1979 ක්‍රිකට් ලෝක කුසලානය

1979 ක්‍රිකට් ලෝක කුසලානය, (නිල වශයෙන් පෘඩෙන්ෂල් කුසලානය '79 ලෙස හැඳින්වේ) ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන සංස්කරණය විය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන ලද එය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පැවැත්විණි.

1979 ක්‍රිකට් ලෝක කුසලානය
කාලයජුනි 9 – ජුනි 23
පරිපාලක(යෝ)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් (2 වන වරට)
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය8
තරඟ15
වැඩිම ලකුණු ගෝර්ඩන් ග්‍රීනීජ් (253)
වැඩිම කඩුලු මයික් හෙන්ඩ්‍රික් (10)
1975
1983


මෙම තරඟාවලියට නැවත වරක් පෘඩෙන්ෂල් ඇෂුවරන්ස් සමාගම අනුග්‍රහය දක්වන ලද අතර තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වී සිටි අතර එකම වෙනස වූයේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව සමඟ සුදුසුකම් ලැබූ කැනඩාව සහභාගී වීම පමණි. අවසන් මහා තරගය නැවත වරක් ලෝඩ්ස්හිදී පැවැත්වීමත් සමඟ එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීමත් සමඟ ආකෘතිය එලෙසම පැවතුනි.

පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්ථානය සමග එංගලන්තය 'ඒ' කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය සමග 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පිළිවෙළින් පකිස්තානයට සහ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ පසු, ඔවුන් ලෝඩ්ස් හිදී අවසන් මහා තරගයේදී මුණගැසුණු අතර ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල වසර හතරකට පෙර සිට තම ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත්ත් විය. බටහිර ඉන්දීය පිතිකරු ගෝර්ඩන් ග්‍රීනිජ් තරඟ 4 කදී ලකුණු 253 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය අවසන් කළ අතර එංගලන්ත ක්‍රීඩක මයික් හෙන්ඩ්‍රික් කඩුලු දහයක් දවාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.

ආකෘතිය

තරඟාවලියේ කණ්ඩායම් අට කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග තනි රවුන්ඩ් රොබින් ක්‍රමයට ක්‍රීඩා කළහ. එක් එක් කාණ්ඩයෙන් පළමු කණ්ඩායම් දෙක පසුව අවසන් පූර්ව වටයට ගොස් පිළිමළුන් ඉවත් කිරීමේ තරඟාවලියකට ක්‍රීඩා කරයි.

සහභාගීත්වය

1979 තරගාවලියේදී ලෝක කුසලානයක පළමු සුදුසුකම් ලැබීමේ තරග දක්නට ලැබිණි. 1979 ICC කුසලානය මැයි අග සහ ජූනි මස මුල මධ්‍යම එංගලන්තයේ විවිධ ක්‍රීඩාංගණවල පැවැත්විණි. අවසන් තරඟකරුවන් දෙදෙනා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබූ ටෙස්ට් රටවල් හයට එක් විය. ශ්‍රී ලංකාව සහ කැනඩාව අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ඩෙන්මාර්කය සහ බර්මියුඩාව පරාජය කර සුදුසුකම් ලබා ගත්හ.

කණ්ඩායම සුදුසුකම් ලැබූ ආකාරය සහභාගී වන වතාව අවසන් සහභාගීත්වය උපරිම දස්කම කාණ්ඩය
 එංගලන්තය සත්කාරකත්වය දෙවන 1975 අවසන් පූර්ව (1975)
 ඉන්දියාව පූර්ණ සාමාජික දෙවන 1975 කාණ්ඩ අදියර (1975) බී
 ඕස්ට්‍රේලියාව දෙවන 1975 අනුශූරතාවය (1975)
 පකිස්තානය දෙවන 1975 කාණ්ඩ අදියර (1975)
 බටහිර ඉන්දීය කොදෙව් දෙවන 1975 ශූරතාවය (1975) බී
 නවසීලන්තය දෙවන 1975 අවසන් පූර්ව (1975) බී
 ශ්‍රී ලංකාව 1979 අයි.සී.සී කුසලාන ශූරතාවය දෙවන 1975 කාණ්ඩ අදියර (1975) බී
 කැනඩාව 1979 අයි.සී.සී කුසලාන අනුශූරතාවය පළමු පළමුවර සහභාගීත්වය

