවිධානය. සම්ප්‍රවේශය 2 මැයි 2006.
  89. "නාඌරූ අන්ගම් දිනය සමරයි". යූ.එන්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  90. නසාල්, මේරි (අප්‍රේල් 2005). "නාඌරූ: සොබාදහමේ විනාශය හා ජත්යනන්තර නීතිය" (PDF). ලෝවන්ඩ් ඩිවලොප්මන්ට්. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  91. "නාඌරූ සංස්කෘතිය". නාඌරූ. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  92. "ජනපදයේ ආකෘතිය: නාඌරූ". බීබීසී නිව්ස්. සම්ප්‍රවේශය 2 මැයි 2006.
  93. "නාඌරූ ඕස්ටේලියානු පාපන්දු සම්මේලනය". ඕස්ටේලියානු පාපන්දු ලීගය. සම්ප්‍රවේශය 19 ජුනි 2012.
  94. "නාඌරූ ඔලිම්පික් කමිටුවේ ඉතිහාසය". නාඌරූ ඔලිම්පික් ඔලිම්පික් කමිටුව. සම්ප්‍රවේශය 20 ජුනි 2012.
  95. නාඌරූ තොරතුරු - ආර්ථිකය, ඉතිහාසය, සංවර්ධනය, රජය, ජනතාව
  96. BirdLife International. "නාඌරූ වල කුරුල්ලන්ගේ වැදගත් වාසභුමි". මහලේකම් කාර්යාලය - පැසිෆික් කලාපීය පරිසර වියාපෘතිය. සම්ප්‍රවේශය 18 ජුනි 2012.
  97. නාඌරූ වල පරිසර හිතකමි චාරිකා - තිරසාර සංචාරක වියාපාර හා සංරක්ෂණය සදහා නීති, http://www.internationalwildlifelaw.org/NauruFish.html, ප්‍රතිෂ්ඨාපනය 18 March 2013 
  • මෙම ලිපිය පහත වෙබ් අඩවියේ පොදු රාජ්‍යය වගන්ති පාඨ සමග සංයුක්ත වේ. එක්සත් ජනපද රාජ්‍යය දෙපාර්තමේතුව & මධ්‍යම ඔත්තු සේවා ලෝක දත්තපොත .

ආශ්‍රිත

  • ගව්ඩි , ජෝන් එම්; මැකිනෙල් , කාර්ල් එන් (2000). විකිනීමට දමා ඇති පාරාදීසය: උපමා කතාව. කැලිෆෝර්නියා විශ්වවිද්යාලය මුද්‍රණ. ISBN 978-0-520-22229-8.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)

අඩවියෙන් බැහැර පිටු

නාඌරූ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
විකිපුවත් වෙතින් පුවත් කථාංග
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
විකිපොත් වෙතින් පෙළපොත්
  • නාඌරූ රජය
  • නාඌරූ entry at The World Factbook
  • නාඌරූ at the Open Directory Project
  • Wikimedia Atlas of නාඌරූ
  • නාඌරූ සංරක්ෂණය කළ පිටපත 7 ජූනි 2008 at the Wayback Machine UCB Libraries GovPubs
  • නාඌරූ රට බීබීසී පුවත්
  • නාඌරූ සැරිසර නාඌරූ නිල සංචාරක වෙබ් අඩවිය
ඕෂනියාවේ ස්වෛරී රාජ්‍යයන් සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාඌරූ පිළිබඳ තොරතුරු, නාඌරූ යනු කුමක්ද? නාඌරූ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.