පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2024 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 1001-1200 අතර ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය Crest | |
| ආදර්ශ පාඨය | සාර්වස ලෝකනම් ශාස්ත්‍රම් (සංස්කෘත) |
|---|---|
| පිහිටුවන ලද්දේ | 1942 University of Ceylon, 1972 University of Sri Lanka, Peradeniya Campus, 1978 University of Peradeniya |
| වර්ගය | පොදු |
| කුලපති | මහාචාර්ය පී. ඩබ්. එපාසිංහ |
| උපකුලපති | මහාචාර්ය උපුල් දිසානායක |
| පරිපාලන කාර්ය මණ්ඩලය | 1,168 |
| ශිෂ්‍යයන් | 11,065 |
| උපාධි අපේක්ෂකයා | 9,605 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | 1,440 |
| පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
| අධ්‍යයන මණ්ඩප | Suburban 700 Hectares |
| වර්ණ | රන්වන් සහ දුඹුරට හුරු රතුපාට |
| අනුබද්ධ කිරීම | Association of Commonwealth Universities |
| වෙබ් පිටුව | www.pdn.ac.lk |
දළ විශ්ලේෂණය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද, පශ්චාත් උපාධි ආයතන 4 කින්ද(අලුතෙන් එකතු කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය ඇතුළුව), මධ්‍යස්ථාන හා ඒකක 20කින්ද, අධ්‍යයනාංශ 73කින්ද සමන්විතය. මෙහි සිසුන් 12,000 ක් පමණ වෛද්‍ය, කෘෂි විද්‍යා, විද්‍යා, කලා, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සත්ව විද්‍යා සහ සම සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවල නියලෙති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ හා පිහිටීම
විශ්වවිද්‍යාලය සතු පීඨ ගණන නවයකි
- ඉංජිනේරු පීඨය
- වෛද්‍ය පීඨය
- දන්ත වෛද්‍ය පීඨය
- පශු වෛද්‍ය පීඨය
- විද්‍යා පීඨය
- ශාස්ත්‍ර පීඨය
- කෘෂි පීඨය
- සමසෞඛ්‍ය විද්‍යා පීඨය
- කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහවැලි තැනිතලාවේ හෙක්ටයාර 700ක් (අක්කර 1,700) පුරා විහිදී පැතිරී පවතී. මෙයින් තවමත් වැඩි කොටසක් වනගතව පවතී. විශ්වවිද්‍යාලය සෞම්‍ය කලාපය තුළ පිහිටා ඇති අතර සාමාන්‍ය උෂ්ණත්වට 18-30 °C අතර වේ. විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සතුව උතුරුමැද පළාතේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ වෙනමම උප මණ්ඩපයක් 1968 සිට පිහිටුවා ඇත.
විශ්වවිද්‍යාලය සඳහා ප්‍රධාන පිවිසුම ගලහ පාර හරහා වේ. ඉංජිනේරු පීඨය පමණක් මහවැලි ගංඟාවේ එක් පසක පිහිටා ඇති අතර අනෙක් පීඨ සියල්ල ගංඟාවේ අනෙක් පස පිහිටා ඇත. අක්බාර් පාලම මගින් මෙම පීඨ එකිනෙක සම්බන්ධ කෙරේ.
විශ්වවිද්‍යාලයක් සතු එකම දුම්රිය ස්ථානය වන 'සරසවි උයන' දුම්රිය ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටා ඇත. දුම්රිය මාර්ගය හරහා වැටී ඇති 'යකා පාලම' විශ්වවිද්‍යාලය තුළ ඇති අනෙක් පාලම වේ. මහනුවර සිට ගලහා හන්දිය දක්වා හා මහනුවර සිට විශ්වවිද්‍යාලය දක්වා දෛනික ෂටල් බස් සේවා ක්‍රියාත්මක වේ.
පහසුකම්
විශ්වවිද්‍යාලය මගින් සිසුන්ට ලබා දෙන පහසුකම් කිහිපයක් ලෙස,
- ප්‍රධාන පුස්තකාලය හා පීඨ පුස්තකාල සේවා
- සෞඛ්‍ය මධ්‍යස්ථානය
- ක්‍රීඩාගාරය හා ක්‍රීඩා පිටි
- පිහිනුම් තටාකය
- පශ්චාත් උපාධි මධ්‍යස්ථාන
- දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථාන
- සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය
- නේවාසිකාගාර හා ආපනශාලා
- රසායනාගාර පහසුකම්
- කෘෂි හා පශු විද්‍යා ගොවිපලවල්
- සංචාරක බංගලා
විශේෂිත පුද්ගලයින්
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
- ආචාර්ය ජයලත් මනෝරත්න
- සේනක බිබිලේ
නේවාසිකාගාර
- රාමනාදන් ශාලාව
- මාකස් ප්‍රනාන්දු ශාලාව
- ජේම්ස් පීරිස් ශාලාව
- හිල්ඩා ඔබේසේකර ශාලාව
- සංඝමිත්තා ශාලාව
- අරුණාචලම් ශාලාව
- ජයතිලක ශාලාව
- අයිවර් ජෙනිංග්ස් ශාලාව
- ලලිත් ඇතුලත්මුදලි ශාලාව
- විජේවර්ධන ශාලාව
- අක්බාර් නෙල් ශාලාව
- නව අක්බාර් (නිශ්මි) ශාලාව
- මලලසේකර ශාලාව
- සරච්චන්ද්‍ර ශාලාව
- හිඳගල ශාලාව
- සේනක බිබිලේ ශාලාව
- සරසවි උයන ශාලාව
- සරසවි මැදුර ශාලාව
- මහකන්ද ශාලාව
මුලාශ්‍ර
- http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html සංරක්ෂණය කළ පිටපත 2016-04-05 at the Wayback Machine ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
- History of the University of Peradeniya, http://www.pdn.ac.lk/overview/history.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-11
- Faculties, Postgraduate Institutes and Centres of the University of Peradeniya in the year 2002, http://www.pdn.ac.lk/overview/history_more.html#title22, ප්‍රතිෂ්ඨාපනය 2010-05-11
බාහිර සබැඳුම්
- Official Website of the University of Peradeniya
- University of Peradeniya :Proud beginnings සංරක්ෂණය කළ පිටපත 2010-01-20 at the Wayback Machine
- University Grants Commission of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු කුමක්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?