ක්‍රීඩාංගණ

ලන්ඩන් ලන්ඩන්
ලෝඩ්ස්
ඕවල්
ධාරිතාව: 30,000
ධාරිතාව: 23,500
බර්මින්හැම් මැන්චෙස්ටර්
එජ්බැස්ටන් ක්‍රීඩාංගණය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය
ධාරිතාව: 21,000
ධාරිතාව: 19,000
නොටින්හැම් ලීඩ්ස්
ට්‍රෙන්ට් බ්‍රිජ්
හෙඩිංලි
ධාරිතාව: 15,350
ධාරිතාව: 14,000

කාණ්ඩ අදියර

ඒ කාණ්ඩය

කණ්ඩායම විනැ ශුලවේ ප්‍රල
 එංගලන්තය 3 3 0 0 3.07 12
 පකිස්තානය 3 2 1 0 3.60 8
 ඕස්ට්‍රේලියාව 3 1 2 0 3.16 4
 කැනඩාව 3 0 3 0 1.60 0
1979 ජුනි 9
ලකුණු පුවරුව
 එංගලන්තය
160/4 (ඕවර 47.1)
ඇන්ඩෲ හිල්ඩිච් 47 (108)
ජෙෆ් බෝයිකොට් 2/15 (ඕවර 6)
ග්‍රැහැම් ගූච් 53 (96)
ට්‍රෙවර් ලාෆ්ලින් 2/38 (ඕවර 9.1)
එංගලන්තයට කඩුළු 6 ක ජයක්
ලෝඩ්ස්, ලන්ඩන්, එංගලන්තය
තරගයේ වීරයා: ග්‍රැහැම් ගූච්
විනිසුරුවන්: බැරී මේයර් සහ ඩේවිඩ් කොන්ස්ටන්ට්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 9
ලකුණු පුවරුව
කැනඩාව 
139/9 (ඕවර 60)
 පකිස්තානය
140/2 (ඕවර 40.1)
ග්ලෙන්රෝයි සීලි 45 (110)
සර්ෆ්රාස් නවාස් 3/26 (ඕවර 10)
සාදික් මොහොමඩ් 57* (122)
ජෝන් වැලන්ටයින් 1/18 (ඕවර 9)
පකිස්ථානයට කඩුළු 8 ක ජයක්
හෙඩිංලි, ලීඩ්ස්, එංගලන්තය
තරගයේ වීරයා: සාදික් මොහොමඩ්
විනිසුරුවන්: ඇලන් වයිට්හෙඩ් සහ ඩිකී බර්ඩ්
  • කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • කැනඩා කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන්ගේ මංගල එදිජා තරගය විය.
1979 ජුනි 14
ලකුණු පුවරුව
පකිස්තානය 
286/7 (ඕවර 60)
ආසිෆ් ඉක්බාල් 61 (57)
ගැරී කොසියර් 3/54 (ඕවර 12)
ඇන්ඩෲ හිල්ඩිච් 72 (129)
සිකන්දර් බක්ත් 3/34 (ඕවර 11)
පකිස්ථානයට ලකුණු 89 ක ජයක්
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්, එංගලන්තය
තරගයේ වීරයා: ආසිෆ් ඉක්බාල්
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ කෙන් පාමර්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • ග්‍රේම් පෝටර් සහ ජෙෆ් මොස් ගේ මංගල එදිජා තරගය
1979 ජුනි 14
ලකුණු පුවරුව
කැනඩාව 
45 (ඕවර 40.3)
 එංගලන්තය
46/2 (ඕවර 13.5)
ෆ්‍රෑන්ක්ලින් ඩෙනිස් 21 (99)
ක්‍රිස් ඕල්ඩ් 4/8 (ඕවර 10)
ග්‍රැහැම් ගූච් 21* (31)
රොබට් කැලන්ඩර් 1/14 (ඕවර 6)
එංගලන්තයට කඩුළු 8 ක ජයක්
ඕල්ඩ් ට්‍රැෆොඩ්, මැන්චෙස්ටර්, එංගලන්තය
තරගයේ වීරයා: ක්‍රිස් ඕල්ඩ්
විනිසුරුවන්: බැරී මේයර් සහ ජෝන් ලැන්ග්‍රිජ්
  • කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • රොබට් කැලන්ඩර් ගේ මංගල එදිජා තරගය.
1979 ජුනි 16
ලකුණු පුවරුව
කැනඩාව 
105 (ඕවර 33.2)
ජෝන් වෝන් 29 (43)
ඇලන් හර්ස්ට් 5/21 (ඕවර 10)
කිම් හියුස් 27* (40)
කොර්නේලියස් හෙන්රි 2/27 (ඕවර 10)
ඕස්ට්‍රේලියාවට කඩුළු 7 ක ජයක්
එඩ්බස්ටන්, බර්මිංහැම්, එංගලන්තය
තරගයේ වීරයා: ඇලන් හර්ස්ට්
විනිසුරුවන්: ඩේවිඩ් කොන්ස්ටන්ට් සහ ජෝන් ලැන්ග්‍රිජ්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • චාල්ස් බක්ෂ් ගේ මංගල එදිජා තරගය
1979 ජුනි 16
ලකුණු පුවරුව
එංගලන්තය 
165/9 (ඕවර 60)
 පකිස්තානය
151 (ඕවර 56)
ග්‍රැහැම් ගූච් 33 (90)
මජිඩ් ඛාන් 3/27 (ඕවර 12)
ආසිෆ් ඉක්බාල් 51 (104)
මයික් හෙන්ඩ්‍රික් 4/15 (ඕවර 12)
එංගලන්තයට ලකුණු 14 ක ජයක්
හෙඩිංලි, ලීඩ්ස්, එංගලන්තය
තරගයේ වීරයා: මයික් හෙන්ඩ්‍රික්
විනිසුරුවන්: ඩේවිඩ් එවන්ස් සහ ලොයිඩ් බඩ්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය

