ගම්පහ

මුල් පිටුව | ගම්පහ

ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 38ක් වන අතර සම්පූර්ණ නාගරික ජනගහණය ( 2011දි ) 9,900 ක් විය.

ගම්පහ
Gampaha
නගරය
නගර මධ්‍යයේ පිහිටුවා තිබූ පැරණි වොලිබෝල් ස්මාරකය.
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයනගර සභාව
 • නගරාධිපතිඑරංග සේනානායක
ජනගහණය(2011)
 • මුළු9,900
වේලා කලාපSLST (UTC+5:30)
තැපැල් කේතය11000
දුරකථන කේතය(න්)033

ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේද ගම්පහට ලගා විය හැක. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි.

නම සෑදුනු ආකාරය

ගම්පහ යන වචනයේ අර්ථය නම් ගම්මාන පහක් යන්නය. ගම්පහ සෑදී ඇති එම ගම්මාන පහ නම් ඉහලගම, පහලගම, මැදගම, අලුත්ගම, සහ පට්ටියගම යි.

සංචාරක ආකර්ෂණ

  • හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය - ශ්‍රී ලංකාවේ රෝපණය කල ප්‍රථම රබර් ගස, 1867 වසරේදී හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලදී නමුදු 1988 වර්ෂයේදී බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් එම රබර් ගස විනාශ වූ අතර එහි ශේෂ කොටස් අදටත් උද්භිද උද්‍යානයේ දැක ගත හැක.
  • හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය - ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටුවා ඇති හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය වර්ථමානයේ ගම්පහ කලාපීය පුරාවිද්‍යා කාර්යාලය ලෙස භාවිතයට ගැනේ.
  • අස්ගිරිය රජ මහා විහාරය - අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස ඇරඹි අස්ගිරිය රජ මහා විහාරය පසුකාලීනව ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේ සංචාරක භික්‍ෂුන් වහන්සේ සඳහා වාසස්ථාන සැළසූ ඓතිහාසික පුදබිමකි.
  • යටවත්ත පුරාණ විහාරය - පහළගම පිහිටි යටවත්ත පුරාණ ටැම්පිට විහාරය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කොට තිබේ.
  • වතුමුල්ල කැටවල අම්බලම - මෙරට පැරණි අම්බලම් අතුරින් එකක් වන වතුමුල්ල කැටවල අම්බලම දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටා තිබේ.

වික්‍රමාරච්චි ආයුර්වේදය

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ගම්පහ බෙහෙත් ශාලාව නමින් ප්‍රසිද්ධ ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන, ආයුර්වේද වෛද්‍යවරයන් සියගණනක් බිහිකල සහ ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය ඇරඹූ, සුප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යාචාර්ය වික්‍රමාරච්චි මහතා විසුවේද ගම්පහය.

යක්කල පිහිටි එතුමන්ගේ ආයුර්වේද මධ්‍යස්ථානය වර්තමානයේදී වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය ලෙස සංවර්ධනය කර ඇත.

නගරයේ පිහිටි පාසැල්

  • බණ්ඩාරනායක විද්‍යාලය
  • රත්නාවලී බාලිකා විද්‍යාලය
  • යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය
  • බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය
  • තක්‍ෂිලා මහා විද්‍යාලය
  • සිරි කුරුස විද්‍යාලය
  • ගෝතමී කණිෂ්ඨ විද්‍යාලය
  • ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය
  • ශ්‍රී චන්ද්‍රජ්‍යෝති විද්‍යාලය
  • හෙනෙගම විද්‍යාලය

මූලාශ්‍ර

  1. District Secretariat Gampaha, http://www.ds.gov.lk/dist_gampaha/english/admin3.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30 
  2. "Gampaha Botanic Garden - Botanic Gardens Conservation International".
  3. "අශ්ව රුවින් නම් ලද අස්ගිරිය". මව්බිම. 2013-01-23. 2015-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= (help)
  4. "Siddhayurveda College AKA The Gampaha Wickramarachchi Ayurveda Institute".
  5. "Siddhayurveda Rasayanushada Samagama".

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්පහ පිළිබඳ තොරතුරු, ගම්පහ යනු කුමක්ද? ගම්පහ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.