බී කාණ්ඩය

කණ්ඩායම විනැ ශුලවේ ප්‍රල
 බටහිර ඉන්දීය කොදෙව් 3 2 0 1 3.93 10
 නවසීලන්තය 3 2 1 0 3.55 8
 ශ්‍රී ලංකාව 3 1 1 1 3.56 6
 ඉන්දියාව 3 0 3 0 3.13 0
1979 ජුනි 9
ලකුණු පුවරුව
ඉන්දියාව 
190 (ඕවර 53.1)
ගුන්ඩප්පා විශ්වනාත් 75 (134)
මයිකල් හෝල්ඩින් 4/33 (ඕවර 12)
ගෝර්ඩන් ග්‍රිනිජ් 106* (173).
කපිල් දේව් 1/46 (ඕවර 10)
බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුළු 9 ක ජයක්
එඩ්බස්ටන්, බර්මිංහැම්, එංගලන්තය
තරගයේ වීරයා: ගෝර්ඩන් ග්‍රිනිජ්
විනිසුරුවන්: ජෝන් ලැන්ග්‍රිජ් සහ ඩේවිඩ් එවන්ස්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • සුරීන්දර් ඛන්නා ගේ මංගල එදිජා තරගය
1979 ජුනි 9
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
189 (ඕවර 56.5)
 නවසීලන්තය
190/1 (ඕවර 47.4)
අනුර තෙන්නකෝන් 59 (96)
බ්‍රයන් මැක්කේනි 3/25 (ඕවර 10.5)
ග්ලෙන් ටර්නර් 83 (143)
අජිත් ද සිල්වා 1/39 (ඕවර 12)
නවසීලන්තයට කඩුළු 9 ක ජයක්
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්, එංගලන්තය
තරගයේ වීරයා: ජෙෆ් හොවාර්ත්
විනිසුරුවන්: කෙන් පාමර් සහ ලොයිඩ් බඩ්
1979 ජුනි 13, 14, 15
ලකුණු පුවරුව
එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදී
ඕවල්, ලන්ඩන්, එංගලන්තය
  • කාසියේ වාසියද බැලුවේ නැත.
  • තරගය පැවැත්වීමට අතිරේක දින 2කද භාවිත කල මුත් අධික වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමා ඇත.
1979 ජුනි 13
ලකුණු පුවරුව
ඉන්දියාව 
182 (ඕවර 55.5)
 නවසීලන්තය
183/2 (ඕවර 57)
සුනිල් ගවස්කාර් 55 (144)
බ්‍රයන් මැක්කේනි 3/24 (ඕවර 12)
බෲස් එඩ්ගර් 84* (167)
මොහින්දර් අමරනාත් 1/39 (ඕවර 12)
නවසීලන්තයට කඩුළු 8 ක ජයක්
හෙඩිංලි, ලීඩ්ස්, එංගලන්තය
තරගයේ වීරයා: බෲස් එඩ්ගර්
විනිසුරුවන්: ඇලන් වයිට්හෙඩ් සහ ලොයිඩ් බඩ්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
238/5 (ඕවර 60)
 ඉන්දියාව
191 (ඕවර 54.1)
සුනිල් වෙත්තමුනි 67 (120)
මොහින්දර් අමරනාත් 3/40 (ඕවර 12)
දිලිප් වෙන්ග්සර්කාර් 36 (57)
සෝමචන්ද්‍ර ද සිල්වා 3/29 (ඕවර 11)
ශ්‍රී ලංකාවට ලකුණු 47 ක ජයක්
ඕල්ඩ් ට්‍රෆොඩ්, මැන්චෙස්ටර්, එංගලන්තය
තරගයේ වීරයා: දුලිප් මෙන්ඩිස්
විනිසුරුවන්: ඇලන් වයිට්හෙඩ් සහ කෙන් පාමර්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • ජුනි 16 වර්ෂාව නිසා, තරගයේ අතිරේක දිනය භාවිතා විය.
  • රන්ජන් ගුණතිලක සහ රංජන් මඩුගල්ල මංගල එදිජා තරගය ක්‍රීඩා කලහ.
  • ටෙස්ට් වරම් නොමැති රටක් විසින් ටෙස්ට් වරම් ලත් රටක් එදිජා තරගයකදී පරාජය කල පලමු අවස්ථාව.
1979 ජුනි 16
ලකුණු පුවරුව
 නවසීලන්තය
212/9 (ඕවර 60)
ක්ලයිව් ලොයිඩ් 73* (80)
ජෙරමි කෝනි 2/40 (ඕවර 12)
රිචඩ් හැඩ්ලි 42 (48)
ඇන්ඩි රොබට්ස් 3/43 (ඕවර 12)
බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 32 ක ජයක්
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්, එංගලන්තය
තරගයේ වීරයා: ක්ලයිව් ලොයිඩ්
විනිසුරුවන්: බැරී මේයර් සහ ඩිකී බර්ඩ්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • එවෙන් චැට්ෆීල්ඩ් ගේ මංගල එදිජා තරගය

පිළිමළුන් පිටුදැකීමේ අදියර

අවසන් පූර්ව

1979 ජුනි 20
ලකුණු පුවරුව
 පකිස්තානය
250 (ඕවර 56.2)
ගෝර්ඩන් ග්‍රිනිජ් 73 (107).
ආසිෆ් ඉක්බාල් 4/56 (ඕවර 11)
සහීර් අබ්බාස් 93 (122)
කොලින් ක්‍රොෆ්ට් 3/29 (ඕවර 11)
බටහිර ඉන්දීය කොදෙව්ට ලකුණු 43 ක ජයක්
ඕවල්, ලන්ඩන්, එංගලන්තය
තරගයේ වීරයා: ගෝර්ඩන් ග්‍රිනිජ්
විනිසුරුවන්: ඩේවිඩ් කොන්ස්ටන්ට් සහ ලොයිඩ් බඩ්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
1979 ජුනි 20
ලකුණු පුවරුව
එංගලන්තය 
221/8 (ඕවර 60)
 නවසීලන්තය
212/9 (ඕවර 56.2)
ග්‍රැහැම් ගූච් 71 (84)
බ්‍රයන් මැක්කේනි 2/46 (ඕවර 12)
ජෝන් රයිට් 69 (137)
මයික් හෙන්ඩ්‍රික් 3/55 (ඕවර 12)
එංගලන්තයට ලකුණු 9 ක ජයක්
ඕල්ඩ් ට්‍රැෆොඩ්, මැන්චෙස්ටර්, එංගලන්තය
තරගයේ වීරයා: ග්‍රැහැම් ගූච්
විනිසුරුවන්: කෙන් පාමර් සහ ජෝන් ලැන්ග්‍රිජ්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • වේන් ලාර්කින්ස් ගේ මංගල එදිජා තරගය.

අවසන් තරගය

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායමේ තීරණය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුළු ලකුණු 99 කට කඩුලු 4 ක් බිඳ වැටුනු අතර, ග්‍රීන්ඩ්ජ්, හේන්ස්, කලිචරන් සහ නායක ක්ලයිව් ලොයිඩ් යන අය දැවීගිය ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත්, විවියන් රිචර්ඩ්ස් (ලකුණු 138 ක් පන්දු 157 කින්, හතරේ පහර 11, හයේ පහර 3) සහ කොලිස් කිං (පන්දු 66 කින් ලකුණු 86 යි, හතරේ පහර 10 යි, හයේ පහර 3 යි) ඉනිම ශක්තිමත් කළා. බටහිර ඉන්දීය කොදෙව් පිල 238/5 දී කොලිස් කිං ගේ දැවීයාමත් සමග ලකුණු 139 ක සබඳතාව අවසන් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

ඉංග්‍රිසි පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. එහෙත් ආරම්භක පිතිකරුවන් වන මයික් බ්රේලි (පන්දු 130 කින් ලකුණු 64 ක්, හතරේ පහර 7 යි) සහ ජෙෆ් බෝයොකොට් (පන්දු 105 කදී ලකුණු 57 යි හතරේ පහර 3 යි) පසුව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කලහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු, ලකුණු වේගය ඉහළ ගොස් තිබිණි. ග්‍රැහැම් ගූච් ලකුණු 32 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ගූච්ගේ දැවීයාම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශයින්ම විනාශකාරී බිඳවැටීම විය. එංගලන්තය අවසානයේ ඕවර 51 කදී සියළු දෙනා දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. විවියන් රිචර්ඩ්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

1979 ජුනි 23
ලකුණු පුවරුව
 එංගලන්තය
194 (ඕවර 51)
විව් රිචඩ්ස් 138* (157)
ෆිල් එඩ්මන්ඩ්ස් 2/40 (ඕවර 12)
මයික් බ්‍රියර්ලි 64 (130)
ජොයෙල් ගාර්නර් 5/38 (ඕවර 11)
බටහිර ඉන්දීය කොදෙව්ට ලකුණු 92 ක ජයක්
ලෝඩ්ස්, ලන්ඩන්, එංගලන්තය
තරගයේ වීරයා: විව් රිචඩ්ස්
විනිසුරුවන්: බැරී මේයර් සහ ඩිකී බර්ඩ්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • බටහිර ඉන්දීය කොදෙව්වන් 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දිනා ගත්තේය

සංඛ්‍යා දත්ත

වැඩිම ලකුණු ලාභීන්
තරග ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු
4 ගෝඩන් ග්‍රිනිච්  බටහිර ඉන්දීය කොදෙව් 253
4 වීව් රිචඩ්ස්  බටහිර ඉන්දීය කොදෙව් 217
5 ග්‍රැහැම් ගුච්  එංගලන්තය 210
4 ග්ලේන් ටර්නර්  නවසීලන්තය 176
4 ජෝන් රයිට්  නවසීලන්තය 166
වැඩිම කඩුළු ලාභීන්
තරග ක්‍රීඩකයා කණ්ඩායම කඩුළු
5 මයික් හෙන්ඩ්‍රික්  එංගලන්තය 10
4 බ්‍රයන් මැක්කේනි  නවසීලන්තය 9
4 අසීෆ් ඉක්බාල්  පකිස්තානය 9
5 ක්‍රිස් ඕල්ඩ්  නවසීලන්තය 9
4 මයිකල් හෝල්ඩිං  බටහිර ඉන්දීය කොදෙව් 8

යොමු කිරීම්

  1. "ICC Trophy 1979 – background". ESPNcricinfo.com. 9 November 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 November 2013.
  2. "Canada fight back to earn Cup place". The Daily Telegraph. 7 June 1979. p. 33.

බාහිර සබැදි

  • Cricket World Cup 1979 from Cricinfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1979 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 1979 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 1979 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?